X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


’මේ ආණ්ඩුව දැන් තියෙන්නේ මරියානා අගාධයේ : ආයෙත් ගොඩ ඒමක් නෑ’

(නාලක  සංජීව දහනායක)

ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් එළියට බැසීමේ තීරණය තවදුරටත් කල් දැමීමෙන් අලියා ගිල්ල දිවුල් ගෙඩියට සිදුවූ දෙයම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටද සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (20) පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්වීමට හොඳම දවස පක්‍ෂය උත්පත්තිය ලැබූ සැප්තැම්බර් මස 2 වැනිදා යැයිද කීය.

ඒකාබද්ධ විපක්‍ෂය විසින්  විසින් බොරැල්ල, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා රටට ආදරය කරන පිරිස්වලින් අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් එළියට එන්න කියලා. එය දෙසැම්බර් මස 30 වැනිදා දක්වා කල් දමන්න එපා. දැන් මේ ආණ්ඩුව තිබෙන්නේ මරියානා අගාදයේයි. ආයේ ගොඩ ඒමක් නැහැ. ඒ නිසා අපේ පක්‍ෂය උත්පත්තිය ලැබූ සැප්තැම්බර් මස 2 වැනිදා  මේ නැවෙන් බහින්න හොඳම දවසයි. අපිත් එක්ක එකතු වෙන්න එපා. මේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවෙන් එළියට බහින්න. ඒ තීරණය තවදුරටත් කල් දැම්මොත් අලියා ගිල්ල දිවුල් ගෙඩියට වූ දෙය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් වේවි.

ජාතික ආණ්ඩුව වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ක්‍ෂයේ මහලේකම්වරුන් දෙදෙනා විසින් අත්සන් තැබූ ගිවිසුමේ නිල කාලය දෙසැම්බර් 31 වැනිදා අවසන් වන බව ජනවරමක් නැතුව ආණ්ඩුවට එක්වී සිටින මගේ පක්‍ෂයේ කිහිප දෙනෙක් ප‍්‍රකාශ කරනවා. මෙය සම්පූර්ණයෙන්ම වැරැදි මතයක්. ඒ ගිවිසුමට අත්සන් තැබුවේ 2015 අගෝස්තු මාසේ 21 වැනිදායි. එම අවබෝධතා ගිවිසුම වසර දෙකක කාලයකට වලංගුවන බව ඒ ගිවිසුමේ සඳහන් වෙනවා. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලික ප‍්‍රතිපත්තිවලට එරෙහි ගමනක ආණ්ඩුව යෙදෙන නිසා වසර දෙකේ කාලය නිමවූ වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අභ්‍යන්තරයෙන්ම කතාවක් මතු වී තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අපිටත් බලපාල තිබෙන්නේ ඒ කාරණයමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂයට විකල්පයක් වශයෙනුයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා රාජ්‍ය නායකයා වීම නිසා මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති අනුව ආණ්ඩුව ගෙනයාවි යැයි සමහරු හිතුවා. එහෙම හිතල කොටසක් ආණ්ඩුවට එකතු වුණා. නමුත් මේ ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති නොවෙයි.

මේ ප‍්‍රතිපත්ති තීන්දු කරන්නේ කවුද? අද ආණ්ඩුවේ මූල්‍ය ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන්. සෞඛ්‍ය ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ නෙවිල් ප‍්‍රනාන්දු. අධිකරණ ප‍්‍රතිපත්තිය තීරණය කරන්නේ හුසේන් කුමාරයා. බුකීකරුවන් ක‍්‍රිකට් ප‍්‍රතිපත්තිය තීරණය කරන බව අර්ජුන රණතුංග ඇමතිවරයා කියනවා. එල්.ටී.ටී.ඊ ඩයස් පෝරාව ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය තීරණය කරනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කරනවා. එක්සත් ජාතික පක්‍ෂය සමඟ මේ තීරණය දින නියමයක් නැතිව කරගෙන යන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමකට අවශ්‍යතාවක් තිබෙනවා. උතුරුමැද හා ඌව පළාත් සභාවලදී අපි දැක්කේ ඒකයි. පළාත් සභා පනත උල්ලංඝනය කරලා ඌව පළාත් සභාවේ මහ ඇමැතිධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදුන්නා. මේවා වැරැදියි. මේ දේවල් ඇතුළේ තිබෙන දේශපාලනය අපි කියවා ගත යුතුයි.

