(අංජුල මහික වීරරත්න)
බඩු මිල අඩු කර, වැටුප් වැඩි කරමින්, රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අරලිගහ මන්දිරයේදී ඊයේ (29) පැවැසීය.
යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප‍්‍රගතිය 2020 වන විට දැක ගැනීමට හැකියාව ලැබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය බර නැති ශීඝ‍්‍රයෙන් දියුණුවන රටක් අනාගත පරපුරට උරුම කර දෙන බවද අනාවරණය කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවසූයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ගමින් ගමට - දොරින් දොරට සැමට සෙවණ විසිර නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍ය ආධාර චෙක්පත් ප‍්‍රදානය කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාස ලාභීන් 1100 ක් සඳහා මේ යටතේ විසිරි නිවාස ණය පිරිනැමීම සිදු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
මෙම නිවාස වැඩසටහන යටතේ සැමට සෙවණ විසිරි නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ විශාල පිරිසකට අද නිවාස ඉදිකර ගැනීම සඳහා උපකාර කරනවා. මෙය සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමාගේ විශේෂ වැඩසටහනක් බව කිව යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියාණන් වන රණසිංහ පේ‍්‍රමදාස මහතා මෙරට නිවාස අමාත්‍යවරයා ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ලෙසත් නිවාස ඉදිකිරීමේ වැඩසටහන්, උදාගම් ව්‍යාපාරය, ගම්උදාව ආරම්භ කළා. ඒ වනතුරු මෙරට නිවාස ක්‍ෂේත‍්‍රයෙන් අප බලාපොරොත්තු වූ ප‍්‍රගතිය දක්නට ලැබුණේ නැහැ.
රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමන්ගේ අත්දැකීම් ද ලබාගෙන සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා දැන් නිවාස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ සඳහා නියෝජ්‍ය ඇමැතිතුමා ඇතුළු අදාළ ආයතනවල සහයෝගය ලැබෙනවා. මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මා විශේෂ ප‍්‍රශංසාවක් පළ කිරීමට කැමැතියි.
මේ වනවිට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට ආධාර උපකාර කර තියෙනවා. එකල අමාත්‍යංශය විසින් නිවාස ඉදිකිරීම් බාරගත්තා. ඒත් ඊට වඩා අඩු වියදමකින් ලාබදායී ආකාරයට ඉදිකර ගැනීම සඳහා අප නිවාස හිමියන්ට මූල්‍ය සහ ද්‍රව්‍ය ආධාර උපකාර ලබා දෙනවා. අද මේ වැඩසටහන් සාර්ථකව කි‍්‍රයාත්මක වන්නේ මේ ක‍්‍රමය අනුවයි.
නිවාස යනු ජනතාවගේ මූලික අවශ්‍යතාවක්. තම නමට නිවසක අයිතිය ලබාගැනීම සියලූම දෙනාගේ සිහිනයක් බව කිව යුතුයි. තමන්ගේ නිවසක ජීවත්වීම මෙන්ම තම දරුවන්ට ද නිවසක අයිතිය ලබාදීම සැමගේම සිහිනයක් වී තිබෙනවා.
වර්තමානයේදී ජනතාව වෙනුවෙන් නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට හැකියාව ලැබී ඇත්තේ ඒ සඳහා මූල්‍ය සම්පත් වෙන්කර ගැනීමට හැකියාව ලැබී තිබෙන නිසයි. සම්පූර්ණයෙන්ම රුපියල් කෝටි 2200 ක් පමණ නිවාස ඉදිකිරීම් සඳහා වියදම් කිරීමට හැකිවී තිබෙනවා. මෙය අප අරඹා ඇත්තේ විශාල කාර්යභාරයක් බව කිව යුතුයි.
