X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


’මුදල් විශුද්ධිකරණයෙන් ත‍්‍රස්තවාදීන් බලවත් වෙනවා’

මූල්‍ය කළමනාකරණයේදී තිබිය යුතු පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පෙරේදා (17) පැවසීය.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සෑම රටක්ම මුහුණ දී තිබෙන අභියෝග ජය ගැනීමට නම් ඒ පිළිබඳ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඇතිකර ගන්නා වූ බැඳීම්, එකඟතාවන් සහ ප‍්‍රඥප්තීන් නිසි අයුරින් කි‍්‍රයාත්මක කිරීමට සියලූ රටවල් අවංකව කැපවිය යුතු බව කී ජනාධිපතිවරයා මුදල් විශුද්ධීකරණය වැළැක්වීම මගින් සෑම රටකම ජාතික ආර්ථිකය ශක්තිමත් වනවා සේම, අන්තර්ජාතික මූල්‍ය කළමනාකරණයේදී එය ඉතා වැදගත් බව සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹදී පෙරේදා (17) ආරම්භ වූ මුදල් විශුද්ධීකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20 වැනි වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අමතමිනි.

සාමාජික රටවල් 41ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව අනිද්දා 21 දක්වා කොළඹදී පැවැත්වේ.

රාජ්‍ය මුදල් අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ කි‍්‍රයාත්මකවීම සඳහා ශී‍්‍ර ලංකා රජය ශක්තිමත් ව්‍යවස්ථාපිත හා නීතිමය ආයතන පිහිටුවා තිබෙන අතර ඒවා මේ වන විට ඉතා කාර්යක්ෂමව සහ සාර්ථකව කි‍්‍රයාත්මක වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය.

‘‘ලෝකයේ සෑම රටක්ම මුහුණදී තිබෙන්නාවූ ඉතා බරපතළ අභියෝගයක් වන්නේ මුදල් විශුද්ධීකරණයයි. එය වැළැක්වීම සඳහා ආසියා පැසිපික් රටවල රාජ්‍ය නායකයින්ගේ ආශිර්වාදය සහ අනුග‍්‍රහයෙන් මෙම සංවිධානය විසින් කරගෙන යනු ලබන ජාත්‍යන්තර වැඩපිළිවෙළේ 20 වැනි වාර්ෂික මහා සමුළුව ශ‍්‍රී ලංකාවේ පවත්වන අවස්ථාවේ ඔබව ඇමතීමට ලැබීම පිළිබ`දව මා ඉතාමත් සතුටු වෙනවා.

වසර දහස් ගණනාවක ඓතිහාසික අභිමානවත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුම්කම් කියන අපේ රටේ මේ සමුළුව පවත්වන අවස්ථාවේ ඔබ සියලූ දෙනාම මගේ රටට පැමිණීම පිළිබඳව සතුටට පත්වෙනවා. ඔබ සියලූ දෙනාට ශ‍්‍රී ලංකාවාසී ජනතාවත් මගේ රජයත් වෙනුවෙන් ගෞරවණීය ස්තූතිය පිරිනමනවා.

මේ සමුළුව ආරම්භ වූ අවස්ථාවේ ඔබ ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නට ඇති මෙහි නායකත්වය දරන නායකයින්. එහෙත් මගෙත් වගකීමක් සහ යුතුකමක් තිබෙනවා ඔබ ගෞරවයෙන් පිළිගැනීමට. මගේ ආදරණීය ජනතාව සහ රජය වෙනුවෙන් ඔබ සෑම කෙනෙක්ම ඉතාම ආදරයෙන් පිළිගන්නවා.

