(නිමල කොඩිතුවක්කු)
යහපාලන රජය ජනතාවට ලබා දුන් සහන, සමහර අයට ඇගිල්ලෙන් ඇන මතක් කරන්නට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය.
යහපාලන රජය මගින් ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ සහන පිළිබඳ අද ජනතාවට යථාර්ථය අවබෝධ වෙමින් පවතින බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
දොම්පේ ප්‍රදේශයේ අද(24) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.
වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කළේ නැහැ. එම යුගය නිමා කරමින් එක වර රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩිකිරීමට යහපාලන රජය කටයුතු කළා. එම කාලය තුළ රාජ්‍ය සේවකයන්ගේ සියයට 107කින් වැටුප් වැඩි කිරීමට අපට හැකි වුණා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් මිල අඩු කරමින්, භාණ්ඩ මිල පහල දමමින් ජනතාවට සහන ලබාදීමට අපි කටයුතු කළා. අත්‍යවශ්‍ය ඖෂධ මිල 40% කින් පමණ පහත හෙලමින් ජනතාවට විශාල සහනයක් ලබාදීමට අපි කටයුතු කළා.
රාජ්‍ය සේවයේත් රාජ්‍ය නිලධාරීන්ගේත් අභිමානයත් ස්වාධීනත්වයත් ආරක්ෂා කරමින් ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය පුරෝගාමි මෙහෙවරක් ඉටුකළා.
මේ සියලු ජනතාවාදී තීන්දු තීරණ ආපස්සට හැරවීම සඳහා ගෙවී ගිය මාස අටක කාලයේදි රාජපක්ෂ පාලනය කටයුතු කර තිබෙනවා.
ළඟම පාසල හොඳම පාසල, සුවසැරිය ගිලන් රථ සේවය, ගම්පෙරලිය, සුරක්ෂා සිසු රක්ෂණාවරණය, යුද හමුදාව මූලික කරගනිමින් රසායනික ජෛවීය විකිරණ සහ නෂ්ටික ප්‍රහාරයන්ට සහ වසංගතයන්ට මුහුණ දිය හැකි CBRN ඒකකය වැනි බලඝණ පිහිටුවමින් ආර්ථිකය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අපට හැකිවුණා.
මාධ්‍ය නිදහස සහ පුද්ගල නිදහස සුරක්ෂිත කරමින් ගෙනගිය ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ අද වන විට බුද්ධිමත් ජනතාව අවබෝධ කරගෙන තිබෙනවා.
කාලයෙන් කාලයට විවිඩ මාතෘකා නිර්මාණය කරමින් ජන මනස විකෘති කරමින් ජනතාව නොමඟ යමින් බලයට පත් පාලකයින්ගෙන් සැබෑ ස්වභාවය මේ වන විට රටේ ජනතාවට හොදින් අවබෝධ වී තිබෙනවා.
රැවටිලිකාරී පාලනය පරාජය කර ඩී.එස්.සේනානායක යුගයේ පටන් එක්සත් ජාතික පක්ෂය රටේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ දැවැන්ත යුග මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සදහා අපි කැප වෙනවා. මෙවර මහා මැතිවරණයේදී ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙසට සියලු දෙනාගෙන් අපි ඉල්ලීමක් කරනවා යැයිද ඔහු එහිදී පැවසීය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
’යහපාලන රජය ජනතාවට දුන් සහන සමහරුන්ට ඇඟිල්ලෙන් ඇන මතක් කරන්න වෙලා’
Bamunuarachchi Thursday, 25 June 2020 04:48 AM
"වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කළේ නැහැ." මොකක්ද හලෝ ඒ කතාව 2014 අයවැයෙන් නේද මහින්ද මහතා රු 3000 වැටුප් වැඩිවීමක් දුන්නේ...? එ්කට 7000 එකතු කරලා නේද 10000 කලේ...? රටට දරන්න බැරි මුදලක් සේවකයින්ට දීලා සාමාන්‍ය ජනතාවට හිටු කියලා බදු ගැහැව්වා නේද? " පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් මිල අඩු කරමින්, "ජෙෂ්ට ඇතුළුව බැංකු පොලියට ගහපු බදු, උපයනවිට ගෙවීම් බදු, වැට් වැඩි කළා නේද? එතකොට කොහොමද බඩු මිල පහත යන්නේ.. ආරක්ෂක බද්ද වැඩිකළා නේද? මොනවද කතා... "ළඟම පාසල හොඳම පාසල, සුවසැරිය ගිලන් රථ සේවය, ගම්පෙරලිය, සුරක්ෂා සිසු රක්ෂණාවරණය," රටේ තිබෙන සම්පත් පිටරැටියන්ට වික්කේ කව්ද?