X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


’ඡන්දය දිනාගන්න මුළුරටම එකමිටකට පෙළගැසිය යුතුයි’

(නාලක සංජීව දහනායක)

මැතිවරණ පවත්වන ක‍්‍රමය කුමක් වුවත් මිනිසුන්ට මේ මොහොතේ දී මැතිවරණ අවශ්‍යව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (17) පැවසීය.

එබැවින් මැතිවරණ දිනා ගැනීම ස`දහා මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතු යැයි ද කීය.

බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී, ඒකාබද්ධ විපක්‍ෂ විසින් ඊයේ (17) පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මෙසේ ද පැවසීය:

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පනත සම්මතවීමත් සමඟම මැතිවරණ කල් දැමීමට අමාත්‍යවරයාට හා ආණ්ඩුවට තිබූ බලය අහෝසි වෙනවා. මැතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙනවා. එමෙන්ම 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගෙන ඒමටත් ආණ්ඩුව සූදානම් වෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ප‍්‍රතික්ශේප කළා. එහෙත් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා අනුමැතිය සඳහා යොමුකරන බව කැබිනටි ප‍්‍රකාශකවරයා සඳහන් කළා. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු පළාත් පාලන මැතිවරණ හකුළා දැමීමේ ඊළඟ පියවරයි. මැතිවරණ කල් දැමීමට එරෙහිව එදා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය අධිකරණයට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිහාසය එයයි. ඒ නිසා පක්‍ෂයේ උත්පත්තිය සිදුවූ සැප්තැම්බර් දෙවැනි දා මැතිවරණ සිතියම හකුළා දැමීමට එරෙහිව හඬ නැඟීමට හොඳම දවසයි. ක‍්‍රමය නෙවෙයි වැදගත් මිනිස්සුන්ට මැතිවරණ අවශ්‍යයි. ඒ නිසා මැතිවරණ දිනා ගැනීමට මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතුයි.      

පසුගිය සතියේදී මෙරට දේශපාලනයේ රවී නීච වුණා. ඒ සමගම යම් දේශපාලනයේ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වුණා. අපට හිතෙන හැටියට මීට දෙවසරකට පෙර අගෝස්තු මාසයේ 17 වැනිදාවක දී ලාංකීය දේශපාලනයට සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා. එම මැතිවරණයට පැය හැත්තෑ දෙකකට පෙර මැතිවරණ ප‍්‍රථිඵලයට බලපෑම් කිරීම සඳහා පක්‍ෂයේ මහලේකම්වරුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් කරනවා. ඒ නිසා මැතිවරණ ප‍්‍රතිඵල කෘතී‍්‍රමයි. ඒ වගේම ඡුන්දයෙන් ප‍්‍රතික්ෂේප වූ අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළා. අද සෑම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසිදෙනෙක්ගෙන් එක අයෙක් පැරදුණ මන්ත‍්‍රීවරයෙක්. ඒ පාර්ලිමේන්තුව රටම පරාජයට පත්වන තීන්දු ගන්නවා. මෙය බරපතළ කාරනාවක්.

රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉවත්වීම නව දේශපාලන සංස්කෘතිය ඇරඹුමක් බව ආණ්ඩුව ප‍්‍රකාශ කළා. ඔහු මුදල් ඇමැතිවරයා වශයෙන් පත් කරන විටත් ඔහුට එරෙහිව විනිමය වංචාවක් සම්බන්ධයෙන් නඩුවක් තිබුණා. ඔහු පළමු අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට එන්නේ විනිමය වංචාව සම්බන්ධ නඩුවකට අධිකරණයේ පෙනී ඉඳලයි. එහෙම තමයි මේ ආණ්ඩුවේ යහපාලනය ආරම්භ වෙන්නේ. වර්තමාන ආණ්ඩුව වෛරී දේශපාලනයක නිරතවනවා. රාජපක්‍ෂවරුන්ට විරුද්ධව නඩු ඇසීමට පමණක් වෙනම අධිකරණයක් පිහිටවන්න ආණ්ඩුව සූදානම් වෙන්නේ ඒ නිසයි. එම ක‍්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව තිලක් මාරපන අමාත්‍යවරයාත් ප‍්‍රකාශ කරනවා.

