X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“

(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)

“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය.

ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට තමා ජනතා ප්‍රශ්න හඳුනා ගනිමින් ඊට විසඳුම් දීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා ඒ ප්‍රතිපත්ති මාලාව කියවා තීරණය ගන්නා ලෙස මුළු රටටම ආරාධනා කරන්නේ යයි ද සඳහන් කළේය.

හාරිස්පත්තුව ජන රැලියට අමතරව මෙදින සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් කුණ්ඩසාලේ, තෙල්දෙණිය, තලාතුඔය, හඟුරන්කෙත සහ වලපනේදී ජනරැලි පැවැත්විණි.

ජන රැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීිවේය.
සුළු අපනයන භෝග වන සාදික්කා, කරාඹු නැටි, ගම්මිරිස් වගාවලින් ප්‍රදේශයේ බොහෝ දෙනෙකු ජීවිකාව කරගෙන යනවා. රටේ හැම භෝගයකටම ආයතන දෙපාර්තමේන්තු තිබුණද සුළු අපනයන භෝග සඳහා අපේ රටේ එකම රාජ්‍ය ආයතනයක්වත් නැහැ.

ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ලංකාවේ සුළු අපනයන භෝග වගාකරුවන් වෙනුවෙන් වෙනමම අධිකාරියක් පිහිටුවනවා. ගම්මිරිස්, සාදික්කා, කරාඹු නැටි වැනි භෝගවලට සහතික මිල දීලා මේ කර්මාන්ත කරගෙන යන සියලු දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරනවා.

රටේ ආහාර අවශ්‍යතාව ගොවි පරපුරෙන් පමණක් සපයා ගන්නට අපි සැලසුම් සකස් කරනවා. පිටරටින් රටට භව බෝග ආනයනය කරන්න අවශ්‍ය නැහැ. රට තුළින්ම දේශීය ඉල්ලුමට සැපයුම සකසන්න පුළුවනි. ඉන් නතර නොවී අතිරික්තය අපට පිටරට යවන්න පුළුවනි.

මෙරට නිපදවිය හැකි දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු පවා පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු මෙරට වගා කරන්න බැරිද? රටක් ලෙස අපට බැරිද, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කටුවැල්බටු මෙරට හදන්න. අපට ඇත්තටම පුළුවනි.

කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ හැම වගාවක්ම ඉහළට ගේනවා. ඒ සැලැස්ම තුළ වී වගාව, එළවළු පලතුරු වගාව, ගොඩ භෝග වගාව, සුළු අපනයන භෝග වගාව, තේ- පොල්-රබර් වගාව යනාදී හැම වගාවකටම 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ නොමිලේ පොහොර දෙනවා.

මෙරට ඉතිහාසයේ කිසිම දවසක මහා වගා ව්‍යාපෘතිය වෙනුවෙන් නොමිලේ පොහොර දී නැහැ. නමුත් මා ඒ යුතුකම ඉටු කරනවා. යුතුකම ඉටු කරන්නේ රටේ ජාතික ආහාර විප්ලවය ක්‍රියාත්මක කරන්නයි.

මේ ප්‍රදේශයේ පවතින ජල ප්‍රශ්නයට විසඳුම් දෙන්න වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. රටේ ජනාධිපති ලෙස ජල ව්‍යාපෘතිය විවෘත කරන්න මා එනවා.

කළුගල් කර්මාන්තය, රතිඤ්ඤා ආශ්‍රිත ව්‍යාපාර විවිධ ප්‍රශ්න නිසා චක්‍ර ලේඛ හරහා පැනවූ නීතිරීති රෙගුලාසි තුළ මේ කර්මාන්තවලට අගතියක් වූවා.

ජනාධිපති ලෙස මා වගකීම් බාර ගත්තාට පසු තිබෙන්නා වූ සීමා ලිහිල් කර පරිසරයට අහිතක් හානියක් නොවන ලෙස කළුගල් කර්මාන්තයත්, රතිඤ්ඤා කර්මාන්තයත් නඟාසිටුවන්න කටයුතු කරනවා.

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවහම ජනතාවට මා ඉදිරිපත් කළ වැඩසටහන ගැන අවබෝධය ලැබෙනවා. දුප්පත්කම නැති කරන සමෘද්ධි ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර ඊට වැඩි වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. සැමදා අප දුප්පත්කම ගැන කතා කරකර ඉඳලා වැඩක් නැහැ. දුප්පත්කමින් මිදෙන්න ශක්තිමත් කෙටි කාලීන විසඳුමක් අවශ්‍යයි.
මෙරට පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුම් දිවා ආහාර දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මගේ ප්‍රතිවාදී දේශපාලන කල්ලිය පාසල් දරුවන්ගේ දිවා ආහාරය අහෝසි කළා. තුන් ආකාරයකින් පාසල් දූ දරුවන් 44 ලක්ෂයකට දැවැන්ත වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා.

දැනුම මත කේන්ද්‍ර වූ ආර්ථිකය බිහිකරන අතර ජන සමාජයේ උගතුන්-බුද්ධිමතුන් බිහිකරන්න මා කටයුතු කරනවා. මෙරට ජනතාව 16 වැනිදාට පොඩි මිනිහගේ යුගය බිහි කරනවිට පාසල් දරුවන් 44 ලක්ෂයටම නිල ඇඳුම් දෙකයි, දිවා ආහාරයයි, සපත්තු කුට්ටමයි දෙනවා.

රටේ යොවුන් පරපුරට හොඳ අනාගතය අවශ්‍යයි. ඒ වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි කර්මාන්තපුර ආරම්භ කරනවා.

