X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


’සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද හින්දුද ඉස්ලාම්ද කතෝලිකද මට වෙනසක් නෑ’

(ක.ග. කරුණාරත්න)

තමාට ඡන්දය දුන් නොදුන් මේ රටේ සියලූ දෙනාට තමා ජනාධිපතිවරයා වශයෙන් එක සේ සේවය කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙළොන්නරුව, සුංගාවිලදී ඉකුත් දා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුංගාවිල මහා විද්‍යාලයේ නව  ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

සුංගාවිල මහා විද්‍යාලයට පැමිණීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ ප‍්‍රදේශවලට මම මුලින්ම ආවේ මීට අවුරුදු 47 කට පෙරයි. එවිට මට වයස අවුරුදු 19 යි. මුලින්ම මේ ප‍්‍රදේශයට ආවේ 1970 මහ මැතිවරණය වෙනුවෙන් වේදිකාවේ කතා කිරීමටයි. එවිට මම පාසල් යන ශිෂ්‍යයෙක්. 1970 මැතිවරණයෙන් පසුව අවුරුදු පහකට පසුව එහා ගමේ මම ග‍්‍රාම නිලධාරී ලෙස කටයුතු කළා. මේ ගමේ සිටිය ග‍්‍රාම නිලධාරි මහත්මයා නිවාඩු ගිය විට මේ ගමත් මටයි භාරදී යන්නේ. මේ තරුණ ළමයින්ට මාව මතක නැතුව ඇති. නමුත් ඒ කාලයේ මෙහි බොහෝ ගෙවල්වලට මම ඇවිත් තිබෙනවා. එසේ ආවේ ඡන්ද ලැයිස්තු දීමට සහ හාල්පොත් දීමටයි.

ලක්ෂ උයනේ සිට මගේ කාර්යාලයට මම බයිසිකලෙන් එනවා. 1977 මැතිවරණයට  පසුව එනම් ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට පත්ව සිටි කාලය. මගේ කාර්යාලයේ ලොකූ පෝස්ටර් ගහලා තිබුණා. ”ග‍්‍රාම නිලධාරීයා ගෙදර පල” කියා. පසුගිය ජනවාරි 08 වෙනිදා මට ඡන්දේ දුන්න එක්සත් ජාතික පක්ෂයේ කට්ටියයි එදා මට පෝස්ටර් ගැහුවේ. හැමදාම පෝස්ටර් ගහලා තියෙන නිසා මම කල්පනා කළා මොකටද මම ඉන්නේ කියා. ඒ නිසා මම රැකියාවෙන් ඉල්ලා අස්වී සම්පූර්ණයෙන්ම දේශපාලනය කිරීම ආරම්භ කළා. ”ග‍්‍රාමයා ගෙදර පල” කියා පෝස්ටර් ගැහුවේ නැතිනම් මම විශ‍්‍රාම යන කල්ම හාල්පොත් බෙද බෙද ඉන්නවා. එම පෝස්ටර් ගහපු අයට මම ස්තූතිවන්ත වෙනවා මාව ජනාධිපති කෙනෙක් කරපු එකට. ඔවුන් මාව ජනාධිපති කෙනෙක් කරන්න ඡන්දේ දුන්නා. මම බොහෝම සතුටිනුයි අතීතය ගැන කතා කරන්නේ.

තමුන්නාසේලාගේ සුංගාවිල ගම්මානය වගේම පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ මුස්ලිම් ගම්මානවල ජීවත්වන ජනතාවට දුෂ්කරතාවයන් වැඩියි. ප‍්‍රශ්න වැඩියි. මෙතනින් සුංගාවිල, පල්ලියගොඩැල්ල, තව ගත්විට වැලිකන්දෙන් එහා තිබෙන කුඩා ගම්මාන පඹුරාන, පල්ලියගොඩැල්ල, පලිංචිපතාන මේ ගම්මානවල දරුවන්ට බොහෝ අඩුපාඩු තියෙනවා. පානීය ජල ප‍්‍රශ්නය තිබෙනවා. ඒ ගම්වල සංවර්ධන කටයුතු නතරවෙලා තිබුණේ.