පළාත්  පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව මාතර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක සභාපතිවරුන් අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුව අහල ඉවර වෙලා මාස තුනයි. තවමත් තීන්දුව ප‍්‍රකාශයට පත් කර නැහැ. එෆ්.සී.අයි.ඞී ආයතනය නීතිවිරෝධී බව සඳහන් කරමින් ඇල්ලේ ගුණවංශ හිමියන් ප‍්‍රමුඛ සිවිල් සංවිධාන අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුවත් අහල ඉවරයි. මේ වනතුරුත් තීන්දුව ප‍්‍රකාශයට පත් කර නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ගැනත් සාකච්ඡා කරනවා නම් ඉතාම වටිනවා. අධිකරණයත් සමඟ කරන්න සූදානම් වන ක‍්‍රීඩාව වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

අධිකරණයත් සමඟ හැප්පුණු කිසිම ආණ්ඩුවක් නිරවුල් ගමනක් ගිහිල්ලා නැහැ. ෆීල්ඞ් මාර්ෂල් ඇඳුම අන්දලා ඉතිහාසයේ පළමුවතාවට හමුදා නිලධාරියෙක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ වගේ අවශ්‍යනම් රාජිත සේනාරත්න මහතා හෝ වෙනත් කවුරු හෝ අගවිනිසුරු වශයෙන් පත්කරගෙන ඍජුව පළිගැනීමේ ක‍්‍රියාවලියට අවතීර්ණ වෙන්න. එය වෙනම කතාවක්. යහපාලන මුද්‍රාව ඉදිරියෙන් තබාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව උදේ හවස කතා කරමින් මේ ගෙන යන වැඩ පිළිවෙළ කරුණාකරලා නවත්වන්න.

මීට පෙර හිටපු නීතිපති යුවන්ජන් විජේරත්න මහතාගේ ආත්ම ගරුත්වය සි`දලමින් රජයේ අමාත්‍යවරුන් නොයෙකුත් ප‍්‍රකාශ කළා. එතුමා ධූරයෙන් ඉවත් වුණාම පත්වෙන්නේ සුදුසුකම් ලැයිස්තුවේ ඊළඟට හිටපු කෙනා නෙවෙයි. මේ ආණ්ඩුව යන්න හදන්නේ කොතැනට ද? හිටපු විදේශ අමාත්‍යවරයා ජනාධිපති කොමිසමට කැඳවන්නේ සාක්ක්‍ෂිකරුවෙක් වශයෙනුයි. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කතාබහක් ගොඩනැගෙන්නේ ඔහු කොමිසමේ දී ලබාදුන් සාක්‍ෂි අනුවයි. හැබැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් කෙළින්ම රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනවා. ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක් ඔප්පුවෙලා නැහැ.

එමෙන්ම විජයදාස රාජපක්‍ෂ මහතාට කිසිම වංචනික චෝදනා, අපචාර පිළිබඳව හෝ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් නැහැ. එහෙත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමේ එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල යෝජනාවට අපිට වග කියන්න බැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයාට එරෙහිව යුද වැදුණු මොහොතේ සිට විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහි කැරැල්ල නිර්මාණය වුණා. එම නියෝජිතයාගේ සාක්ක්‍ෂි පදනම් විරහිත බවට අධිකරණ අමාත්‍යවරයා කළ ප‍්‍රකාශයත් සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කැළඹිල්ලට පත්වුණා.

ඊළඟට ඔහු හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශත් මෙයට පදනම් වුණා. අමාත්‍ය භූමිකාවට වඩා තමන්ගේ හෘද සාක්‍ෂිය ඔහු හැමවිටම ඉහළින් තබනවා. ඔහු එදා අපිට විරුද්ධව දැවැන්ත ප‍්‍රහාර එල්ල කළා. අද ඔහුට එරෙහිව අවි ඔසවන බොහො දෙනා  එදා මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්න ආවා. ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණොත් අපි ඒ කරුණු දිහා බලාගෙන ඉන්නවා යැයි පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මේ රටේ ජනතාව නව රජයක් පත් කර ගැනීමේ කි‍්‍රයාමාර්ගයට දායක වී අදට වසර දෙකක් සපිරෙනවා. ඒ මැතිවරණයේ දී ජනතාව කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබාදුන්නේ නැහැ. අගමැතිකම තියාගෙනත් රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීධූර 113ක බලයක් ලබා ගන්න බැරි වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව මාස හතක් ඇතුළත දී මහාමැතිවරණයෙන් කරට කර ප‍්‍රතිඵලයක් දීමට බුලත් කොළයට හැකි වුණා.

ඡන්ද දායකයන් දුන් ජන වරමට අත නොතබන බවට දිවුරා පොරොන්දු වුණු එජාපය වසර දෙකක් තිස්සේ මේරටේ පළාත් පාලන මැතිවරණය පවත්වා නැහැ. දැන් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ පළාත් සභා මැතිවරණයත් කල් දාන්න. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විසිරෙන නැගෙනහිර, උතුරු මැද, සබරගමු පළාත් සභා තුන කල් දැමීමේ පනත් කෙටුම් පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් නිසා ඒකාබද්ධ විපක්ෂය එය ප‍්‍රතික්ෂේප කරනවා. අපි මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ වසර දෙක තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම ගේන්න මේ ආණ්ඩුව කටයුතු කළා. අපි ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ගේන්න කැප වෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැප වුණු ශිෂ්‍ය ව්‍යාපාරය, ආචාර්යවරු මහාචාර්යවරු සමග ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදි සාකච්ඡාවක් මේවනතුරු පවත්වා නැහැ. වැඩ වර්ජනයේ යෙදුණු අයට මැර බලයෙන් පහර දෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ප‍්‍රශ්නය විසදාගැනීම වෙනුවට එජාපයේ මැරබලය යොදාගන්නවා. කිසිම හිංසාවක් කිරීමේ බලයක් කිසිවකුටත් නැහැ. අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙන්නේ පොලීසියට පමණයි.

