X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


’2020 ත් ජාතික ආණ්ඩුවක් දිනවීමට බලාපොරොත්තු වෙනවා ’

(ඩයනා උදයංගනී)

වත්මන් ජාතික ආණ්ඩුව 2020 දක්වා ඉදිරියට ගෙනයාමට මෙන්ම 2020 මැතිවරණයේදීත් ජාතික ආණ්ඩුවක් දිනවීමට එක්සත් ජාතික පක්‍ෂය බලාපොරොත්තු වන බවත්, සියලූ දේශපාලන පක්‍ෂ එකතු කරගනිමින් ජනතාවට ජයග‍්‍රහණයක් ලබාදීම පක්‍ෂයේ බලාපොරොත්තුව බවත්, එම පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (6) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමහරු  ආණ්ඩුවෙන් ඉවත් වන බව කියන්නේ ඇමතිකමක් ගෙන වාසි ගැනීමට උත්සාහ කළත් එසේ කළ නොහැකි වූ නිසා බව ද මහ ලේකම්වරයා කීවේය.

ඇමතිකමෙන් වාසි ලැබිය නොහැකි විට දේශපාලන වාසි ඇති පැත්තට යන්නට ඔවුන් උත්සාහ කරනවා විය හැකි බව ද කබීර් හෂීම් මහතා කීවේය.
එ.ජා.ප මහලේකම්වරයා මේ බව පැවසුවේ ‘සිරිකොත’ පක්‍ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන්, ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කරන ප‍්‍රකාශ එක්සත් ජාතික පක්‍ෂයේ මතය නොවන බව ද අමාත්‍ය කබීර් හෂීම් මහතා එහිදී පැවසීය.
 



අදහස් (1)

’2020 ත් ජාතික ආණ්ඩුවක් දිනවීමට බලාපොරොත්තු වෙනවා ’

B.L.Ramanayake Thursday, 07 September 2017 05:39 AM

මේ ආණ්ඩුවට ගෙනයන වැඩපිළිවෙල ලෝක ප්‍රජාවගේ පැසසුමට ලක්වෙමින් ඉදිරියට යනවා. රාජපක්ෂ පවුල සහ ඔවුන් වටේ එක්වෙලා බෙලමෙහෙවරකම් කරමින් පුළු පලුවන් විදියට හොරකම් කරපු කණඩායමේ කොටසක් හිරේ යාවි .කොටසක් නන්නත්තාර වේවි. දැනට පුහු ගොස කරන ජනතාව නොමගයවන කපටි සහ මෝඩ පිරිස 2020 වනවිට හොයාගන්නත් බැරිවෙනවා. එවිට දැනට නොමගගිය ජනතාවට යථාර්තය අවබෝදවෙවී. 2020 දීත් මේ රජය එදිරියට යාම වලක්වන්න කාටවත් පුළුවන්කමක් නැහැ .2020 පිහිටුවන රජය ලෝක රජ්ජයන්ට ආදර්ශයක් වන බව මෙහි සටහන් කර තබන්න පුළුවන් නිර්බයව.

:       28       95

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site