ගංවතුර සහ නාය යෑම නිසා නිවාස අහිමිවූවන් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන්වලට සහභාගීවීමට පසුගිය දිනවල මට අවස්ථාව ලැබුණා. එමෙන්ම ඇල්පිටිය ප‍්‍රදේශයේදී ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගීවීමටත් අවස්ථාව ලැබුණා. ඒ අයුරින්ම උතුරේ නිවාස, වතුකරයේ නිවාස, ග‍්‍රාමීය නිවාස වැඩසටහන් සඳහා ද ආධාර උපකාර ලබාදීමට හැකිවුණා. සෑම දෙනා සඳහාම නිවාස ලබාදීමට ප‍්‍රාග්ධනයක් අවශ්‍යයි. අපේ එක් අරමුණක් වන්නේ එම ප‍්‍රාග්ධනය ලබාදීමයි. ආණ්ඩුව ප‍්‍රාග්ධනය ලබාදුන් පසුව ජනතාවගේ දහඩිය මහන්සිය යොදා නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබෙනවා. අපේ විශාල අවශ්‍යතාවක් තිබුණේ අඩු ආදායම්ලාභීන් සඳහා ප‍්‍රාග්ධනය ලබාදීමයි. අප මේ වර්තමානයේදී ක‍්‍රියාත්මක කරන්නේ ඒ කාරණයයි.
වර්තමානයේදී ආණ්ඩුවක් ලෙස අපට ආඩම්බර විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා කියූ ආකාරයට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අප බාරගනිද්දී ලංකාව පුරා කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි යන කාරණය වත් දැනගෙන සිටියේ නැහැ. කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි එහිදී අප සාකච්ඡුා කළා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුල් යුගයේදී අපට උරුම වී තිබුණේ ණය කන්දරාවක් පමණයි.
වත්මන් පරම්පරාවට පමණක් නොව ඊළඟ පරම්පරාවටත් රාජපක්‍ෂ රජය විසින් ණය කන්දරාවක් උරුම කර දී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට රට ඇද වැටී තිබුණා. එම ණය ගෙවා දැමීමට නොහැකි බව දැනගත් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වූවා. මේ ආණ්ඩුව ණය අර්බුදය හේතුවෙන් කඩා වැටේවි යැයි ඇතැම් අය කල්පනා කළා. ඒත් ණය අර්බුදය හේතුවෙන් ආණ්ඩුවෙන් වැටෙන්නට නොදෙන බව අපි එදා තීරණ කර තිබුණා. අපි එම අභියෝගය බාර ගනිමින් එකට එකතු වී ණය අර්බුදයට විසඳුම් සොයා ගත්තා. එදා රටේ ජාතික ආදායම ණය ගෙවීමට වත් ප‍්‍රමාණවත් වුණේ නැහැ.
එදා පැවැති ආණ්ඩුව ආදායම් සොයා ගත්තේ තෙල් මිල වැඩි කර ලබාගත් ලාබයෙනුයි. ඒත් අප තෙල් මිල ලෝක වෙළෙඳපොළේ මට්ටමට අඩු කිරීමට පියවර ගත්තා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වුණොත් රටේ තෙල් මිල අඩු කිරීමටත්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියහොත් රටේ තෙල් මිල වැඩි කිරීමටත් අප තීරණය කළා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. ඒ වගේම මේ වනවිට ආදායමත් වැඩි කර තිබෙනවා. එසේ නම් බඩු මිල අඩුකර වැටුප් වැඩි කරමින් රටේ ජනතාවගේ ආදායම් ඉහළ දැමූ එකම ආණ්ඩුව අපේ ආණ්ඩුවයි. අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරිමයි. රටේ ආර්ථිකය ප‍්‍රමාණවත් නැතිනම් නිවාස ඉදිකළ නොහැකියි.
සජිත් පේ‍්‍රමදාස අමාත්‍යතුමා පැවසූ ආකාරයට අපට ණය, ණය සඳහා පොලිය ආදී ගැටලූ නොතිබුණානම් ඉතා අඩු පොලියක් යටතේ රටේ සියලූම ජනතාවට නිවාස ඉදිකරගැනීම සඳහා ආධාර ලබාදීමට හැකියාව තිබෙනවා. ණය, ණය සඳහා පොලිය ගෙවීම වැනි ගැටලූ තිබියදී පවා ජනතාවට නිවාස ඉදිකර දීම සඳහා අප රුපියල් කෝටි 2200ක මුදලක් වෙන්කර තිබෙනවා. ජනතාවගේ ශ‍්‍රමයෙන් සහ රජයෙන් ආධාර යටතේ නිවාස ඉදිකිරීමේ වැඩසටහන මේ වනවිට ආරම්බ කර තිබෙනවා. එසේ නම් මෙම වසර දෙකහමාර තුළ රටේ ණය බර ගෙවීමට හැකි ආර්ථික තත්ත්වයක් ඇති කළා සේම අනාගතයේ දී ණය බර ගෙවා අවසන් කිරීමට හැකි ශක්තියක් තිබෙන ආර්ථික මට්ටමක් නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුවයි.
