(ජේ.ඒ.එල්. ජයසිංහ)
ප්‍රධාන පක්‍ෂ දෙකේ දේශපාලන අපේක්ෂකයන් ඡන්ද දායකයා විහිළුවට ගෙන ඇති බවත් බොරු පොරොන්දු වෙනුවට රටේ සියලු ජනතාව ඒකරාශී කරගනිමින් රට ගොඩනැගිය හැකි නිවැරැදි වැඩපිළිවෙළ ඇත්තේ තම කඳවුරේ බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහනුවර දී ඉකුත්දා පැවැසීය.
දූෂණ වංචා චෝදනා නැති පිරිසුදු කණ්ඩායමක් සමග රට ගොඩනැගීමේ කර්තව්‍යයට උර දීමට තමන් සුදානම් බවද ඔහු සඳහන් කළේය.
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට පැවති ජනහමුවට එක්වෙමිනි.
අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.
ගත් සමහර ණය ඵලදායි ලෙස ආයෝජනය නොකළා පමණක් නොව ඒ ණය නිකම්ම වියදම් කළා. ප්‍රයෝජනවත් ලෙස ණය යොදා ගත්තා නම් ණය උගුලෙන් ගැලවීමට පුළුවන් කම තිබුණා. රට සංවර්ධනය කිරීමට තරම් දක්‍ෂ විද්‍යාඥයන් සහ තාක්‍ෂණ විද්‍යාඥයන් අපට සිටිනවා. ඔවුන්ගේ සේවය අප ලබාගත යුතුයි.
දැන් සිදුවන්නේ විදේශීය රටවලට ඔවුන්ගේ බුද්ධිය දැනුම හා කාර්යක්ෂමතාව ලබාදීමයි. තොරතුරු තාක්‍ෂණය මගින් රටට විශාල ආදායමක් ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා.
දුප්පත්කම රටේ බේදචාකයක්. නොයෙක් පොරොන්දු දෙමින් පක්‍ෂ බලයට එනවා. ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට ඒමට ඇට වර්ග අටක් දෙන බව කීවා. තව නායකයෙක් දිළිඳු සහන වැඩිකිරීමට පොරොන්දු වූවා. තවත් නායකයෙක් පෝෂණ මල්ලක් දෙනවා කීවා. දැන් නායකයෙක් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන්න පොරොන්දු වූවා. මේක දුප්පත් කම විකිණීමක්. මේ අන්දමට දුප්පත්කම නැතිකිරීමට පුළුවන් කමක් නැහැ. දුප්පත් කම නැති කළ හැකිවෙනත් මාර්ග තිබෙනවා. මේ රටේ ධන උල්පතක් බවට සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකියි.
සංචාරක ක්‍ෂේත්‍රය ඵලදායි ව්‍යාපාරයක් බවට පත්කර ගත හැකියි. අවුරුද්ද පුරාම සංචාරකයන් ගෙන්වා ගැනීමට පුළුවන්කම තිබෙන බැවින් ඒ සඳහා සැලසුම් සකස් කළ යුතුයි.
අපට ජාතික උරුමයක් ආගන්තුක සත්කාර අංශයෙන් තිබෙනවා. රටම සංචාරක කේන්ද්‍ර ස්ථානයක් බවට පත්කර ගත හැකියි
අපේ තාක්‍ෂණ අංශයේ නිෂ්පාදනවලට සහ ගුණාත්මක තේ සඳහා වෙළෙඳපොළ සොයා ගත යුතුයි. කුරුඳු ගම්මිරිස් සහ වෙනත් නිෂ්පාදන හා මල් වගාවට වෙළෙඳ පොළක් සොයා ගත යුතුයි.
මෙවැනි අංශවලින් ලෝක වෙළෙඳපොළට සම්බන්ධ වීමෙන් අපේ රට ඩොලර් පුරවන රටක් බවට පත්කර ගැනීමට හැකිවනවා.
අපේ රටේ ප්‍රවාහන සේවය ඉතාම දුර්වලයි. පොදු ප්‍රවාහන සේවය දුර්වල වීමෙන් ඇතැම් අවස්ථාවලදී කාන්තා පක්‍ෂය දැඩි අපහසුතාවට පත් වෙනවා. මේ අතර පෞද්ගලික රථවාහන ලබා ගැනීමට බොහෝ දෙනෙකු උනන්දු වෙනවා. පෞද්ගලික වශයෙන් කුඩා වාහන මිලට ගැනීම නිසා බොහෝ දෙනෙකු ආර්ථික ගැටලුවලට මුහුණ පානවා.
තමාට ලැබෙන ණය ගැනීමට යාමෙන් මේ ආර්ථික ගැටලුව ඇති වෙනවා. මේ සියලු ගැටලුවලට හේතුව පොදු ප්‍රවාහනය දුර්වල වීමයි.
මේ අතර අධ්‍යාපන ගැටලු තිබෙනවා. ටියුෂන් දරුවන්ට මෙන්ම මව්පියන්ටත් බරත්, පීඩනය නිසා පාසල් දරුවන්ට මානසික රෝග වැළඳෙනවා. පාසල් අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් වන අධ්‍යාපන ක්‍රමයක් අපි නිර්මාණය කරනවා.
නිදහස ලබාගෙන 71 වසරක්ම අපේ රටේ නායකයන් අපේ රට දුප්පත් රටක් කළා. අපේ රටේ ජනතාව දුප්පත් ජනතාවක් බවට පත්කළා. රටත් ජනතාවත් දුප්පත් කළේ ණය බර පටවලා. රටත් ජනතාවත් දුප්පත්කමින් මුදාගෙන පෝසත් කිරීමේ වැඩ පිළිවෙලක් අපට තිබෙනවා.