සිරිකොත මන්දිරයට ලංකාවේ අධිකරණ බලය පවරා නැහැ. පොලිස් බලය පවරා නැහැ. අද වෙනතුරු මේ වැඩකරන කි‍්‍රයාකාරී වර්ජකයන්ට පහරදුන් පිරිස් අත්අඩංගුවට ගෙන නැහැ. සමාජ වෙබ් අඩවියේ පොලිස්පතිතුමාගේ පින්තූරයක් යනවා. මේ ගැන පොලිස්පති තවම ප‍්‍රකාශයක් කරලා නැහැ.

මේ වනතුරු ස්වභාවික ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන නැහැ. ආර්ථික කළමනාකරණයේ අසාර්ථක මොවුන්ට තිබෙන එකම වැඩපිළවෙළ විදේශිකයන්ට රටේ දේපොළ විකිණිමයි. සෑම ක්ෂේත‍්‍රයකම ප‍්‍රශ්න ඇති වෙලා. ආර්ථික වංචාවන් ඉදිරියේ අදෝනා නැගීමක් මූල්‍යම හා නීතිමය ක්ෂේත‍්‍රයේ ඇතිවෙලා. විදේශ ඇමැති විශ්වාසභංගයක් ගෙනාවම අස්වුණා. ගෙදර ගියෙත් නැහැ. පිටුපසට ගියේ. මේ බරපතළ තත්ත්වයන් තුළ රජය ජනතා ප‍්‍රශ්න විසඳීමට අපොහොසත්. හෙට දිනයේ සාමකාමී විරෝධතාවක් කොළඹ නගරයේදී පවත්වනාව. එයට එක්වන්නැයි අපි ආරාධනා කරනවා.

මේ වන විට බරපතළ පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. බද්දෙන් නිදහස් කර තිබුණු කොට්ඨාස 46කට බදු පැනවීම හා පවතින බදු වැඩිකරන  දේශීය ආදායම් පනත පිටරටදී සකසා කැබිනට් මණ්ඩලය අනුමත කර සම්මත කර ගැනීමේ උත්සාහයට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි.

පන්සලේ, පල්ලියේ, කෝවිලේ මුස්ලිම් දේවස්ථානවලින් නිදහස් කළ බදු සිට ඈත එපිට ගොවියාගේ සිට විදේශ විනිමය උපයා එන අයටත් බදු පනවන්න යන්නේ. මේ රටෙන් මුදල් උපයාගෙන යන අය බද්දෙන් නිදහස් කරන මේ වැඩ පිළිවෙළ අපි අනුමත කරන්නේ නැහැ.

ඒ‍ වගේම පළාත් පාලන ආයතන පනත් කෙටුම්පත සම්මත කරන්න සුදානම්ව තිබිය දී සංශෝධන රාශියක් කරන්න තියෙන බව රජය කියනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග අනුවයි නීති සම්මත කළ යුත්තේ. එහෙත් ඊට පටහැනිව මෙම සංශෝධන ගේන්න ආණ්ඩුව උත්සාහ දරනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.ඇල් පිරිස් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.



අදහස් (4)

’ඡන්දය දිනාගන්න මුළුරටම එකමිටකට පෙළගැසිය යුතුයි’

rohana Friday, 18 August 2017 06:58 AM

මැතිවරණයේ දී දුෂිත මහජන දේපොළ මංකොල්ල කන දෙපැත්තම පන්නා දැමීමට ජනතාව එකමිටකට පෙළගැසිය යුතුයි

:       0       82

rocky Friday, 18 August 2017 02:36 PM

ලැජ්ජා නැතුව දැන් සුදනෝ වෙන්න හදනවා! ඔහේලට අමතක වුණාට අපිට අමතක වෙන්නේ නැහැ. ඔහෙලා කට්ටියම රට විනාස කළ හැටි. මේ පරපෝෂිත හොරු දෙගොල්ලෝම පන්නා දැමීමට ජනතාව පෙළ ගැසිය යුතුයි!

:       85       42

sunil Friday, 18 August 2017 03:04 PM

මෙයා කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තට එන්න කියාලද ඡන්ද දිනන්න? අනේ උන්නැහේ අපි තවම මැරිලා ඉපදිලා නැහැනේ?

:       52       27

siva Saturday, 19 August 2017 06:39 AM

ලෝකයේ කොහෙවත් කොට මින්ස්සු ගණන් ගන්නේ නැහැ , මෙයත් එක්කෙනෙක්

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site