X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


අඩි 30000ක් උඩ අත්භූත මිනිස් රුවක්

අයර්ලන්ත ජාතිකයකු වන නික් ඕ ඩොනර් නම් පරිඝණක මෘදුකාංග  සමාගම් කළමනාකාරවරයකු විසින් අඩි 30000 ක් උස අහසේ වලාකුළක දුටු විශ්මිත මිනිස් රූපය ඡායාරූප ගත කර අන්තර්ජාලයට මුදා හැරීමත් සමග එය අද්භූත සිද්ධියක් බවට පත්ව ඇති බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ හා තාරකා ජිව විද්‍යා ගවේෂක කිර්ති වික‍්‍රමරත්න මහතා පවසයි.

ඉකුත් ජනවාරි මාසයේ දිනක 30 හැවරිදි නික් ඕ ඩොනර් තම සේවා අවශ්‍යතාවයක් සඳහා ඔස්ට්‍රේලියාවේ සිට ලන්ඩනය දක්වා ජෙට් ගුවන් යානයකින් ගමන් කරන අතර තුර එම අරුම පුදුම සිද්ධිය දර්ශනය වි ඇති බවද වික‍්‍රමරත්න මහතා කීය.

එම අපුරු මිනිස් රූපය විනාඩි  දෙකක පමණ කාලයක් පැවැති බවද අධි තාක්ෂණ කැමරා මගින් එම සිද්ධිය ඡායාරූප ගත කළ බවද කියති.

ඒ මොහොතේ ඩොනර් සමග සිටි කාන්තාවන් කිහිප දෙනකුද එම රුව නැරඹිමත් සමග තිගැස්මකට ලක් වී ඇති බවත් මෙම මිනිස් රුව අන්තර්ජාලයට මුදා හැරිමත් සමග ඒ පිළිබදව බොහෝ දෙනා විවිධ මත පල කොට ඇති බවද වික‍්‍රරමරත්න මහතා කිවේය.

පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවට ඇද හැළුණු රතු වැසි අඩංගු රතු වැසි සෛල හා දිඹුලාගල උල්කාපාතයේ ජිව විද්‍යාත්මක සාධක මගින් පෘථිවියේ පිටත මෙම අනන්ත වු විශ්වයේ ජිවයන් පවතින බව පැහැදිලි ලෙසම සාක්කි සපයා තිබු බවත් මෙවැනි සිද්ධාන්ත මගින් ඒ පිලිබදව වැඩි දුරටත් තහවුරු වෙමින් පවතින බවත් වික්‍රමරත්න මහතා කීය.

3031A0EA00000578-3399089-Flyer_Nick_O_Donoghue_notice201623d_-a-4_1452868853706 3031A0F000000578-3399089-Some_online_posters_entered_a_guess_that_201623-3_1452868845504



අදහස් (0)

අඩි 30000ක් උඩ අත්භූත මිනිස් රුවක්

ලක්විදු Wednesday, 03 February 2016 05:57 PM

හොඳට පේනවා එය කුඩා වලාකුළු කැබැල්ලක් සහ එහි හෙවණැල්ල බව. (නි)

:       0       0

චන්දන Thursday, 04 February 2016 09:37 AM

දැන් කතාවක් තියෙනවානෙ රාවණා රජු නිද්‍රාවෙන් අවදිවෙලයි කියලා සමහර විට එතුමා ලංකාවට ඉහල අහසේ සැරිසරන වෙලාවක් වෙන්න ඇති .මොකද ඕස්ට්‍රේලියාවේ ඉඳලා එංගලන්තෙට යනකොටනේ දැකලං තියෙන්නේ (හේ)

:       0       0

ඉදුනිල් Thursday, 04 February 2016 05:42 AM

මොකක් වුණත් හරිම අමුතු බවක් නම් තියනවා.(ම)

:       0       0

ජයත් Thursday, 04 February 2016 03:51 AM

උල්කාපාත කැබැල්ලක් අල්ලාගෙන ඕකෙන් පෘතුවියේ ජීවය ගැන මත පලකරගෙන සද්දේ දමන අයට ඔයවගේ දේවල් දැකලා තමන්ට ඕන චිත්‍ර රූපයක් මවාගන්න අයිතියක් තියනවා නමුත් සාමාන්‍ය කෙනෙකුට නම් පේනවා මේ හැදිලා තියෙන්නේ මොකද්ද කියලා සමහරුන්ගේ චින්තනය තවම ගල් යුගයේ නොව ? (හේ)

:       0       0

හර්ෂ Thursday, 04 February 2016 01:31 AM

ඔය කියන විදියට පිටුපසින් තිබෙන්නේ අහසේ ඇති විල්/වැව් වෙන්න ඇති. (නි)

:       0       0

නොයෙල් Wednesday, 03 February 2016 11:52 PM

ඒක තමයි අසේල... (නි)