මුදල් විශුද්ධීකරණය පිළිබඳව ලෝකයේ සෑම රටක්ම මුහුණ දී තිබෙන්නාවූ අභියෝගය සෑම රටක්ම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඇතිකර ගන්නාවූ බැඳීම්, එකඟතාවන්, ප‍්‍රකාශනයන්, ප‍්‍රඥප්තීන් තුළ ඒවා ක‍්‍රියාත්මක කිරීමට සෑම කෙනෙක්ම අවංකව කැපවිය යුතු බව මා දැඩි ලෙස විශ්වාස කරනවා.  මුදල් විශුද්ධීකරණය වැළැක්වීමෙන් සෑම රටකම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජාතික සංවර්ධනයට අවශ්‍ය පුළුල් වැඩපිළිවෙළක් පදනමක් ඉන් ඇති වෙනවා මෙන්ම අන්තර්ජාතික වශයෙන් මූල්‍ය කළමනාකරණය පිළිබඳව එය ඉතාමත් වැදගත් වෙනවා. 

මුදල් විශුද්ධීකරණය තුළ මූලික වශයෙන් අතිවිශාල ප‍්‍රමාණයකින් සංඛ්‍යාත්මකව කිව නොහැකි මුදල් ත‍්‍රස්තවාදී ව්‍යාපාරවලට යන බව අපි සෑම කෙනෙක්ම දන්නවා. ශ‍්‍රී ලංකා රජය සැමවිටම ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ත‍්‍රස්තවාදී ව්‍යාපාරවලට දැඩි ලෙස විරුද්ධව කටයුතු කරන රජයක් බව ඉතා පැහැදිලිව සඳහන් කළ යුතු වෙනවා.

මුදල් විශුද්ධීකරණය පිළිබඳ ප‍්‍රශ්නයේදී එය වැළැක්වීමේ වැදගත්කම පිළිබඳව ඔබ සෑම කෙනෙකුටම තිබෙන්නාවූ පුළුල් අවබෝධය, දැනුම, පරිණතභාවය ඒ පිළිබඳව විවිධ ක්ෂේත‍්‍රවල සිදුකරන විමර්ශන පරීක්ෂණවලින් ලබා ඇති පරිණත බව තුළ මා විශ්වාස කරනවා අපි සෑම කෙනෙක්ම මේ සඳහා ඇති කරගන්නාවූ එකඟතාවන් මගින් එම කටයුතු සාර්ථකව කිරීමට අපි සෑම කෙනෙකුටම හැකියාව ලැබේවි කියා මා විශ්වාස කරනවා.

අද ත‍්‍රස්තවාදය වගේම මත්ද්‍රව්‍ය ජාවාරම මුළු ලෝකයටම අභියෝගයක්වී තිබෙන බව අප සෑම කෙනෙක්ම දන්නවා. රටවල් තුළ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීම, දුර්වල කිරීම, මර්දනය කිරීම සඳහා මුදල් විශුද්ධීකරණය ඉතාමත්ම වැදගත් වන අප විසින් ඉටුකළ යුතු කාර්යයක් බව අප සෑම කෙනෙක්ම විශ්වාස කරනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, නොයෙකුත් නීති විරෝධි විවිධ ජාවාරම්කාර ව්‍යාපාරික අංශ මුදල් විශුද්ධීකරණය හරහා ඇතැම් වෙලාවට ලෝකයේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු පෙරළීමට, වෙනස් කිරීමට කටයුතු කරන බව ගෙවී ගිය දශක කිහිපයේ දැනගැනීමට, දැක ගැනීමට හැකියාව ලැබුණා. අපි සෑම කෙනෙක්ම මේ සඳහා අපේ තිබෙන්නාවූ කැපවීම තුළ එක් එක් රටවල්වල ජාතික වැදගත්කම සේම අන්තර්ජාතික වැදගත්කම සලකා ආසියා පැසිපික් සංවිධානය මේ ගන්නාවූ තීන්දු තීරණ, ඇති කරගන්නාවූ එකඟතාවන් ප‍්‍රතිඥාවන් ඉතා වැදගත් වෙනවා.