විදේශ පාලනයෙන් නිදහස් වනවිට අපේ රට පොහොසත්ව තිබුණා. අපේ රට දෙවෙනි වුණේ ජපානයට පමණයි. වැරදි පාලකයන් වැරදි ආර්ථිකයත් නිසා ණය අරගෙන පාලකයන් ජනතාව ණය උගුලකට හසුකළා. ගත් ණය ඵලදායි ව්‍යාපෘතිවලට ආයෝජනය නොකළ බැවින් මෙන්ම ඩොලරයේ වටිනාකම ඉහළ යාමෙන් ද ජනතාවගේ බදු බර ඉහළ ගියා.
ණය උගුලෙන් රට මුදා ගැනීමේ වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගයේ අපට තිබෙනවා. අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපට ශක්තිය තිබෙනවා. අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපට ශක්තිය ලබා දෙන්න කියා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. මේ රට යහපත් සංවර්ධිත රටක් බවට පත්කොට ජනතාවට සතුටෙන් ජීවත් විය හැකි රටක් බවට පත්කිරීමට අපට දැනුම හා වැඩපිළිවෙළක් තිබෙනවා.
සතුටෙන් ජීවත්වීමට ජනතාවට අවස්ථාව සැලසීමට රටේ ආර්ථිකය ගොඩනැංවිය යුතුයි. දරුවන්ට වැඩිහිටියන්ට විශේෂයෙන් කාන්තාවන්ට මේ රට සුරක්ෂිත රටක් බවට පත්කළ යුතුයි. ආබාධිතයන්ට පහසුකම් සැලසුණු රටක් බවට මේ රට පත්කළ යුතුයි. බියෙන් සැකෙන් තොරව ජීවත් වීම සඳහා ජාතික ආරක්‍ෂාව තර කළ යුතුයි. පරිසරය ආරක්‍ෂා විය යුතුයි.
අධිනීතිඥ ලාල් විජේනායක මහතා රැලිය අමතමින් මෙසේ කීය.
දේශපාලන නිදහස ලබාගත් ලෝකයේ බොහෝ රටවල් සංවර්ධනයෙන් ඉහළ ගිය නමුත් අවුරුදු 71ක් තිස්සේ ශ්‍රී ලංකාව පහතට වැටුණා. එයට හේතු වූණේ රටට ආදරයක් මෙන්ම සැලැස්මක් නැති නායකයන්
සුදුසු සැලැස්මක් හා දර්ශණයක් තිබෙන පක්ෂය ජාතික ජන බලවේගයයි.
සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය නිමල් චන්ද්‍රසිරි, තාරා මොහොමඞ්, ලලිත් රාජපක්ෂ, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක ගයාන් ජානක හේරත් යන මහත්වරුද එහිදී කතා කළහ.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
“රට ගොඩනැගීමේ නිවැරදි වැඩපිළිවෙල ඇත්තේ අපිටයි“
Sanath Kandy Monday, 11 November 2019 06:18 AM
අනුරගේ ජය මේ රටට ආදරය කරන මිනිසුන්ගේ ජයක්. ඔබේ ඡන්දය ලැබුණොත් ජයගත හැකියි සිතා ඔබේ ඡන්දය ලබාදෙන්න. මේ රටට දැන් සිස්ටම් එකේ වෙනසක් අවශ්‍යයි...
Nissanka Monday, 11 November 2019 06:19 AM
ජාතික ජන බලවේගය තමයි ඉතාමත් සවිස්තරාත්මක යථාර්ථවාදී වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන්නේ... ඒ වැඩපිළිවෙල හැදුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරු දෙසියදෙනෙක් ඇතුළු විද්වත් කමිටුවක්...
Vajira Monday, 11 November 2019 06:20 AM
පොළවේ පය ගහලා දේශපාලනය කරන අවුරුදු විසි ගණනක් කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොතකා රට වෙනුවෙන්, දුක් විඳින මිනිස්සු වෙනුවෙන් පෙළ ගැසෙමු.
Deshapriya Monday, 11 November 2019 06:22 AM
දැන් මේ රටට ඇති එකම අපේක්ෂාව අනුරයි. මාලිමාවට ජයවේවා...!!!
Mahasen Monday, 11 November 2019 06:23 AM
ඉදිරිපත් වී ඇති 35දෙනා අතරින් රට බාරදෙන්න සුදුසුම අපේක්ෂකයා අනුර බවට කිසිම විවාදයක් නැහැ.
Vikalpa Monday, 11 November 2019 06:27 AM
මේ තරම් පැහැදිලිව, නිරවුල්ව ඔබට පහදාදෙන දේ තේරුම් ගනිමු. රට නිවැරදි මගට ගන්න අනුරට හැකියි. ඔහු තනි පුද්ගලයෙක් නොවේ. ඉතා විශාල වියතුන් ප්‍රමාණයක් දැන් ඔහු වටා එක්වී සිටිනවා.
Raveendra Monday, 11 November 2019 06:48 AM
හරි ළමයා තමයි අනුර මලයා... ඔක්කොම හන්ගගෙනම හිටියා නේද? මෙතෙක් කල් කාටවත්ම කියන්නේ නැතිව ඒ ඔක්කොම ඔයාලා ළඟ තියෙන්නේ කියලා.. හොඳම හොඳ නැහැ ඔයා මෙයා...
Aruna Monday, 11 November 2019 10:26 AM
රටේ අනාගත පරපුර ගැන හිතලා හරි දේ කරන්න. පාට කණ්නාඩි ගලවලා බලන්න. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව එක උදාහරණයක්...!!!