එමෙන්ම 25 වැනිදා අඟහරුවාද විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සයිටම් විරෝධී ජනරැලියට ඒකාබද්ධ විපක්‍ෂය සහභාගී වෙනවා. මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැ`දවුම්කරු ළහිරු වීරසේකර ශිෂ්‍ය නායකයා නිදහස් කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. ඔහු ඇතුළු සියලූම සිසු නායකයන් කිසියම් රාජ්‍ය විරෝධී කටයුත්තක නිරත වෙනවානම් ඒ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන්න. ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ මේ ආණ්ඩුවට රුධිරයෙන් තිබෙන වෛරයට නැවතීමේ තිත තබන ලෙසත් ඉල්ලීමක් කරණවා.

රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත්වීම ගැන පුවත්පත් දෙකක් ප‍්‍රධාන ශීර්ෂ පාඨය ලෙස වාර්තා කර තිබුණා. මෙය මුළුමනින්ම මාධ්‍ය විසින් නිර්මාණය කළ අසත්‍ය කතාවක්. තමන්ගේ දේශපාලන මතවාදයේ කිසිදු වෙනසක් නැති බව ඔහු තමන්ගේ නිවේදනයේ අවසානයේ සඳහන් කරනවා. ඒ නිසා මේ පුවත නිවැරැදි කරන්න කියලා අදාළ පුවත පළකළ පුවත්පත්වලින් ඉල්ලීමක් කරනවා.

මේ වනවිට විදේශගතව සිටින මන්ත‍්‍රීතුමා තවත් පැය හතළිස් අටකින් ලංකාවට එනවා. ඒ අනුව ඔය ප‍්‍රවෘත්තියට තියෙන වටිනාකම නැතිවෙලා යාවි. ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය වෙනුවෙන් කොන්දේසී විරහිතව පෙනී සිටින නායකයෙක්. අපේ සමීපම සගයෙක්. කිසිලෙසකත් ඔහු ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය අත්නොහරින බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

පළාත් පාලන ආයතන ඡන්දය ලබා ගැනීම, ජනතාවගේ පොදු කාරණයන් යථා තත්ත්වයට පත් කිරීමට නියෝජිතයන් පත්කර ගැනීම වෙනුවෙන් එ්කාබද්ධ විපක්ෂය දිගින් දිගටම පෙනී හිටියා. ආණ්ඩුව විවිධ බාධාවන් අතරමඟ ඇති කරමින් අවසානයේ පළාත් පාලන ඇමැතිවරයා පළාත් පාලන සීමාවන් නව මැතිවරණ ක‍්‍රමය යටතේ පවත්වන්නැයි ගැසට් කළා.

ඒ අනුව මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය පවරා තිබෙනවා. මැතිවරණ කොමිසම ජන්දය පටන් ගන්න වෙලාව, ඡන්දය ගණන් කරන ස්ථානය ආදී මැතිවරණ කොමිසමේ පරිපාලනය සම්බන්ධ සුළු සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත වූ විගස මැතිවරණය පවත්වන බව දේශපාලන පක්ෂ කැඳවූ අවස්ථාවක ප‍්‍රකාශ කළා. 

මෙම සංශෝධන ඒකමතිකව සම්මත කිරීමට අපි එකඟතාව පළකළා. මෙය සම්මත කිරීමට පැය භාගයක කාලයක් ගතවේවි. නමුත් ආණ්ඩුව ඒ අවස්ථාව මගහැරියා. මේ ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිම වුවමනාවක් නැති බව මින් පෙන්නුම් කරනවා. ඇතැම්විට ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුව මැතිවරණ සම්බන්ධව තවත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි.‍

ඒ අනුව පළමුවැනි දවසේ විශේෂයෙන් තිබුණු කාර්යයන් නවතා පනත ඉදිරිපත්කර සම්මත කරන්නයි කිව්වත් ආණ්ඩුව මගහැරියා. ඒ වෙනුවට මාසේ අන්තිම සතියේ වේලාවක් දෙන බව කිව්වා. මේ සියල්ලෙන් පැහැදිලිවන්නේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය මේ වසරේ නොපැවැත්වීමෙන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය අහෝසි කරන කි‍්‍රයාවලියට ආණ්ඩුව දැන් බැහැලා. සමහරවිට තව සංශෝධන ගේන්න උත්සාහ කරයි.