අද අපට තිබෙන සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා දැමීමට ශක්තියක් නැහැ. රටේ ජාතික ආදායමෙන් ණය ප‍්‍රමාණයෙන් කොටසක් ගෙවීමට හැකි වුවත්. සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා අවසන් කිරීමට තරම් ප‍්‍රමාණවත් ආදායමක් නැහැ. ඒ සඳහා දැන් විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේ වැඩසටහන ආරම්භ කිරීමට අපට හැකි වී තිබෙන්නේ ආණ්ඩුවේ නිසි ආර්ථික කළමනාකරණය නිසා පමණක් නොව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ අපේ ආණ්ඩුව ලෝකයේ සෑම රටක් සමගම හොඳ සම්බන්ධතාවක් පවත්වාගැනීමත් ඊට හේතුවයි. ඉන්දියාව, ජපානය, චීනය, ඇමෙරිකාව, රුසියාව යන රටවල් සහ යුරෝපා රටවල් සමගත් අප මිත‍්‍රත්වයෙන් කටයුතු කරනවා. ඒ සියලූ රටවල් සමග විශේෂ සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ ආධාර හා උපකාර ලබා ගනිමින් අප ඉදිරියට යනවා.
ඒ අනුව මේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරමින් ආර්ථිකය දියුණු කිරීමට අපට හැකි වී තිබෙනවා. ගැබිනි මව්වරුන්ට ආධාර උපකාර ලබාදීමට අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප‍්‍රමාණය වැඩි කිරීමට අපට හැකිවී තිබෙනවා. ගෝලීය ආර්ථිකයේ ගැටලූ ඇති වී තිබෙන අවධියක අපේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇතිකර ගනිමින් ඉදිරියට යාමට අපට මේ වනවිට හැකිව තිබෙනවා. දැන් අපට තිබෙන්නේ විශාල සංවර්ධනයකට සූදානම් වීමයි. අපේ රටේ ණය ප‍්‍රමාණය අපේ පරම්පරාවේදීම ගෙවා අවසන් කිරීමට අපට හැකි වන්නේ ඒ සංවර්ධනය මගිනුයි.
ආණ්ඩුව පිහිටුවා ගත වූ මේ වසර දෙකහමාර තුළ නව රැකියා සහ ආදායම් මාර්ග ලක්‍ෂ දෙකහමාරකට අධික ප‍්‍රමාණයක් අප ජනතාව වෙනුවෙන් බිහිකර තිබෙනවා. මේ වනවිට රටේ පෞද්ගලික අංශය දියුණුවෙමින් පවතිනවා. ලබන මාසයේදී නව බදු සහන ලබාදුන් පසුව ආර්ථිකය මීටත් වඩා දියුණුවට පත්වේවි. ආයෝජකයන් සඳහා බදු සහන ලබාදුන් පසුව එයින් තවදුරටත් රැුකියා අවස්ථා බිහිවෙනු ඇතැයි අප අපේක්‍ෂා කරනවා.
හම්බන්තොට වරාය ණය බරින් ඉවත් කොට වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් සමාගම එක්වී වරාය ඉදිරියට ගෙනයාම සඳහා හවුල් ව්‍යාපාර අරඹා තිබෙනවා. ඒ තීරණය ජනතාවගේ කරමතින් විශාල බරක් ඉවත් කිරීමක් බව කිව යුතුයි. එමෙන්ම අප ජපානය සමග එකට එක්ව මහනුවර නගරය විශාල සංවර්ධනයකට ලක් කරනවා. කෘෂිකර්මය මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් කරනවා. වයඹ ප‍්‍රදේශය හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන්ද කර්මාන්ත කලාප ඇති කිරීමෙන්ද විශාල දියුණුවක් දැකගන්නට හැකියාව ලැබේවි. කුරුණෑගල නගරය දියුණු කිරීමටත්, සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමටත්. බස්නාහිර පළාතම මහනගරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ගාල්ල, මාතර ප‍්‍රදේශවල ආසියාවේ හොඳම සංචාරක කලාප බිහිකිරීමටත් අප වැඩසටහන් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා.
