X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


“අපිට වැරදුණා කියා පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා“

 (මාතලේ විශේෂ - මහේෂ් කීර්තිරත්න)

රට ගොඩනැගීමට නම් වංචාවෙන් දූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් ඒ සඳහා සුදුසුම පිරිස සිටින්නේ ජාතික ජන බලවේගය සමග බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (28) පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ මාතලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවැසීය.

“මෙතනට ජනතාව ඇවිත් ඉන්නේ නොවැම්බර් 16 වැනිදා අපි ගන්න ඕන තීන්දුව මොකක්ද කියලා දැනගන්න; සාකච්ඡා කරන්න. අපේ අම්මලා, තාත්තලා හැමදාම ඡන්දෙ දීලා ආණ්ඩු පත්කරගෙන පස්සේ කල්පනා කරනවා මේ සැරෙත් අපිට වැරැදුණා කියලා. අපි බලාපොරොත්තු වූ දේවල් නොවෙයි වෙන්නේ. ඒ නිසා නැවත කල්පනා කරනවා හදපු පාලනය පෙරළන්න. 2015 රාජපක්ෂ පාලනය බිඳවට්ටවලා රනිල්-මෛත්‍රී හවුල් පාලනයක් හැදුවා. දැන් කල්පනා කරනවා මේ අණ්ඩුවත් දීපු පොරොන්දු ඉටුකළේ නැහැ, ඒ නිසා මේකත් බිඳවට්ටන්න ඕන කියලා. දැන් රනිල්ගේ ආණ්ඩුව වට්ටලා නැවතත් 2015 ගෙදර යවපු ආණ්ඩුව ගේන්න ඕන ද?

එහෙනම් ඒක 2015 පරද්දන්නේ නැතුව ඉන්න තිබ්බනේ. මේ ආණ්ඩුව බිඳවට්ටලා නැවත ගේන්න ඕන පැරැණි පාලනය නොවෙයි. අපි ඔබලා හමුවට ආවේ නොවැම්බර් 16 වැනිදා පරණ පාලනයත් අලුත් පාලනයත් දෙකම පරාජය කරලා නවතම පාලනයක් ගොඩනගමු කියන ආරාධනාව කිරීමටයි. අපේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගන්න ඕන. අපේ තරුණ පරම්පරාවට තමන්ගේ දැනුම, හැකියාව, තමන්ගේ කාලය, ශ්‍රමය සතුටින් රට ගොඩනැගීමට දායකත්වය සපයන, අපේ වැඩිහිටි අම්මලා, තාත්තලාට සුරක්ෂිත ජීවිතයක් හිමිවෙන නව පාලනයක් අපේ රටේ හදන්න ඕන. තව දශක ගණනාවක් අපේ රට මේ විදියටම ආ යුතු ද? එය වෙනස් කළ යුතු නැද්ද?

වසර 71ක් මේ රට පාලනය කරපු පාලකයෝ රටට හැම අතින්ම අන්තරාදායක තත්ත්වයක් උදාකර දී තිබෙනවා. මේ ආණ්ඩු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇති කළා, යුද්ධ ඇති කළා, වෛරය වැපිරුවා. මොනවාද මේ රටට නොකළේ, මේ පාලකයෝ. රටට විය හැකි සියලු_ පන්නයේ විපත් මේ පාලකයෝ අපේ රටට අත්කරලා දුන්නා. කවුරු හරි පුළුවන් නම් මට කියන්න ඒක එහෙම වුණේ නැහැ කියලා. මත්ද්‍රව්‍ය තොග ගණන් ගේන රටක් හැදුවා. වැඩිපුරම මත්පැන් පානය කරන රටක් හැදුවා. විශාල ජනතාවක් සියදිවි නසාගන්න රටක් හැදුවා. ලෝකයේ විශාලතම වාහන අනතතුරු සිදුවන රටක් හැදුවා. තව මොකක්ද? මේ රටට වෙන්න තිබෙන්නේ.