මේ හාරිස්පත්තුව ආසනයට කර්මාන්ත පුර 3 ක් දෙනවා. එමගින් රැකියා නැති තරුණ තරුණියන්ට ගමේම නගරයේම ඉඳගෙන රැකියා කිරීමේ අවස්ථාව උදා වෙනවා.

ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරන්න යෞවන-යෞවනියන් කැමැත්ත දක්වනවා. තමන්ගේ අයි ෆෝන්වලින් වට්ස් ඇප්, පණිවුඩවලින්, වයිබර් ට්විටර් පණිවුඩවලින් මුළු ලෝකයම ඉදිරියට යන ආකාරය ඔබ දකිනවා. අපේ තරුණ තරුණියන්ටත් ලෝකයේ ක්‍රියාත්මක වන ඩිජිටල් විප්ලවය අපේ රටේ මහපෙළොවේ ක්‍රියාත්මක කරන්න තරුණ ඔබට අවශ්‍යයි. ඒ නිසා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නව තාක්ෂණ විද්‍යාලයක් හදන්න මා කටයුතු කරනවා.
මෙරට 25%ක් වූ යොවුන් සම්පත වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන්නේ හංසයාගෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාසයි.

කාන්තාවන් වෙනුවෙනුත් මා වැඩපිළිවෙළක් දියත් කළා. මෙරට සීයට 51.8 ක් වන කාන්තාවන් වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියක් අපි ආරම්භ කළා. තරුණයන් වෙනුවෙන් තරුණ ප්‍රඥප්තිය මා ඇති කළා.

කාන්තා ප්‍රඥප්තිය තුළ කාන්තා පරපුරේ ආර්ථික-සමාජීය-දේශපාලන අයිතිවාසිකම් මෙන්ම කාන්තාවට දියයුතු සැලකිල්ල ශක්තිය සියල්ලක්ම ඇතුළත් කළා. මෙරට දරු පරපුර රැක ගන්නේ කාන්තාවයි. කාන්තාව අරපිරිමැස්මෙන් ගෘහයේ ආර්ථිකය කළමනාකරණය කරගෙන මෙරට ජීවය- ප්‍රාණය බවට පත්ව සිටිනවා.

ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා කරන කාන්තාවන්ගේ නිෂ්පාදන පිටරට යවලා විදේශ විනිමය අතිවිශාල ප්‍රමාණය මෙරටට ගේනවා. මැදපෙරදිග හා අනෙක් රටවල විදේශ සේවයට යන සහෝදරියන්-මව්වරුන් රටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එනවා. ඒ නිසා මා කාන්තා පරපුර වෙනුවෙන් වෙනම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරනවා.

මට ඕනෑම විවේචනයක් දරා ගන්න ශක්තිය ජවය-තියෙනවා. නමුත් මට දුක මගේ ප්‍රතිවාදියාට මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන අබමල් රේණුවක දැනුමක්, අවබෝධයක් නොතිබීම ගැනයි.

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ මගේම සංකල්ප විතරයි. එයින් ටිකක් මා මෙතන කිව්වෙ. ඉතින් මේ කාරණා ගැන වාදයට එන්න කියා මා ප්‍රතිවාදියාට ආරාධනා කළා. මොකද, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන දේ මා දන්නවා. මේවා මට වෙන කව්රුත් ලියා දුන්නු ඒවා නොවෙයි.

රටට වින කරන, රට විනාශ කරන පරදේසක්කාර බලවේගවලට දේශීය සංස්කෘතිය ගැන නොදන්න දූෂිත කම්බහොරුන්ට තනතුරු දෙන පත්වීම් ලිපියට අත්සන් කරන්නේ නැතැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
ආණ්ඩුව කරන්න නොහැකිව 2015 වසරේදී පැනගිය කල්ලිය නැවත බලය ඉල්ලාගෙන ඇවිත් ඉන්නවා. ඒ යුගයේදී ආර්ථික සම්බාධක පවා පැනවීමට ජාත්‍යන්තරය සූදානමින් සිටියා. රාජපක්ෂ වසර දෙකකට පෙර එදා මැතිවරණය පැවැත්වූයේ ඒ නිසයි.

ඇමරිකා පුරවැසියන් වූ අය මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන කතා කරනවා. බිය විය යුත්තේ රටට ආධාර ලැබෙන ගිවිසුම් ගැන නොව ඇමරිකන් පුරවැසියන් මැතිවරණයට ඉදිරිපත්වීම ගැනයි.

එක්සත් ජාතික පක්ෂ හාරිස්පත්තුව ප්‍රධාන සංවිධායක තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා:-
වාද භේද ඉවතලා මේ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජනපති බවට පත් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මෙන්ම එතුමාගේ පියාණන් කළ මෙහෙවර ගැන ජනතාව හොඳින් දන්නවා.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ, නගර සැලසුම් සහ ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුද අදහස් දැක්වූහ.

විශාල ජන ගංගාවක්  රැලිවලට සහභාගිවී සිටියහ.



අදහස් (1)

“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“

Raveendra Friday, 08 November 2019 09:07 AM

ඔව් ඔව් ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැනයනවා. මම ප්‍රශ්නවලින් හැංගෙනවා. නැද්ද මල්ලියේ... හා පුලුවන්නම් කටඇරලා කියන්නකෝ ප්‍රසිද්ධියේ ඇමෙරිකාව සමග අත්සන්කරන ගිවිසුමට මම විරුද්ධයි. මම එය එකහෙලා බැහැර කරනවා කියලා ඔය කටින්ම... හා හා කියමු බලන්න. මේ අනිත් එකාගේ අඩුපාඩු හොයන්න ඔයා අංග සම්පූර්ණද? ලැජ්ජයි මෙච්චර මිනිසුන් කියනවා තමන්ගේ වැරදි හදාගන්න.. අනුන්ගේ අසුචි හෝදන්නේ නැතිව කියලා..

:       0       21

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site