අපේ රට මුදල් විශුද්ධිකරණය පිළිබඳව ජාත්‍යන්තර එකඟතාවන්, ප‍්‍රඥප්තීන්, ප‍්‍රකාශනයන්, ගිවිසුම් ඒ සියල්ලට සම්පූර්ණ සහයෝගය දෙමින් ඒ සියල්ලටම අනුගත වෙමින් ඒවා ක‍්‍රියාත්මක කරමින් අපේ රට තුළ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අපේ රජය ගන්නා බව මෙහිදී සඳහන් කළ යුතුයි. 

අපේ රටේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් විවිධ නීති විරෝධි ජාවාරම්කාර ඇතැම් ව්‍යාපාර මෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතය මුදල් විශුද්ධිකරණය මේ පිළිබඳව ක‍්‍රියාත්මක කිරීම සඳහා අපේ රජය ඉතාමත් ශක්තිමත් වූ ව්‍යවස්ථාපිත වූ නීතිමය ආයතන රාශියක් පිහිටුවා ඒවා ක‍්‍රියාත්මක වන බව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට අනුකූලව පිහිටුවිය හැකි විශේෂ කොමිෂන් සභා මේ වන විට අප විසින් පිහිටුවා තිබෙනවා. බරපතළ වංචා දුෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වෙනත් විවිධ ක්ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති කොමිෂන් සභා අප විසින් පිහිටුවා ඒවා ඉතාමත් කාර්යක්ෂමව, විධිමත්ව සහ සැලසුම් සහගතව කටයුතු කරන බව ප‍්‍රකාශ කළ යුතුයි. අපි රජයක් විදියට සැමවිටම අපේ රට තුළ මූල්‍ය කළමනාකරණයේදී තිබිය යුතු පාරිශුද්ධභාවය පිරිසිදුකම රැකගනිමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ඉටුකළ යුතු වගකීම් ඉටුකිරීම සඳහා ක‍්‍රියා කරනවා.

ආසියා පැසිපික් සමුළුව ඔබ නියෝජන කරන රටවල්වලට, අප නියෝජනය කරන සෑම රටක් වෙනුවෙන්ම 20 වැනි වාර්ෂික සමුළුව පවත්වමින් ඉතා වැදගත් කරුණු සාකච්ඡුා කරමින් මීට පෙර අවස්ථා 19 කදී ඔබ විසින් හමුවී ගනු ලැබූ තීන්දු තීරණ ක‍්‍රියාත්මක කරමින් ඒවායේ තිබෙන අඩුපාඩු සකස් කරගනිමින් මේ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් නිවැරදි කරමින් ඉදිරි සාකච්ඡා තුළ වඩා සාර්ථක පියවර රාශියක් ගනු ලබනු ඇතැයි මා විශ්වාස කරනවා.

මේ කටයුතු සංවිධානය කිරීමේදී ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය අනෙකුත් රාජ්‍ය ආයතන මේ සියලූ දෙනාට මම ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඔබට සුබපතමින් ආශිර්වාද කරමින් මේ සමුළුවේ කටයුතු ඉතාමත් සාර්ථක වේවා කියා ප‍්‍රාර්ථනා කරනවා. මෙහි ගන්නාවූ තීන්දු තීරණ අපේ රජය ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් ඉහළම කැපවීමකින් ක‍්‍රියාත්මක කිරීමට අවංකව කටයුතු කරන බව ප‍්‍රකාශ කරමින් ඔබ සියලූ දෙනාට ස්තූතිවන්ත වෙමින් සමුගන්නවා.’’ යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ද, මුදල් විශුද්ධීකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විධායක ලේකම් ගෝඞ්න් හුක් මහතා ඇතුළු එහි නියෝජිතයෝ පිරිසක් ද මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.



අදහස් (0)

’මුදල් විශුද්ධිකරණයෙන් ත‍්‍රස්තවාදීන් බලවත් වෙනවා’

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site