මේ ඛේදවාචකයෙන් අපේ රටත් ජනතාවත් ගලවා ගත යුතු නැද්ද? අපේ රටේ ජනතාව, රට ගැන, මිනිස්සු ගැන, තම ඇකයේ නැළැවෙන දරුවා ගැන, හෘද සාක්ෂියක්, සැබෑ කැක්කුමක් තිබෙනවා නම්, සැබෑ ආදරයක් තිබෙනවා නම්, අපි සියලු_දෙනා එක්වී මෙය වෙනස් කළ යුතුයි. මෙය අපිට පමණක් තනිවම කළ හැකි නම් මේ වෙනකොටත් ඒ වෙනස අපි කර හමාරයි. තමුන්නාන්සේලාගේ දායකත්වය නැතුව මේක වෙනස් කරන්න බැහැ. ඒ නිසා මේ වේදිකාවේ ඉන්න සියලු_ දෙනාටම තිබෙන වුවමනාව තමුන්නාන්සේලාටත් තිබිය යුතුයි. මේ සඳහා ඔබලාට නිර්භීත පියවරක් ගත හැකි වුවහොත් අධිෂ්ඨානශීලී තීන්දුවක් ගන්න පුළුවන් වුණොත් මේ රට නියත වශයෙන්ම වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ තීන්දුව නොවැම්බර් 16 ගන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

යුද්ධ තිබෙන, ගැටුම් තිබෙන මොන රට ද දියුණු වුණේ. ඒ හැම රටකටම උරුම කරලා තිබෙන්නේ සාගතය, විනාශය, සතුරුභාවය, දුප්පත්කම වගේ දේවල් පමණයි. පාලකයෝ අපේ රටේ විවිධ ගැටුම් නිර්මාණය කළා. දැනටත් කරමින් ඉන්නවා. අපේ රට ගොඩනගන්න නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමගි සම්පන්න වෙච්ච සමාජයක් ගොඩනගන්න ඕන. මේ මැතිවරණ වේදිකාවේ අද මහජනයාගේ ආරක්ෂාව ගැන ලොකු සාකච්ඡාවක් ඇතිවෙලා තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සමහර නායකයෝ තම බලය සඳහා ආශිර්වාදයක් කරගන්න උත්සාහ ගන්නවා. ගම්වල තිබෙනවා බඳින තුවක්කු. ඒක බඳින්නේ හොරෙන්. බැන්ද කෙනා කවුද කියලා හොයාගන්න බැහැ. හැබැයි දඩයම උස්සාගෙන යනකොට ඔහු කවුද කියලා දැනගන්න පුළුවන්. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ඊට පස්සේ උස්සාගෙන ගියේ කවුද? කුරුණෑගලදී, මහනුවරදී, බිංගිරියේදී, මිනුවන්ගොඩදී අපි ඒක දැක්කා. ඒක ආශිර්වාදයක් කරගත්ත කෙනා ජනාධිපති තරගයට ඉල්ලනවා කිව්වා. තුවක්කුව බැඳපු කෙනා හොයා ගන්න පුළුවන් දඩයම උස්සාගෙන යනකොට කියලා අපි කියන්නේ ඒකයි. මතුපිටට පේන දේ නොවෙයි ඇතුලේ තිබෙන්නේ. ඒගොල්ලන් ඕනෑම ගැටුමක් ඒගොල්ලන්ගේ දේශපාලනය වෙනුවෙන් උපයෝගී කරගන්න සූදානම් වෙලයි ඉන්නේ. එවැනි දේශපාලනයකින් අපිට ඉදිරියට යන්න පුළුවන් ද සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට සමගි වුණු රාජ්‍යයක් නැතිව. අපි ගහගෙන, වෛරයෙන් මත්වෙලා කටයුතු කළොත් මේ රටට අත්වන ඉරණම කුමක් ද?

