X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


“අප රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා“

(ක්‍රිෂාන් ජීවක ජයරුක්/ කඹුරුපිටිය පී.එල්. ජයවර්ධන)

තම රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වාදීමට ක්‍රියාකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා කඹුරුපිටියේදී ඉරිදා (20) පැවැසීය.

එමෙන්ම බදු සහන ලබාදී ව්‍යාපාර නඟාසිටුවීමට ක්‍රියාකරන බව ද ඔහු කීය.

කඹුරුපිටියේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද පැවසීය.

“2005 මහින්ද රාජපක්‍ෂ රජය සමයේ ජනතාව විශාල අභියෝගයක් අපිට භාර දුන්නා. අවුරුදු තිහක ත්‍රස්තවාදය ඉතා කෙටි කාලයකින් අවසන් කරන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ වගේම නොසිතූ විරූ සංවර්ධනයක් රටේ අපි ඇති කළා. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නොවෙයි. නැවත වරක් එම ත්‍රස්තවාදය හිස ඔසවන්නට ඉඩ නොදී හොඳ ආරක්ෂක වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කළා.

ඒ වගේම අපේ බුද්ධි අංශ යොදා හොඳ ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. නමුත් මේ රජය බලයට ආවට පස්සේ අපි යොදලා තිබූ ආරක්ෂක වැඩපිළිවෙළ අවසන් කරලා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ මානසිකත්වය බිඳලා අපේ රණවිරුවන්ට විරුද්ධව ජාත්‍යන්තර උසාවිවලට ගෙන යන්න මඟ සලස්වලා, බුද්ධි අංශ සාමාජිකයින්ට අභූත චෝදනා නගා හිර ගෙට යවලා තිබුණු ආරක්‍ෂක සැලැස්ම සම්පූර්ණයෙන්ම කඩලා දැමුවා.

මෙන්න මේ හින්දා තමයි වසර දහයක් යන්න ප්‍රථමයෙන් නැවත වරක් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. අපේ රජයක් බලයට පත්වූ පසු නැවතත් ඒ ආරක්‍ෂක වැඩපිළිවෙළ යොදලා බුද්ධි අංශවල නීතිමය රැකවරණය දීලා තමුන්නාන්සේලාට යළිත් සුරක්‍ෂිත රටක් අපි ලබාදෙනවා කියලා මේ අවස්ථාවේ සහතික වෙනවා.

අපි දන්නවා, රටක ආරක්‍ෂාව නැති වුණාම රටක සුරක්‍ෂිතභාවය නැති වුණාම ඒ රටේ ආර්ථිකය ගොඩ නඟන්න පුළුවන්කමක් නැහැ. ආයෝජකයෝ දේශීය හෝ විදේශීය වේවා ඔවුන් අපේ රටට එන්නේ සංචාරකයින් අපේ රටට එන්නේ සුරක්‍ෂිත රටක් තිබුණොත් පමණයි. ඒ වගේම මේ රජය බලයට ආපු ගමන්ම අපි කරගෙන ගිය ව්‍යාපෘති සියල්ලම නැවැත්තුවා. ඒ ව්‍යාපෘති නැවතීමත් සමගම ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා.
එදා ඒ ව්‍යාපෘති ව්‍යාපාරවලට සම්බන්ධ වෙච්ච ඒ රැකියා සියල්ලක්ම නැති වුණා. මෙන්න මේ නිසා අද මුහුණපාලා තිබෙන තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා.

නැවතත් මේ ආර්ථීකය ගොඩනගන්න පුළුවන් සැලැස්මක් අපි ළඟ තියෙනවා. අපි දන්නවා ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට අද පත්වෙලා තිබෙන්නේ ආසියාව. අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒක ප්‍රයෝජනයට අරගෙන අපේ ආර්ථිකය ගොඩනගන්නට. අපි දන්නවා, අද විශේෂයෙන්ම ලෝක ආර්ථිකය රඳා පැවතිලා තිබෙන්නේ බුද්ධිය මුල්වූ ආර්ථීකයත් එක්ක කියලා. බුද්ධිමත් ජනතාවක් ඉන්න අපේ රටේ බුද්ධිය මුල්වූ ආර්ථිකයක් හරහා අපිට අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ සඳහා සැලැස්මක් අපිට තිබෙනවා. පසුගිය අවුරුදු හතර තුළම මේ රටේ වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, බුද්ධිමතුන් සමග එක්ව අපි ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා.