හම්බන්තොට, මොනරාගල, මාතර ප‍්‍රදේශවල කර්මාන්තකරණය සමග විශාල ආර්ථික දියුණුවක් ඇතිවීමට නියමිතයි. පිබිදුනු පොලොන්නරුව වැඩසටහන යටතේත්, මොරගහකන්ද වැඩසටහන යටතේත් මල්වතු ඔය වැඩසටහන යටතේත් අප විශාල දියුණුවක් අපේක්‍ෂා කරනවා. එමෙන්ම ති‍්‍රකුණාමලය වැඩසටහන තුළින්ද ඒ ප‍්‍රදේශයේ අලූත් විප්ලවයක් බිහිවෙනු ඇතැයි අප අපේක්‍ෂා කරනවා.
අප මෙම අභියෝගය බාරගත්තේ විශාල බරක් උරමත තබාගෙනයි. ඒත් ණය බර තිබෙනවා යැයි කියා අප නිවාස ඉදිකිරීම් කටයුතු නතර කළේ නැහැ. වර්තමානයේදී ඒ කි‍්‍රයාවලිය තවත් වර්ධනය කොට ජනතාවට නිවාස අයිතිය ලබාදීමට, ඉඩම් අයිතිය ලබාදීමට අධ්‍යාපනය ලබාදීමට වන අයිතිවාසිකම් තවත් පුළුල් කිරීමට ජනතාවගේ ආදායම වැඩිකිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා ඔබේ සම්පූර්ණ සහයෝගය අපේක්ෂා කරනවා.
නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:-
මේ මන්දිරය කාලයක් භාවිතා වූයේ එක කණ්ඩායමක පැවැත්ම වෙනුවෙන්. අද ඔබ දහස් ගණනක් මෙහි පැමිණ සිටිනවා.
අප අන්ත අසරණ පවුල් සඳහා රුපියල් ලක්ෂ 42 ක නිවෙසක් පරිත්‍යාග කරනවා. මලල ක‍්‍රීඩා ක්්ෂේත‍්‍රයේ ක‍්‍රීඩිකාවන් තිදෙනකු සඳහා රුපියල් ලක්ෂ 42 බැගින් වන නිවාස 22 ක් දෙනවා. පවුල් 1100 ක් සඳහා රුපියල් ලක්ෂ 1100 ක් වැයකොට අසම්පූර්ණ නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා මූල්‍ය පරිත්‍යාග කරනවා.
යහපාලන රජය නිවාස ක්ෂේත‍්‍රයේ යෝධ සංවර්ධන හිමි පිමි ගණනාවක් ඉදිරියට තබා තිබෙනවා. ජනපති සහ අගමැති අපට හැමවිටම උපදෙස් දෙන්නේ කරන දේ හරියට පිරිසුදුව කරන ලෙසයි. ඔබට දෙන අරමුදල් කාගෙවත් පෞද්ගලික මුදල් නොව මහජනතාවගේ සම්පත් බව ඔවුන් හැමවිටම උපදෙස් ලබා දෙනවා. අප හැමවිටම කටයුතු කරන්නේ ජනතාවගේ උන්නතිය සඳහායි.
අගමැතිතුමන් හැමවිටම නිවාස ඉදිකිරීම් සඳහා සුවිශේෂී උනන්දුවක් දක්වනවා. 2020 වනවිට මෙරට උදාගම්මාන 2500 ක් ඉදිකිරීම අපේ අරමුණයි. උතුරු පළාතින්ද දැවැන්ත නිවාස වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.
අගමැතිතුමාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම සමරමින් රටපුරා උදාගම්මාන 40 ක් අරඹා තිබෙනවා.