දැන් එක්කෙනෙක් කියනවා මම හිටපු ආරක්ෂක ලේකම්. මමයි යුද්ධ කළේ. මම තමුන්නාන්සේලාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගන්නම් කියලා. ඊට පස්සේ අනෙක් පිලේ අපේක්ෂකයා කියනවා මම ආරක්ෂාව පිළිබඳ වගකීම දෙන්නෙ ෆීල්ඞ් මාර්ෂල්ට කියලා. එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වෙච්ච සමයේ ජනරාල්ලට කරන්න ඕන තරම් වැඩ තිබුණා. හැබැයි අද ආරක්ෂාවේ අනතුර තියෙන්නේ මොකෙන්ද? යම් ජන කණ්ඩායමකින් පැන නඟින අන්තවාදී කොටස් තව ජන කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කරයි ද කියන සැකයෙන්.

මේක සමනය කරන්න ජනරාල්ලා ඕන ද? විශාල යුද සැලසුම් ඕන ද? මේ කරන්නේ එවැනි සිදුවීම් දේශපාලන වාසියට පාවිච්චි කරන එක. මේ අන්තවාදී ප්‍රහාර නැවැත්විය යුත්තේ නීතිය පාලනය කරන ආයතන හා මහජනයා විසින්. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ගොදුර බවට පත්වුණේ කතෝලික ජනතාව. එම ප්‍රහාරයෙන් පස්සේ ප්‍රහාරයට ලක්වුණේ මුස්ලිම් ජනතාව. එතකොට ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්න, අනාරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. මුස්ලිම් ජනයා කැමැති ද තමන්ගේ ජන සමාජය ඇතුළේ ගොඩනැගෙන අන්තවාදයකට. කිසිදු ජන කොට්ඨාසයක් තම ජන කණ්ඩායම ඇතුළේ ගොඩනැගෙන අන්තවාදයකට කැමැති නැහැ. තමන්ගේ සමාජය ඇතුළේ ගොඩනැගෙන ඕනෑම අන්තවාදයකට එරෙහිව සමාජය ඉදිරියට ආ යුතුයි. අපේ ව්‍යාපාරය ඒකට සූදානම්.

අපි කවදාවත් ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත්කර ගන්නේ නැහැ. එවැනි වර්ගයේ අය අපේ වේදිකාවට කිසිදාක වද්ද ගන්නෙත් නැහැ. අන්තවාදය පෝෂණය කරමින් මහජන ආරක්ෂාව දෙන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාව අන්තවාදීන්ගෙන් පිරිලා. සජිත්ගේ වේදිකාවත් විවිධ වර්ගයේ අන්තාවදීන්ගෙන් පිරිලා. අන්තවාදීන්ගෙන් වේදිකා පුරවාගෙන ජනරාල්ලාට මහජන ආරක්ෂාව දෙන්න බැහැ. මහජනයාට ආරක්ෂාව දීමට නම් පළමුව අන්තවාදය පරාජය කළ යුතුයි. අපේ රටේ පොලිසිය සූදානම් වෙනවා නම්, කවර වර්ගයක හෝ අන්තවාදයකට ඉඩ නොදෙන්න අන්න එවිට ස්ථිර වශයෙන් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්. අපේ පාලනයක් යටතේ කිසිදු ජාතිවාදයකට, අන්තවාදයකට, ආගම්වාදයකට මතවාදීව හෝ ක්‍රියාශීලීව පැනනගින්න කිසිසේත්ම ඉඩ තබන්නේ නැති බවට අපි ඔබට සහතික වෙනවා.

අපේ පාලනයක් යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම වර්ගයක අන්තවාදී, ජාතිවාදී, ආගම්වාදී ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය බලතල පොලිසියට ලබාදෙන්න අපි සූදානම්. අපිට අවශ්‍ය අනාරක්ෂිත බවේ සංඥාව සහිත ආරක්ෂාවක් නොවෙයි. ආරක්ෂිතභාවයේ සංඥාව සහිත ආරක්ෂාවක් තමයි අපේ පාලනයක් යටතේ අපේ රටේ ජනතාවට අපි දෙන්නේ. ස්ථාවර ආරක්ෂාවක් සහතික කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර, ස්ථාවර සමගියක් සාමයක් ඇති කළ හොත් පමණයි. එය කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි.