ඔවුන් සමග සාකච්ඡා කරලා අපි ප්‍රතිපත්ති මාලාවක් සකස් කර තිබෙනවා. අපි මේ ආර්ථීකය ගොඩනගන්නට බුද්ධිය මුල්වූ ආර්ථිකයක් ගොඩනගන්නට නිපුණත්වයෙන් හෙබි ශ්‍රම බළකායක් අපිට අවශ්‍යයි.

මේ නිසා තමයි අපි අධ්‍යාපනය වෙනුවෙන් පළමු අවුරුද්දෙම විශාල මුදලක් ආයෝජනය කරන්නේ. මේ හරහා අද අතරමං වෙලා ඉන්න තරුණ තරුණියන්ට හොඳ වේතනයක් තිබෙන රැකියාවක් ලබා ගැනීම සඳහා පුළුවන්වන අධ්‍යාපන ක්‍රමයක් අපි සකස් කරනවා. කෙටි කාලීනවත්, දීර්ඝ කාලීනවත් ජාතික ප්‍රතිපත්තියක් හදලා සියලුම තරුණ තරුණියන්ට අනාගත පරම්පරාවට උසස් අධ්‍යාපනයක්, තාක්‍ෂණ අධ්‍යාපනයක්, කාර්මික අධ්‍යාපනයක්, නිපුණත්වයක් ලබා ගැනීමට පුළුවන්වන අධ්‍යාපනයක් අපි සකස් කරනවා. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා, අද විශේෂයෙන්ම දැනුම මුල්වූ ආර්ථිකයක් හරහා විශේෂයෙන්ම පරිගණක ක්ෂේත්‍රයෙත්, තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයෙත් විශාල රැකියාවන් නිපදවන්නට පුළුවන්. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා, මේ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. අද කෘෂි කර්මාන්තයේ සෑම ක්ෂේත්‍රයක්ම තේ වගාව වේවා, රබර් වේවා, අපනයන භෝග මේවා මේ සියල්ලක්ම මිල පහත වැටීම නිසා ගොවියා ඉතා අසීරු මට්ටමකට වැටිලා තිබෙනවා.

මෙන්න මේ හින්දා තමයි අපි ගොවියා වෙනුවෙන් විශේෂ සහන මල්ලක් ලබා දෙන්නේ. අපි ගොවියා වෙනුවෙන් පොහොර සහනාධාරය නොමිලේ ලබා දෙනවා. ගොවි ණය කපා හැරීමටත් ගොවි රක්‍ෂණ ක්‍රමයක් ඇති කිරීමටත් කෘෂි කර්මාන්තය වෙනුවෙන් බදු ඉවත් කිරීමටත් ගොවියා හා කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා යොදාගත් ක්‍රමවේදයි. ඒ වගේම අපි ව්‍යාපාර දිරිමත් කිරීමට බදු සහන අපි ඉදිරිපත් කර තිබෙනවා.
අද තිබෙන විවිධ බදු වෙනුවට ඉතාමත් සරල බදු ක්‍රමයක් ඒ වගේම වැට් බද්ධ සියයට අට දක්වා අඩු කිරීමටත් අපි තීරණය කර තිබෙනවා.

ජාතික ආරක්‍ෂාව වේවා, ආර්ථිකය වේවා, ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අභියෝග ජය ගන්න හැකි කණ්ඩායමකටයි. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. මම මගේ යුතුකම වන සුරක්‍ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් ඔබලාට ලබා දෙන්න ක්‍රියා කරනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:-
“ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ පුරවැසියකු නොවෙයි, ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැ කියලා නියෝගයක් ඉල්ලා එක්සත් ජාතික පක්‍ෂය අධිකරණයට ගියා. පසුගිය ඔක්තෝබර් 05 වැනිදා සවස 6.00 වනවිට මුළු රටම ඒ තීන්දුව ලැබෙනකම් බලාගෙන සිටියා. හැමෝගෙම හෘද ස්පන්දනය ගැහෙන්න පටන් ගත්තා. නමුත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඒකමතිකව එම පෙත්සම ප්‍රතික්ෂේප කර සාධාරණ තීන්දුවක් දුන්නා. ගෝඨාභය හිරේ දාලා මේ ගමන නවත්වන්න ඔවුන් උත්සාහ කළා. අධිකරණයට ගිහින් මේ ගමන නවත්වන්න උත්සාහ කළා. නමුත් ඒ කිසිවකින් ගෝඨාභයගේ ගමන නවත්වන්න ඔවුන්ට බැරි වුණා.

