(පුෂ්පකුමාර මල්ලවආරච්ච)
රණවිරුවන්ගේ ප්‍රශ්නයකදී වග කියන්නෙත් තමන් බවත් වග වෙන්නෙත් තමන් බවත් රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොන්ඩුවකට බෙල්ල තියන්න ලෑස්තිව සිටින බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (29) දිවුලපිටියේදී පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේ පැවති ජන රැළියකදීය.
ප්‍රතිවාදියාට විවාදයකට අභියෝග කලාම අහල පහළ ඉන්න කුක්කෝ උත්තර දෙනවා. මට පොහොට්ටුවේ කුක්කන්ගේ උත්තර අවශ්‍ය නැහැ. ප්‍රතිවාදියාට තනිවම බැරිනම් කිහිලිකරු, හැරමිටි අරගෙන තවත් බයනම් ජනාධිපති අයියා ඇතුලු පවුල් අයත් එක්ක ඕනෑම තැනකට එන්න මම විවාදයකට තනිවම එන්න සූදානම් යැයිද සජිත් පේමදාස මහතා කීය.
රටේ ආරක්ෂාව වගේම නීතිය හා සාමයත් පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට බාරදෙන බවත් ජනාධිපති රණසිංහ මහතා ‘සත්‍ය කවදා හෝ ජය ගන්නා බව ප්‍රකාශ කළ අන්දමට වසර දහයක් තිස්සේ රාජපක්ෂ පවුල සතු කරගෙන තිබූ යුද ජයග්‍රහණය වසර දහයකට පස්සේ යුද්ධය දිනුවේ හමුදාපති නිසා බව තමන්ගේ ප්‍රතිවාදියා ප්‍රකාශ කිරීම සතුටට කරුණක් බවත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘‘රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොන්ඩුවකට බෙල්ල තියන්න ලෑස්තියි‘‘
Raveendra Wednesday, 30 October 2019 02:03 AM
අපරාදේ කියන්න බැහැ... ගැලරියටන් මෙයාගේ කතාව මරේ මාරු.. නැගලා යනවා. නූගතුන්, මන්ද බුද්ධිකයින් අපේ රට පාලනය කිරීමට රටේ බලය ගැනීමටනේ පොරකන්නේ..
Gamarala Wednesday, 30 October 2019 02:11 AM
ටොක්කක් කෑවත් රත්තරන් මුද්දක් දාපු අතකින් ටොක්ක කන්න කියලා තියනවනේ. වරදවා හිතන්න එපා.. කතා නොකරන දේවල් ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් කෙනෙකුගේ මානසික මට්ටමේ තත්වය කුමක්ද යන්න සියලුම කාන්තාවන් දැනගන්නවා නොඅනුමානයි. කාන්තාවන් අපහසුතාවයට පත් නොකර රට ගැන වැදගත් දෙයක් කිව්වොත් තමයි නියම රාජ්‍යපාලකයා වෙන්නේ...
Senarath Wednesday, 30 October 2019 04:43 AM
යූ.එන්.පී මන්ත්‍රීවරු ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්, අලිමංකඩ යනවා කියලා යන්නේ පාමංකඩ, තොප්පිගල කියන්නේ කැලෑවක්" වැනි කතා කියල රණවිරුවන්ගේ මානසිකත්වය බිඳ දමන්න හැදුව කාලේ මෙයා කොහෙද හිටියේ? ඒ වගේම රණවිරුවෝ දහස් ගණනක් යාපනය කොටුවේ හිරවෙලා කොටි අතින් මැරුම් කන්න නියමිතව හිටපු කාලේ මොනවද මෙයා කළේ ? මැරුණු රත්වත්තේ මහත්තයා නොහිටින්න ඒ රණවිරුවෝ මැරුම් කනවා. මෙයාවත් මෙයාගේ වෙල් විදානේවත් එදා මොනවත් කළාද? වැටුප් ඉල්ලා කරපු උද්ඝෝෂණයට මෙයා කිසිම දෙයක් කළාද ? එයට කැබිනට් අනුමැතියත් ලැබිලා. මෙයාගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවන ඇමතිට කියලා ඒක කරන්න බැරිනම් මෙයා දෙන දහසක් පොරොන්දුත් පොරොන්දු විතරක්ම වේවි.