X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


“සජිත් ජනපති කරන්න කියන්නේ බුදුදහම පෝෂණය කර ආදර්ශයක් දීම නිසයි“

(අංජුල මහික වීරරත්න සහ අතුල බණ්ඩාර)

සජිත් ප්‍රේමදාස ජනපති කරන්නැයි ඉල්ලා සිටින්නේ ජනතා මුදලින් සිල් රෙදි බෙදා නොව සැබෑ ලෙසම බුදු දහම පෝෂණය කර ආදර්ශය දීම නිසා යැයි එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය 2019 ප්‍රචාරක ව්‍යාපාරය සමාප්ත කරමින් පැවසීය.

ඡන්ද පොළේදී ජනතාව තීරණය කරන්නේ තම අනාගතය මෙන්ම රටේ අනාගතය බව කී අග්‍රාමාත්‍යවරයා රට මස් කඩයක් කරනවාද? නොඑසේ නම් නිදහස් නිවහල් දේශය බවට පත් කරනවා දැයි යන්න නිවැරදිව තීන්දු කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පැවැති අවසන් ජන රැලිවලට අති විශාල ජනකාය සහභාගී වී සිටියහ.

අනුරාධපුරයේත්, ගාල්ල, කළුතර සහ මැද කොළඹත් (මරදාන ටවර් රඟහල ඉදිරිපිට) පැවැති අවසන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි ඇමතූ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

සෙනසුරාදා ඡන්ද පොළට ගොස් ඔබගේ අනාගතය තීරණය කරනවා. එමෙන්ම රටේ අනාගතය තීරණය කරනවා. එසේ නම් නොවැම්බර් 16 වැනිදා හංසයාට ඡන්දය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

මේ රැස්වීම පවත්වන්නේ පොහොය දිනකයි. රාජපක්ෂ ආණ්ඩුව තිබුණා නම් අද සිල් රෙදි බෙදනවා. නැතිනම් ඡන්ද ගුණ්ඩු ලෙස දන්සල් පවත්වනවා. ජනතා මුදලින් අප සිල් රෙදි බෙදන්නේ නැහැ. දන්සල් දාන්නේ නැහැ. අප ඡන්දය ඉල්ලන්නේ සිල් රෙදි බෙදා නොව බුදු දහම පෝෂණය කර බව අවධාරණය කළ යුතුයි.

මිහින්තලය ජාතික උරුමයක් බවට අප පත් කළා. භික්ෂුන් වහන්සේ උදෙසා බුදු පුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය ඇති කළා. මධ්‍යම සංස්කෘතික අරමුදලකින්, ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයෙන් මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4000 කට වැඩි මුදලක් වෙන් කළා. බුදු දහම පෝෂණය කරන සෙසු වැඩසටහන් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් බුදු දහම පෝෂණය සඳහා බොහෝ කටයුතු කර ඇති අතර ජනපති ලෙසත් ඒ කටයුතු කරන බව මා සඳහන් කරන්න කැමැතියි.

තරුණයන්ට අවශ්‍ය නිදහසයි. මා රටේ නිදහස ඇති කළා. බය නැති කළා. අතුරුදන් වීම නැති කළා. ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කළා. නිදහස් සමාජයක් ඇති කළා.

ගම්පෙරළිය, රන්මාවත්, ළඟම පාසල හොඳම පාසල, ආදී වැඩසටහන් ක්‍රියාත්මක කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණුවට පත් කළා. තරුණියන් ඉල්ලන මීටත් වඩා නිදහස අප දෙනවා. සජිත් ප්‍රේමදාස ජනපති කරන්නැයි මා කියන්නේ ඒ නිසයි. සජිත් ප්‍රේමදාස මහතා සමග තරුණ පරපුරට ගැලපෙන දේශපාලනය කරන්න ඔබට හැකියි.

අද 4-ජී සමාජය ඇති වෙලා. හෙට 5-ජී සමාජය උදා වෙනවා. ඩිජිටල් සමාජය උදා කර ගන්න සජිත් ප්‍රේමදාස ජනපති කරන්නැයි මා ඉල්ලනවා.

ඬේටා නිදහස අවශ්‍ය බව තරුණ පරපුර පවසනවා. අද තිබෙන රුපියල් 99 පැකේජයෙන් පැයක් වත් වැඩ කරන්න නොහැකි බව කියනවා. ඒ නිසා මෙරටට ෆයිබර් කේබල් යොදවා අදාළ ගාස්තු මා අඩු කරනවා. ඒ කාර්යය කරනතුරු විශ්වවිද්‍යාල සිසුන්ට හා උසස් අධ්‍යාපනය, අයි.ටී. පුහුණුව ලබන සිසු සිසුවියන් සඳහා සහන ක්‍රමයට ඬේටා දෙන බවට මා පොරොන්දු වෙනවා.   

තරුණ ඔබට 6-ජී ඩිජිටල් අනාගතයක් අවශ්‍ය නම් හංසයාට ඡන්දය දෙන්න. සජිත් ප්‍රේමදාස ජනපති කරන්න. ඔබට අවශ්‍ය හැම ගෙදරකටම මස් කඩයක් ද? 6-ජී ඩිජිටල් ක්‍රමවේදයක් ද කියා ඔබම තීරණය කළ යුතුයි. නොවැම්බර් 16 වැනිදා හංසයාට ඡන්දය දී ඒ ගමන ආරම්භ කරමු යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

 



අදහස් (5)

“සජිත් ජනපති කරන්න කියන්නේ බුදුදහම පෝෂණය කර ආදර්ශයක් දීම නිසයි“

Raveendra Thursday, 14 November 2019 05:43 AM

දැන් නම් හොදටම බයවෙලා වගේ...

:       111       215

Bandara Thursday, 14 November 2019 06:36 AM

කරපු පෝෂණය හොදටම ඇති. දැන්වත් බොරු කියන්නේ නැතුව ඉන්න.

:       88       179

Raveendra Thursday, 14 November 2019 11:20 AM

බැංකුව කඩනවිට මසුරන් පෝෂණය දැක්කාද ? මසුරන් මන්දපෝෂණය නිසා ධර්මය අමතක උනාද ? ලබන සතියේ මේ ඔක්කොම මන්ද පෝෂණය වෙනවාද ?

:       66       120

Ali Monday, 18 November 2019 03:40 AM

හයියෝ පැරදුණා.. දැන්වත් යන්න.

:       0       224

gamarala Tuesday, 19 November 2019 07:42 AM

අනේ සජිත් නැති උනාට අපේ ගෝඨාභය මහත්තය ඔය ටික කොහොමත් කරයි. ඒ ගැන මොහොතකටවත් දුක්වන්න එපා රනිල් මහත්තයෝ.....

:       0       68

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site