අපි කියන්න ඕන, ගෝඨාභය මේ රටේ ජනාධිපති වූ විගස බය වෙන්න ඕන කණ්ඩායම් කිහිපයක් සිටිනවා. කුඩුකාරයන්, කුලියට මිනී මරන පාතාලය බය වෙන්න ඕන. නොවැම්බර් 24 වනවිට පාතාලය බාර වුණේ නැත්නම් හෝ රට පැන්නේ නැත්නම් ඔවුන්ට වෙන දේ තමුන්නාන්සේලා දන්නවා. මරාගෙන මැරෙන හැම අන්තවාදියම නොවැම්බර් 17 වනවිට බය වෙන්න පටන් ගන්නවා.

 කැලෑ කපන, කැලෑ පාළුවන් බයෙන් ඉන්න ඕන. රාජ්‍ය දේපළ කොල්ල කාපු දේශපාලනඥයන් බයෙන් ඉන්න ඕන. නමුත් මේ අම්මා තාත්තා එදාට සතුටින් හිනා වෙලා ඉන්න ඕන. තමන්ගේ දරුවා ඉඹලා පුතේ උඹට දැන් රටක් තියෙනවා කියලා කියන්න ඕන. ඒ නිසා රට වෙනුවෙන් ඔබ ගෝඨාභය දිනවන්න කටයුතු කළ යුතුයි.”

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා:-
“ලබන නොවැම්බර් 16 කියන්නේ වසර හතර හමාරක් මේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇද වට්ටපු නොසිටි සහරාන්ලාට පණ දීපු ජාතික ආර්ථිකය විනාශ කරපු රට ණය උගුලක සිර කරපු මේ මුස්පේන්තු පාලනය නැති කරලා නව පරිවර්තන යුගයක් රටට උදාවන දවසයි. මේ පාපතර පාලනයෙන් මිදිලා නව දරු ප්‍රසූතියක් මුළු රටම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ සඳහා කඳවුරු දෙකයි තියෙන්නේ. එකක් පියානෝ ගගහා ඉන්න පුතානෝගේ කඳවුර. බුද්ධි අංශ 97 වතාවක් අනතුරු අඟවලා සිය ගාණක් අහිංසක මිනිස්සු මරා දාන්න ක්‍රියා කරපු ඒ කඳවුර. හම්බන්තොට වරාය ඇතුළු රාජ්‍ය සම්පත් විදෙස් රටවලට විකුණගෙන කාපු ඒ කඳවුර. පරගැති දේශද්‍රෝහීන්ගේ නිවට කඳවුර තමයි පුතානෝගේ කඳවුර. අනෙක් කඳවුර මේ කඳවුරයි. ඒකීය භාවයට පණදුන් කඳවුර. ත්‍රස්තවාදය ඉවර කර දුන් කඳවුර. ත්‍රස්තවාදය අවසන් කරන ගමන් පොහොර රුපියල් 350ට දුන් කඳවුර. රට ආරක්‍ෂා කර ගත් කඳවුර තමයි මේ කඳවුර. ඒ නිසා රට තවදුරටත් ප්‍රපාතයකට ඇද නොදමා, අනාගතය වෙනුවෙන් මේ කඳවුර ජයග්‍රහණය කරවීම අද රටේ සියලුම දෙනාගේ අවශ්‍යතාව වී තිබෙනවා.”

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා:-
“අද මේ ජනාධිපතිවරණයට ප්‍රධාන වශයෙන් අපේක්‍ෂකයන් දෙදෙනකු ඉදිරිපත්වී සිටිනවා. අපේ පෙරමුණෙන් ගෝඨාභය, එක්සත් ජාතික පෙරමුණෙන් සජිත්. දැන් මේ අපේක්‍ෂකයන් දෙදෙනා රූපවාහිනියෙන් කතා කරන දේවල් දිහා රෑට බැලුවම මේ රට භාර දෙන්න ඕන කාටද කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා. ඒ නිසා මේ රටට ආරක්‍ෂාවක් අවශ්‍ය නම් ගෝඨාභයට බලය දෙන්න. මේ රට සුරක්‍ෂිත කරන්න ඕන නම් ගෝඨාභය දිනවන්න. රටට විනයක් අවශ්‍ය නම් ගෝඨාභයට බලය දෙන්න. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය නම් බැසිල් රාජපක්‍ෂ මහතා නියෝජනය කරන ගෝඨාභය කණ්ඩායම ජයග්‍රහණය කරවන්න.