නමුත් 2015 ජනවාරි 8 වනදා හැට දෙලක්ෂයක් ඡන්ද දීලා මාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගත් ඡන්ද අතරේ මේ සුංගාවිල ප‍්‍රදේශයේ ජනතාවගෙන් සියයට අනූනවයක්ම මට ඡන්දය දුන් බව මම දන්නවා. ඒ පිළිබඳව අද ඔබේ ගමට ඇවිත් ඔබට ස්තූති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. මට ඡන්දය දුන් නොදුන් මේ රටේ සියලූ දෙනාට මම ජනාධිපති විදියට එකසේ සේවය කරනවා. මට සිංහල ද දෙමළ ද මුස්ලිම් ද බෞද්ධ ද හින්දු ද ඉස්ලාම් ද කතෝලික ද වෙනත් ජාති ආගම්ද කියලා වෙනසක් නැහැ. සෑම කෙනෙකුටම තිබෙන ප‍්‍රශ්න සොයා බලනවා.

මේ විද්‍යාලයේ විදුහල්පතිතුමා කතා කරන ගමන් පැවසුවා පසුගිය වසර දෙක හමාරක කාලය තුළ මේ පාසලේ අඩුපාඩු රාශියක් සම්පූර්ණ වුණා කියලා. එහෙම කිරීමට හැකියාව ලැබුණේ පේෂල ජයරත්න මහ ඇමැතිතුමා ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමැතිවරුන් මේ ප‍්‍රදේශවල තිබෙන ප‍්‍රශ්න හඳුනාගෙන ඒ ප‍්‍රශ්නවලට විසඳුම් දුන්න නිසයි.

මම ජනාධිපති වෙනකොට මේ පාසල්වල ඩෙස් පුටු පවා තිබුණේ නැහැ. මේ දිස්ත‍්‍රික්කයේ පාසල් වලට මම රුපියල් කෝටි නවයක ඩෙස් පුටු අරන් දුන්නා 2015 දී. ඒ විදියටයි අපි පාසල්වල සංවර්ධන කටයුතු පටන් ගත්තේ. මේ දිස්ත‍්‍රික්කයේ පාසල් 240 ක් තිබෙනවා. ඒ සියල්ලේම අපි එකවගේ සංවර්ධන කටයුතු කරගෙන යනවා. මහ ඇමැතිතුමා සඳහන් කළා ලබන මාසය වනවිට ගුරු ප‍්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳෙනවා කියලා.

මේ පාසලේ දරුවෝ 1100 ක් විතර ඉන්නවා. ගුරු හි`ගය 26 ක්. ඒ ගැන මම කනගාටුවට පත්වනවා. මුස්ලිම් හා දෙමළ පාසල්වල ගුරු හිඟය ඉතාමත් විශාලයි. කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට ගියත් එහෙමයි. මේ දිස්ත‍්‍රික්කයේ අනෙක් පාසල්වලත් එහෙමයි. අනුරාධපුරෙත් එහෙමයි.

මම මාස කිහිපයකට පෙර මහනුවර දිගන කුණ්ඩසාලේ පාසලක උත්සවයකට ගියා. එය සිංහල පාසලක්. ඒ උත්සවය කරගෙන යන අතරතුර මට තේරුණා පාසලෙන් එහා පැත්තේ ළමයි මේ පැත්ත බලාගෙන ඉන්නවා. මම විදුහල්පතිතුමාගෙන් ඇහුවා අර පාසලට එහා පැත්තෙන් ඉන්න ළමයින්ට මෙතනට එන්න කිව්වෙ නැද්ද කියලා. එවිට විදුහල්පති පැවසුවා ජනාධිපතිතුමා ඒ මේ පාසලේ දරුවෝ නෙවෙයි. ඒක දෙමළ පාසලක් කියලා. මම ඒ සිංහල පාසලේ වැඩසටහන නිමකර ඒ දෙමළ පාසලට ගියා. ඒ දරුවෝ එක්ක කතා කළා.