රණවිරුවන් සඳහා විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. අපගේ ව්‍යාපෘති තුළින් මෙරට නිවාස අවශ්‍යතාව හඳුනාගෙන තියෙනවා.
මෙරට ලක්ෂ 25 කට නිවාස ප‍්‍රශ්නය තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා. මුළු රටම ණය බරින් පීඩාවට පත් කර පසුගිය සමයේ මහා පරිමාණ ව්‍යාපෘති ඇරඹුණා. මේ සුදු අලි ව්‍යාපෘති නොතිබුණා නම් ඒ මුදල් ද නිවාස ප‍්‍රශ්නය විසඳීම වෙනුවෙන් යෙදවීමට හැකියාව තිබෙනවා.
සොඳුරු පියස ණය වැඩසටහන තුළින් කොළඹ පවුල් 5000 කට ආධාර උපකාර කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ප‍්‍රගතිශීලී, ජනහිතකාමී අමාත්‍යංශයක් බව කිවයුතුයි. රජයේ අරමුණ සැමට ශක්ති සම්පන්න ජීවිකාවක් ලබාදීමයි. මෙරට ආර්ථික වර්ධනය ඇති කිරීමට විශේෂ සංවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මකයි.
අපේ සිහිනය නිවාස ප‍්‍රශ්නය තිරසාරව විසඳුණ ශ්‍රී ලංකාවක් දැකීමයි.
නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා:-
ඉතිහාසයේ සිට අප නිවාස ප‍්‍රශ්නයට මුහුණ දුන්නා. පසුගිය සමයේ නිවාස අමාත්‍යංශයට වෙන්වූයේ සීමිත මුදලක්. එලෙස වෙන්වූ මුදලෙන් පවා ඥාතීන්ට නිවාස ඉදිකර දුන්නා. වත්මන් රජය බලයට පත්වූ පසුව අප අමාත්‍යංශයට ප‍්‍රමාණවත් මුදලක් වෙන්කර තිබෙනවා.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අද ඉතා කාර්යක්ෂම අමාත්‍යංශයක් බවට පත්වී තිබෙනවා. ඉදිරි වසර කීපයේදී නිවාස ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් දීම අපේ අරමුණයි. වත්මන් රජය ගැන ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙනවා.
අතීතයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මියත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතාත් මෙහිදී අදහස් දැක්වූහ.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
’බඩුමිල අඩුකර වැටුප් වැඩිකර ආදායම ඉහළ දැමු එකම ආණ්ඩුව අපි’
Lapaya Wednesday, 30 August 2017 06:12 AM
අවුරුදු 2,1/2 තිස්සේ කිසිම දෙයක් නොකළ, ගිය ආණ්ඩුවට ණය බර කියකියා. ඒ අවුරුදු 10 ටත් වඩා මේ කෙටි කාලයට ණය ගත්තා
lalith Wednesday, 30 August 2017 04:09 PM
මේ ක්‍රමය ඉගෙනගත්තේ අර ඇමෙරිකාවට බෙහෙත් ගන්න ගිය වෙලාවේ නේද? එහෙත් සුපර් මාර්කට් කාරයෝ ඩොලර් දෙකට තියෙන භාණ්ඩ හතරට වැඩිකරලා ටික කාලයක් තියලා එකපාරට එකකින් අඩුකරලා මහා ප්‍රාතිහාර්යයක් කළා වගේ සේල් සේල් කියලා මිල අඩුකලා කියල කෑ ගහනවා.
sathyayaa Tuesday, 05 September 2017 12:10 AM
ඉරටු සවි කරපු කොස්සකින් තැලුව නම් මීට පස්සේ ඔයවගේ බොළඳ කතා කියන්නේ නැහැ. අර එක කෝරලයක් ඉස්සර කාලේ පස් දීලම නැත්තට නැතිවුනේ.
raveendraThursday, 07 September 2017 06:47 PM
sathyayaa මයා වෙත, ඔබගේ අදහස් කියවීමේදී අපගේ රුධිරය තව තවත් පිරිසිදුවෙනවා එබැවින් ඔබට අප ස්තුතිවන්ත වෙන්නෙමු.