:       0       0

සමන්ති Wednesday, 03 February 2016 09:29 PM

එතකොට ගුවන් යානයේ නියමුවා දැක්කේ නැද්ද? (නි)

:       0       0

මලිත් Wednesday, 03 February 2016 08:52 PM

වලාකුළු දෙපැත්තට වීමෙන් මෙවැනි රූප මැවිලා තියනවා ඕනෑතරම් දැකගන්න පුළුවන්. සෙවණැල්ල දෙස පැහැදිලිවම බැලුවහම දුරින් පෙනෙන පෘථිවි වර්ණයම දැකගත හැකියි. ඉතින් වලාකුළක මිනිසෙක්ට තියා කුරුල්ලෙකුටවත් නිශ්චලව ඉන්න බැහැ (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 03 February 2016 08:31 PM

සොෆ්ට්වෙයාර් ශිල්පීන්ට පරිගණක මඟින් නැතිදේ ඇතිකිරීමට හොඳ හැකියාවක් තිබෙනවා. වලාකුළු මඟින් අපට නිතර විවිධ ආකාරයේ "රූප" පෙනෙනවා. ඒවා බලන අයගේ හිත්වල තිබෙන දේ අනුව මෙම "රූප" වලට විවිධ අර්ථකතන ඒ අය විසින් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහරින එක දැන් සෙල්ලමක් වෙලා. මගේ මතයේ හැටියට මේ රූපය වලාකුළක තිබුන එකක් නොවෙයි. හිරු බැසයන හැන්දෑවක මුහුදු වෙරළක ඇවිදිමින් සිටි පුද්ගලයකු හා එයාගේ සෙවණැල්ලයි මෙයින් අනුමාන කිරීමට තිබෙන්නේ.... (නි)

:       0       0

බීනු Wednesday, 03 February 2016 08:01 PM

අයියෝ! එයාලා මහා ලොකු කයිවාරුකාරයොනේ. දන්නේ නැද්ද මේ බව? (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 03 February 2016 07:26 PM

නික්, ඒක ලස්සනට හදලා තියනවා. හරිම නිර්මාණශීලියි. (නි)

:       0       0

අචිර Wednesday, 03 February 2016 05:59 PM

කොම්පියුටර් ජිල්මාට් කියන්නේ මේවට තමයි (නි)

:       0       0

ශහාඩ් Wednesday, 03 February 2016 01:02 PM

මෙය විශ්වාස කරන්න අමාරුයි.(හේ)

:       0       0

නිලූ Wednesday, 03 February 2016 05:12 PM

මම නම් හිතන්නේ මේ රාවණා රජු කියලයි‍. (නි)

:       0       0

මිනිපෙ Wednesday, 03 February 2016 05:07 PM

ගුවන් යානාවල මත්ද්‍රව්‍ය භාවිතා කිරීම තහනම් කළයුතුයි. (නි)

:       0       0

චමල්කා Wednesday, 03 February 2016 04:37 PM

පුදුමත් හිතෙනවා වෙලාවකට (නි)

:       0       0

රොකී Wednesday, 03 February 2016 02:40 PM

බුදු අම්මෝ! යකෙක් ! (බ)

:       0       0

අසේල Wednesday, 03 February 2016 02:42 PM

පරිගණක මෘදුකාංග සමාගම් කළමනාකාරවරයකු ලු නේද? (බ)

:       0       0

වන්නි චමින්ද Wednesday, 03 February 2016 02:39 PM

මට නම් හිතෙන්නේ පොලිස් අපරාධ විමර්ශ ඒකකයට බයෙන් අපේ රටෙන් පැන ගත්තු දුශිතයෙක් වෙන්න ඇති කියලයි. (බ)

:       0       0

ඩිනේෂ් Wednesday, 03 February 2016 02:30 PM

සොෆ්ට් වෙයාර් සම්බන්ධ කෙනෙක් හින්ද අායෙ සැක හිතන්න දෙයක් නෑ (බ)

:       0       0

සජිත් Wednesday, 03 February 2016 01:42 PM

පොටෝ ෂොප් නෙවෙයිද..(හේ)

:       0       0

ලතා Wednesday, 03 February 2016 01:35 PM

අනේ මන්දා හිතාගන්න බැහැ මොකක්ද කියල (බ)

:       0       0

රොමේෂ් සිල්වා Wednesday, 03 February 2016 01:20 PM

ඡායාරූපයේ ප්‍රමාණයට සාපේක්ෂව බැලුවොත් පෙනෙන්නේ කිලෝ මීටර් ගානක් දිග/උස කෙනෙක් වගේ ... මේවගේ මනුස්සොයෝ ඉන්න විදිහක් නැහැ. (බ)

:       0       0

සාගර Wednesday, 03 February 2016 12:59 PM

හෙවනැල්ලක් තියෙන නිසා මෙයා හොල්මනක් නම් වෙන්න බැහැ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site