මම ඇහුවා මොනවද අඩුපාඩු කියලා. ගුරුවරු එහෙම ඉන්නවද කියලා. එයාලා මට කිව්වා ගුරුවරු 26 ක් වැඩිපුර ඉන්නවා කියලා. මම කිව්වා වැඩිනම් ගුරුවරු නැති පාසල් වලට යන්න පුළුවන් නේද කියලා. ගුරුවරු නැති දෙමළ පාසල්වලට ඒ ගුරුවරුන් යවන්න පුළුවන් නේද කියලා. ඒ ගුරුවරු යන්න කැමති නෑ. ඒ නිසා ඉන්නවා. කරන්න වැඩකුත් නැහැ. ඔහේ ඉන්නවා කිව්වා වසර 15 ක් 20 ක් තිස්සේ. එහෙම පාසලූත් තියෙනවා.

මහ ඇමැතිතුමා කියපු විදියට පසුගිය සතියේ අධ්‍යාපන ඇමැතිතුමා, අනෙකුත් නිලධාරීන් සාකච්ඡා කරලා අපේ රටේ ප‍්‍රධාන වශයෙන්ම ගුරු මාරු ප‍්‍රතිපත්තිය, ගුරුවරුන් පත්කිරීම පිළිබඳ මේ වසර අවසානය වනවිට අපි අලූත් වැඩපිළිවෙළක් රටට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ කිසිදු පාසලක අතිරික්තයක් තියන්න පුළුවන්කමක් නැහැ. එහෙම වැඩිපුර ඉන්නවා නම් අනිවාර්යයෙන් ගුරුවරුන් හිඟ පාසල්වලට යොමු කරන්න චක‍්‍රලේඛයක් අපි හදනවා. ගුරු හිඟයට පිළියමක් ලෙස ඒ වැඩපිළිවෙළ සකස් කරනවා.

අද දවසේ පාසල් ගණනාවකට යන්න තියෙනවා. ඇලහැර, බකමූණ, ගිරිතලේ පැතිවල පාසල් උත්සවවලට ගියා. අපි මේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පළාත් සභාවත් එකතු වී කරන සංවර්ධන වැඩවල මේ තිබෙන විවෘත කිරීම්, මේ සම්පත් ලබාදීම් තමයි මේ අපි එකදිගටම කරගෙන යන්නේ. දැන් අද ඔබගේ පාසලේ තිබෙන ප‍්‍රශ්න ගැන සොයලා බැලූවාම විදුහල්පතිතුමා කිව්වා දෙමාපියන් හා දරුවන් කියනවා කියලා, අනෙක් පාසල් වලට තට්ටු තුනේ ගොඩනැගිලි දීලා තියෙනවා, අපිට විතරක් නැහැ කියලා. දැන් ගොඩනැගිලි අපි ලබාදෙන නිසා හැමෝම ඉල්ලන්නේ තට්ටු තුනේ ඒවා. මම දැක්කා මෙතනට එනවිට පාසලේ තිබුණ අඩුපාඩුකම්. මේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාවත්, මේ තිබෙන අඩුපාඩුත් බැලූවාම මම තීරණය කළා මේ පාසලට නව ගොඩනැගිල්ලක් හදා දියයුතුයි කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා පන්ති කාමර හිඟයක් තිබෙන නිසා නව ගොඩනැගිල්ලක් හදා දෙන්න.

අද මේ පාසලට ඇවිත් මේ උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ඉතාමත් සතුටු වෙනවා. පාසලේ අඩුපාඩු විතරක් නොවේ අපි රජය විදියට ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් උදව් උපකාර කරනවා. ඒ නිසා මේ දරුවන් හා දෙමාපියන් විදියට ඔබ සෑම කෙනෙක්ම හමුවන්න ලැබීම ගැන නැවතත් සතුට ප‍්‍රකාශ කරනවා. මේ දරුවන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරලා මේ පාසල දියුණු කරන්නත්, අනෙකුත් යටිතල පහසුකම් ලබා දෙන්නත් රජය විදියට අපි කටයුතු කරන බව සඳහන් කරමින් මාගේ ආශිර්වාදය ඔබ සියලූ දෙනාටම පිරිනමනවා යැයිද ජනාධිපතිවරයා කීවේය.

උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා - අපේ රටේ නිදහස ලැබුණට පස්සේ අධ්‍යාපනය සඳහා වැඩිම රජයේ මුදල් ප‍්‍රමාණයක් වැය කරන්නේ අපේ ජනාධිපතිතුමාගේ කාලයේදීය. ඒ නිසා අද පොළොන්නරුව දිස්ත‍්‍රික්කය ගත්තාම පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ පාසල් 246 ක් තිබෙනවා. මේ පාසල් 246 න් පාසල් 25 ක් තිබෙනවා දෙමළ මාධ්‍ය පාසල්. මේ දෙමළ මාධ්‍ය පාසල් අතර පාසල් 19 ක් මුස්ලිම් දරුවන් ඉගෙන ගන්නා පාසල්. ඒ වගේම පාසල් 06 ක් දෙමළ දරුවන් ඉගෙන ගන්නා පාසල්.

උතුරු මැද පළාත ගත්තාම පාසල් 816 ක් තිබෙනවා. මෙයින් 90 ක් දෙමළ මාධ්‍ය දරුවන් ඉගෙන ගන්න පාසල්. ඒ නිසා මේ පාසල්වල අද තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි ගුරු හිඟය කියන එක. ඒ නිසා තමුනාන්සේලාගේ පාසලේ ගුරු හිඟයක් තිබෙන බව අර දරුවාගේ කතාවේදී ප‍්‍රකාශ කළා.

නමුත් මීට අවුරුදු දෙකකට කලින් ගත්තහම මීට වඩා අති දැවැන්ත දරුණු ගුරු හිඟයක් අපේ පළාතේ තිබුණා. ඒ නිසා තමයි ගුරු හිඟය දුරු කිරීම සඳහා ඒ ගුරු හිඟය මේ ප‍්‍රමාණයට අඩු කිරීම සඳහා සහයෝගය ලබා දීලා තිබෙන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමා. 2015 ජනවාරි මාසය වන විට උතුරු මැද පළාතේ ගුරුවරු 5000 ක් හිඟයි. අපි පසුගිය අවුරුදු දෙකක කාලය තුළදී ගුරුවරු 4000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවාගෙන තිබෙනවා.

ඒ නිසා තවත් අපිට ගුරුවරු 1500 - 2000 කට ආසන්න ප‍්‍රමාණයක් තමයි හිඟය තිබෙන්නේ. විශේෂයෙන්ම දෙමළ මාධ්‍ය පාසල් 700 ක පුරප්පාඩු තිබෙනවා. මේ පාසලේ දරුවන් 1200 ක් අධ්‍යාපනය ලබනවා. ඒ දරුවන් 1200 සඳහා අද ඉන්නේ පාසලේ ගුරුවරුන් 37 දෙනයි.

හැබැයි 62 ක්  ඕනෑ සාමාන්‍ය අධ්‍යාපන නිර්ණායක අනුව. ඒ නිසා තව 25 දෙනෙකුගේ පුරප්පාඩු තිබෙනවා. අපි දැනට දෙමළ මාධ්‍ය සඳහා වෙනම අයදුම්පත‍්‍ර කැඳවලා, දෙමළ මාධ්‍ය ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විභාග තියලා ඒ සියල්ල අවසන් කරලා තිබෙන්නේ.

පසුගිය 19 වැනිදා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුදල් අමාත්‍යතුමාත් එක්කරගෙන ඇවිල්ලා සාකච්ඡාවක් තිබුණා එතුමාත් සමඟ එම නිසා ජනාධිපතිතුමාගේ නියමය පරිදි එතුමාගේ නියෝගය පරිදි මුදල් අමාත්‍යතුමා එකඟ වුණා. එතුමාගේ මුදල් ලබා දෙන්න. ඒ නිසා අපි ලබන මාසය ඇතුළත, විශේෂයෙන්ම ජුලි මාසයේ 31 වෙන කොට අපේ පළාතේ තිබෙන ගුරු හිඟය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා සියලූම ගුරුවරුන් අපි බඳවා ගන්නවා.

විශේෂයෙන්ම දෙමළ මාධ්‍ය සඳහා අවශ්‍ය සියලූ ගුරුවරුන් බඳවාගෙන තුන්වෙනි වාරය වෙන කොට තමුන්නාන්සේලාට අවශ්‍ය ගුරුවරු ටික අපි ලබලා දෙනවා. මේවා අපිට ලබා දෙන්න පුළුවන්කම තිබෙන්නේ තමුන්නාන්සේලාගේ අපේ නායකතුමා නිසා.

