(නිමල කොඩිතුවක්කු)
ගෑස්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල 2015 ට වඩා අඩුවෙන් තිබියදීත් රාජපක්ෂවරුන් ජීවන වියදම සහ ආර්ථිකය ගැන කිඹුල් කදුළු හෙළමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරය රඳා පවතින්නේ බොරුවෙන් සහ මිත්‍යාවෙන් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා නිදහසින් පසු කිසිඳු ආණ්ඩුවක් වැඩි නොකල ආකාරයෙන් වැටුප් සහ දීමනා ඉහළ නංවා ජීවන වියදම පහළ මට්ටමකට ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට හැකිවූ බවත් සඳහන් කළේය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද කීවේය.
‘‘පසුගිය දින කිහිපයේදීම පොහොට්ටුවෙන් රූපවාහිණි දැන්වීම් පළ කරමින් සහ හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශවලින් අද රටේ ජනතාව දරාගත නොහැකි ජීවන මට්ටමකින් පෙලෙන බවට ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන්න හදනවා.
පොහොට්ටුවේ පිරිස් මාධ්‍ය මගින් මොන බොරු කිව්වත් සත්‍ය සහ යතාර්ථය තියෙන්නේ අපේ පැත්තෙයි. මහින්ද රාජපක්ෂ රජය සමයේදී වාර්ථාවක් තබමින් උද්ධමනය සියයට 22.6 දක්වා වැඩිවුණා. අද මේ වනවිට ලංකාවේ උද්ධමනය සියයට 4.1ක මට්ටමක පවතිනවා. ඇත්ත වශයෙන්ම මේ කලාපයේම අඩුම උද්ධමනයක් තියෙන රට බවට අද ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
බඩුමිල වැඩියි. ජීවන වියදම වැඩි කියමින් පොහොට්ටුවේ පිරිස් අද අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටිනවා. සම්බා හාල් 2014 දී 84යි දැන් 90යි, රතු කැකුළු එදා 75යි අද 85යි. හාල්මැස්සන් කිලෝව එදා 580යි අද 600 යි. පරිප්පු එදා 162යි අද 120යි.
ගෘහස්ථ ගෑස් මිල එදා රුපියල් 2146 ට තියෙද්දි තමයි බන්දුල ගුණවර්ධන මහතා රුපියල් 2500 කට පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියලා එදා ප්‍රකාශ කළේ. අද ගෑස් මිළ 1493යි. මෑතකදීත් ගෑස් මිල තවත් රුපියල් 241 කින් අඩු වුණා
ඒ වගේම මිල සූත්‍රය මම හඳුන්වාදෙද්දී ඔක්කොම එකතුවෙලා මට බැන්නා. මිල සූත්‍රය හඳුන්වාදීමෙන් එක පැත්තකින් රජයට සිදු වූ අලාභය යම් මට්ටමකින් අවම කර ගැනීමට පුලුවන් වුණ ගමන්ම අදටත් මහින්ද රාජපක්ෂට වඩා අඩුවෙන් ඉන්ධන ලබා දෙන්න අපිට පුලුවන් වෙලා තියෙනවා.
එදා ජනතාව භූමිතෙල් සහනාධාරය ඉල්ලනකොට වෙඩි තියපු ආණ්ඩුවක් තමයි දැන් මේ බඩු මිල ගැන කිඹුල් කදුළු හෙළන්නේ.
මේ රටේ වැටුප් සහ දීමනා නිදහසින් පසු කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයෙන් අපි වැඩි කරලා තියෙනවා. 2015 පළමු දින සීයේදී අපි රුපියල් දහදාහක මාසික දීමනාවක් ලබා දීලා විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3500 කින් වැඩි කරලා තමයි අපේ ආණ්ඩුව ගමන පටන් ගත්තේ.
අද වනවිට විශ්‍රාමික වැටුප දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. රජයේ සේවකයන්ගේ වැටුප මේ වනවිට සියයට 107 කින් වැඩිවෙලා තියෙනවා.
මේ තරම් වැටුප් හා දීමනා වැඩිකල ආණ්ඩුවක් රටේ තිබුණනම් කරුණු සහිතව අපිට පෙන්වන්න කියලා මම අභියෝග කරනවා. ආරක්ෂක අංශ පොලිස් නිලධාරීන්ටත් අපි විශාල වශයෙන් වැටුප් වැඩි කරලා තියෙනවා.
ඒ වගේම මෙයට අමතරව පොලිස්පතිවරයාගේ ඉල්ලිම පරිදි පොලිස් නිලධාරීන්ගේ දීමනාව පමණක් දින 20කින් වැඩි කරන්නත් අපි තීන්දු කරලා තියෙනවා.
ඔය පොහොට්ටුවේ ඉන්න පිරිස අවුරුදු 10ක් හමුදාව විකුණගෙන කෑවා. යුද්ධයෙන් පස්සේ හමුදාව පෙන්න පෙන්න තමන්ගේ පවුල ස්ථාවර කරගත්තා. අන්තිමට හමුදාව කුලී සේවකයන් බවට පත් කරගත්තා. නමුත් ඒ අයට හමුදාව දිහා බලන්න අමතක වුණා. දැන් රණවිරුවන් ගැනත් කිඹුල් කදුළු හෙළනවා.
මේ විදියට උද්ධමනය අවම කරලා අනික් පැත්තෙන් ජනතාවට ලබාදෙන දීමනා වැඩිකරගෙන අපි ඇත්ත වශයෙන්ම මේ රට තුළ කවදාවත් නොකෙරුණු සංවර්ධනයකුත් කරලා තියෙනවා.
අද රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරය රඳා පවතින්නේ බොරුවෙන් සහ මිත්‍යාවෙන් පමණයි. මේ අයගේ බොරුවලට දැන්වීම් වලට රැවටන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප්රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘‘රාජපක්ෂවරු ආර්ථිකය ගැන කිඹුල් කදුළු හෙළනවා‘‘
nayana Tuesday, 15 October 2019 02:51 AM
සා.පෙළ අසමත් අපේක්ෂකයාට ඉන්න මුදල් ඇමති තුමා ආර්ථික විද්‍යාව ගැන මුකුත් ම දන්නේ නැති කෙනෙක්. අඩුම ගණනේ ළගදි නිකුත් කල ලෝක බැංකු වාර්තාවත් කියවල නැහැ. අපේ ආර්ථික වර්ධන වේගය 2014 දී 6.7 % අද 1.6%. මේ ආණ්ඩුව හිටියොත් සහ තවත් බෝම්බ නොපිරුනොත් එහි උපරිම වර්දනය 2025 දී 3.5%. ලෝකයේ 4 වන දුප්පත් රට කියපු බංග්ලාදේශය 8% කින් වර්ධනය වන විට අපි ඉන්නේ ඇෆ්ගනිස්තානේ ළඟ.
upali Tuesday, 15 October 2019 05:01 AM
මගුල් ගෙදෙර ගිහිල්ලා කේක් කනකොට ඕක කියන්න අමතක උනාද ?