ඒ නිසා මේ අවස්ථාව ඉතාමත් තීරණාත්මකයි. රට වෙනුවෙන් සිතා ගත යුතු තීරණයක් වී තිබෙනවා.

ගෝඨාභය දිනවා රට දිනවන්න අපි කවුරුත් පෙරමුණ ගනිමු.”

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා:-
“සජිත් කියන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්. රුපියල් 350ට පොහොර සහනාධාරය කප්පාදු කරපු ආණ්ඩුවේ හිටපු ඔහු දැන් කියනවා පොහොර සහනාධාරය නොමිලේ දෙනවා කියලා. ආබාධිත රණවිරුවන්ට පහර දුන් ආණ්ඩුව නියෝජනය කරපු සජිත් දැන් කියනව රණවිරුවන්ගේ ගෞරවය ආරක්‍ෂා කර දෙනවා කියලා.

ඒ නිසා යහපාලන ආණ්ඩුව රටට වින කළ සියලු දේට සජිත් වග කියන්න ඕන. ඒ පාපතර තීන්දු තීරණවලින් ඔහුට මිදෙන්න බැහැ. අද මුළු රටේම ආර්ථීකය, ආරක්‍ෂාව කඩා වැටිලා. සජිත් ඒ සියලු දේටත් වග කියන්න ඕන.”

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා:-
“2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ ගෙදර ගිය වෙලාවේ මුළු රටම කම්පාවට පත් වුණා. බොහෝ ගෙවල්වල එදා කන්න බත පිසුවේ නැහැ. ඒ තරමටම මිනිස්සු සංවේදී වුණා. මිනිස්සු මහින්ද මහත්තයා හොයාගෙන ගෙදරට ගිහින් කෘතගුණ සැලකුවා. මාස දෙකක් යන්න කලින් ඔවුන් නැවත වරක් මහින්ද මහත්තයා ඉල්ලා සිටියා. ඒ අනුව තමයි මහින්ද සුලඟ හමා එන්න පටන් ගත්තේ. අපට ඕන හොඳ ආරක්ෂාවක් රටට සපයන්න පුළුවන් නායකයෙක්. අපිට ඕන හොඳ ආර්ථිකයක් රටට ලබා දෙන්න පුළුවන් නායකයෙක්. ඒ නිසා නොවැම්බර් මස 17 වැනිදා මල්ලි ජනපති අයියා අගමැති කරන ඒ යුගයේ ආරම්භය සියලු දෙනාට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා.”

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් සිරිසේන මහතා:-
“පසුගිය මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ගොඩාක් අය බලාගෙන සිටියා, ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය - පොහොට්ටුවෙන් වෙන් වෙලා පොහොට්ටුවේ අපේක්‍ෂකයාට අභියෝගයක් කරයි කියලා. වෙනමම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරයි කියලා. නමුත් ඒ කිසිවක් සිදුවුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ පොහොට්ටුව කියන්නේ එකම දේශපාලන ප්‍රවාහයක්. රටට ආරක්‍ෂාව අවශ්‍යයි. ආර්ථිකය ශක්තිමත් කරගන්න අවශ්‍යයි. ජනතා අපේක්‍ෂා ඉටු කරගන්න අවශ්‍යයි. ඒ සියල්ල ඉටුකර ගත හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවීමෙන් පමණයි.”

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, තිහගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ, කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද වීරසිංහ, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කඹුරුපිටිය ආසන සංවිධායක සුසිල් කරුණාතිලක යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

 



අදහස් (1)

“අප රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා“

Chanak los angeles Thursday, 24 October 2019 03:45 PM

එදා මාධ්‍යවේදිනිය අහපු වෙලාවෙ නම් කීවේ යුද්ධය කළේ ඔහුවත් අයියවත් නොවේ ෆොන්සේකා කියලා නේද ? අපි ජනතාවට කියනවා මේ සාඨක කාරයන්ට අහුවෙන්න එපා කියා . පැසිස්ට් වාදියකු රට අතට ගතහොත් ඉතාම භයානක තත්ත්වයක් ලසන්තලා ගිය තැන්වලට තමයි මිනිසුන්ට යන්න වෙන්නේ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site