 පොළොන්නරුව දිස්ත‍්‍රික්කය නියෝජනය කරන උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී එස්.එම්.එම්. අන්සාර් මහතාද උත්සව සභාව ඇමතීය.

සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්. නාසර් මහතා පිළිගැනීම් කථාව පැවැත්වීය.

උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත වික‍්‍රමආරච්චි, පළාත් සභා මන්ත‍්‍රී එන්.වී. සමන්ත, පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, පොළොන්නරුවේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප‍්‍රසාද් ජයවර්ධන, අධ්‍යාපන අධ්‍යක්ෂ නිශ්ශංක ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඉගෙනුම ලබන සිසු දරු දැරියෝ සහ මවුපියෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (8)

’සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද හින්දුද ඉස්ලාම්ද කතෝලිකද මට වෙනසක් නෑ’

kumar (galf) Wednesday, 28 June 2017 09:06 AM

එතකොට ජනාධිපතිතුමෝ ක්‍රිස්තියානි අය අමතක කලේ ඇයි? කතෝලික කියන්නේ ක්‍රිස්තියානි නොවෙයිනේ නේද?

:       67       245

HarishWednesday, 28 June 2017 10:36 AM

කුමාර් මහතා , ඔබ කොහේ හරි ගිහිල්ලා ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වුනොත් හොඳයි ....

:       257       307

kumar (galf)Thursday, 29 June 2017 08:31 AM

හරිෂ් මහත්තයා, ඔබතුමා බයිබලය කියවලා එහෙම තියෙනවාද? පිළිම නමස්කාර කරන මළවුන් අදහන අය කොහොමද ක්‍රිස්තියානි පවුලට අයත් වෙන්න? ඔයාට අසනීපයක් තියෙනවා නම් කියන්න මම පියාණන් වහන්සේට ජේසු තුමන්ගේ නාමයෙන් යදින්නම් ඔබගේ සුවය පතා....

:       141       209

Lal Wednesday, 28 June 2017 04:02 PM

ඔබතුමා රටට සේවයක් කරන්න බලාපොරොත්තු වුණත් ඒක ඒ විදියට ක්‍රියාත්මක කරන්න බැහැ නේද? වටේ ඉන්න කට්ටිය ඔබතුමාට වඩා බලවත් බව මුළුරටම දන්නවා. විධායක බලතල තිබිලත් රටේ යහාපතට දැනෙන යමක් සිදුනොවන එක ගැන කණගාටුයි....

:       0       12

one srilankan Thursday, 29 June 2017 06:55 AM

ගරු ජනාධිපතිතුමනි, මම ඔබතුමාට ඡන්දේ දුන්න මිනිහෙක්.... මම මගේ පවුලේ සියලුදෙනාමත් පෙලඹුවා. ඔබතුමා දක්ෂ හික්මීමක් ඇති අයෙක්... නමුත් ඔබතුමා මොකක්දෝ තැනක හිරවෙලා. එක්කෝ ඡන්ද බහුතරය.... නැත්නම් ඔබ සමග එදා එළියට බැහැල එනකොට එකට ආව පුද්ගලයන් නිසා, ඔබතුමා බහුතර ජනතා හදට කන් දෙන්නේද නැත. නැත්නම් විශ්ව විද්‍යාල දරුවන්ට තඩිබානකම් ඉන්නේ නැත.. එතකොට ඔබතුමාගේ දරුවකුට මෙහෙම ගැහුවොත් මොකද කරන්නේ? අනේ අපිට නම් කරන්න දෙයක් නැහැ.. අපි අසරණයි.

:       324       8

මම Sunday, 02 July 2017 05:34 PM

ඔබතුමාගේ දරුවෙක් රටේ දේපළ වලට හානි කෙරුවා නම් මොකද කරන්නේ ...?

:       0       0

Neel Warnakulasuriya Friday, 30 June 2017 06:59 AM

කුමාර් මහත්මයා සමඟ මමත් එකඟයි. සැබෑ සත්‍යතාව එයයි.

:       1       67

hewawitharana Sunday, 02 July 2017 08:42 PM

එහෙම නම් මාසයක්ම නෝම්බි අල්ලලා ඉන්නනේ තිබුනේ... මහජනයා රවටන්නට එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site