එමෙන්ම මැතිවරණ පැවැත්වීමට අලූතෙන් ගෙන ඒමට අවශ්‍ය සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැතිවරයා කැඳවා තිබෙන රැස්වීම්වලට අපි සහභාගී වන්නේ නැහැ. මේ සාකච්ඡාවලින් සිදුවන්නේ මැතිවරණ කල් දැමීමයි.

නොවැම්බර් මස අවසන් සතියේ සිට දෙසැම්බර් මස දක්වා කාලය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් මැතිවරණ නොපවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා පක්‍ෂ නායකයන්ට ප‍්‍රකාශ කළා. ආණ්ඩුවේ මේ වැඩ පිළිවෙළ නිසා මේ අවුරුද්දේ ඡුන්දේ තියන්න බැරිවේවි. මැතිවණය කල් දැමීමට ආණ්ඩුව කුමන්ත‍්‍රණයක නිරතව සිටිනවා. මැතිවරණ නොපැවත්වීම නිසා පොදු මහජන සේවාවන් සියල්ලම කඩාවැටිලා.

 පළාත් සභා මැතිවරණයත් කල්දැමීමට ආණ්ඩුව පළාත්සභා පනත සංශෝධනය කරමින් සිටිනවා. තවම අපි ඒ පනත දැකල නැහැ. ඉදිරියේ පැවැත්වීමට නියමිත උතුරු මැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටින්නයි ආණ්ඩුව මේ කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කරමින් සිටින්නේ. මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් දිවයින පුරාම විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙනවා. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට එරෙහිව පක්ෂ බේදයකින් තොරව එකතුවන ලෙස අපි ඉල්ලා සිටිනවා.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යයටත්, බුදු දහමටත් සිදුවන බලපෑමට එරෙහිව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් නිකුත් කළ නිවේදනයට ඒකාබද්ධ විපක්‍ෂය එකඟතාවය පළ කරනවා. ඒ මතය වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය දිගටම කටයුතු කරනවා. යම් අවස්ථාවක තීරණාත්මක මොහොතක් ආවොත් අපි ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවලට විවිධ ප‍්‍රතිපත්ති තියෙනවා. පොදුවේ ආණ්ඩුව මාතෘ භූමියට එරෙහිව ගන්නා කි‍්‍රයාමාර්ගවලට එරෙහිව අපේ මන්තී‍්‍රවරුන් පනස් දෙදෙනාම පෙනී සිටිනවා. ඒ අනුවයි අපි  දිගටම කටයුතු කරන්නේ.  ආණ්ඩුව කලින් අපිට අභියෝග කළා. ඒත් මැයි දිනයට සහභාගීවූ ජන ගංගාව දැකලා ඒකට බියවෙලා අපිට අභියෝග කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය බෙදිලා, පුපුරා යයි වගේ ප‍්‍රවෘත්ති පුවත්පත්වල පළවෙනවා. එහෙත් එවැන්නක් සිදුවන්නේ නැතැයි ද පැවසීය.



අදහස් (3)

’මේ ආණ්ඩුව දැන් තියෙන්නේ මරියානා අගාධයේ : ආයෙත් ගොඩ ඒමක් නෑ’

dhamneth Friday, 21 July 2017 06:01 AM

පැරණි කියමනක් තිබෙනවා ඉස්සර දෙවිකෙනෙක් අපලයකින් බේරෙන්න කැළයට වෙලා අවුරුදු 7ක්ම බටකොළ අනුභව කලාලු .ඒවගේ දැන් මරියානා අගාදයට වැටිලා ඉන්නේ තමුන් ඇතුළු ඒකාබද්ද විපක්ෂය කියා තමුන්ට නොතේරෙන්නේ යහපාලනයේ අසීමිත නිදහස නිසයි.

:       168       232

G. Lalith Friday, 21 July 2017 08:10 AM

අපාය තියෙන්නේ මරියානා අගාධයට යටින්, ඔබ සැම ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ඉන්නේ අපායේ, ඔබගේ බල ලෝභය ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍යත්වය හා දේශපාලනයේ එන සෑම මුලධර්මයක්ම විනාශ කරගෙන අපාය දක්වා පහලට ගිහින්, මේ බව තේරුම් ගන්න තරම් සියලු ලාංකිකයෝ තර්කානුකුල නොවීම රටේ අභාග්‍යයකි.

:       121       179

rohaa Saturday, 22 July 2017 12:35 AM

ඔබ දෙපලගේ අදහස් අනුමත කරමි.පා.ම.මහින්ද සමග ඩලස් මහත්තයාට යන එනමන් නැත.

:       62       157

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site