ස්ථිර මහජන ආරක්ෂාවේ ලකුණ මාලිමාව පමණයි. තොරතුරු තාක්ෂණය අතින් අපේ රට ඉහළ රටක්. අපි එතුළින් ප්‍රයෝජනය ගත යුතුයි. අපි නුපුහුණු ශ්‍රමය වෙනුවට ලෝකයේ දියුණුතම වෙළෙඳපොළක් සැකැසිය හැකි පිරිසක් රට යැවිය යුතුයි. අපිට ඒ සැලැස්මක් තිබිය යුතුයි. අපිට මේ රට ගොඩනැගිය හැකි ආර්ථික සැලැස්මක් තියෙනවා. ඒ තුළින් රට ගොඩනගන්න පුළුවන්. ආර්ථිකයේ ඉහළ තලයේ ඇති වෙනස්කම් සිදු කර ලෝකයේ දියුණුතම ආර්ථිකයක් ඇති රටත් බවට පත්කරනවා. ග්‍රාමීය දුප්පත්භාවය නැති කරනවා. හැම කෙනෙක්ම ණයකාරයෙක් බවට පත්වෙලා. මේ සියලල්ලට විසඳුම ඇත්තේ ජාතික ජන බලවේගයට පමණයි.” යැයි ද දිසානායක මහතා පැවැසීය.

මෙම ජන හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ වෛද්‍ය චාන්දනී කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුර්‍ළු විශාල පිරිසක් එම රැලියට එක්ව සිටියහ.



අදහස් (5)

“අපිට වැරදුණා කියා පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා“

Raveendra Friday, 01 November 2019 06:25 AM

අපි නම් අවංකවම පසුතැවිලි වෙනවා ඔබලා වගේ අය 71, 88/89 වටිනා තරුණ ජිවිත දහස් ගණනක් නැතිකිරීමට ඍජුවම දායකවීම ගැන. එලෙසම ඔබලා විසින් නටවන කොන්ද පණනැති අන්තරේ ඉන්න අය නිසා අහිංසක සිසුන්ට වෙන හානිය මෙන්ම මහජනතාවට වෙන හානි පිළිබදවත් අපි නම් දෙස්දෙවොල් තියනවා.

:       644       180

Tharindu PereraFriday, 01 November 2019 02:07 PM

දූෂිත දේශපාලනඥයින්ගෙන් ‌රටට සිදුවන හානියට වඩා ඉතාමත් ප්‍රබල සාමාජීය හානියක් මෙවැනි ගන්ධබ්බයින් දරන ප්‍රතිගාමී අදහස් නිසා සමාජයට සිදුවේ. කිසිඳු ‌දේශපාලන පදනමක් ‌නොමැති ‌‌මෙම රස්තියාදුකාර චරිත බිඳවැටෙන ‌දේශපාලන ක්‍රමයේ අනවාර්ය ප්‍රතිඵලයකි.

:       46       882

sunilSunday, 03 November 2019 01:36 AM

කොහොමත් ඇත්ත තිත්තයි.

:       2       1

Nalaka Saturday, 02 November 2019 06:44 AM

ඔයාට වැරදුනේ නාගානන්ද කපලා දැම්ම දවසේ. ඔහු පක්ෂය ගන්න එක අර ලේකම්ට සල්ලිදීලා බ්ලොක් කරලා දැන් ඉතින් පසුතැවිලා වැඩක් නැහැ.

:       48       0

FernandoSaturday, 02 November 2019 12:15 PM

නාලක, නාගානන්ද නම් කිව්වේ ඒක කරේ මහේෂ් කියලයි.

:       0       156

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site