X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


තුරන් කළ බරවා ගාල්ලෙන් මතුවේ

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරවා රෝගය තුරන් කළ රටක් ලෙස නම් කළත් මෙම වසරේ මුල් මාස හය ඇතුලත ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ බරවා රෝගීන් 155න් 114ක්ම වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් බව  බරවා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දේවිකා මෙන්ඩිස් මහත්මිය පවසන්නීය.

ඇය මෙසේද පැවසුවාය. “පසුගිය ජූලි 21වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන්කරන ලද රටක් වශයෙන් නම් කළා. එසේ කරන ලද්දේ ලංකාවේ බරවා ව්‍යාප්ත වී ඇති දිසිත්‍රික්ක සියල්ලෙන්ම වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව අනුව ගනනය කරන ලද ක්ෂුද්‍ර පරපෝෂිතතාවය නම් වන නිර්ණායකය සියයට එකකට වඩා අඩු අගයකට ලඟා කර ගැනීම නිසා. නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ රෝග ව්‍යාප්තිය වෙනත් දිස්ත්‍රික්ක වලට වඩා වැඩියි. ලංකාවෙන් හමුවන බරවා රෝගීන්ගෙන් සියයට 50ක්ම හමුවන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. මේ නිසා ගාල්ල දිස්ත්‍රික්කය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න අපි තීරණය කළා.“

ගාල්ල දිස්ත්‍රික්කයේ බරවා වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 11ක් හඳුනාගෙන ඇති බව ඇය පවසන්නීය. ඒවා නම් අක්මීමන, අමිබලන්ගොඩ, බෝපෙ පෝද්දල, බලපිටිය, ගාල්ල කඩවත් සතර, ගෝනපිනුවල, හබරාදුව හික්කඩුව, ඉමදුව, ඉඳුරුව සහ රත්ගම වේ. මෙයින් වැඩිපුරම රෝගීන් වාර්තා වී ඇත්තේ බලපිටියෙනි. පසුගිය මාස හය ඇතුලත රෝගීන් 103දෙනකු බලපිටියෙන් වාර්තා වී ඇත.

වෛද්‍ය දේවිකා මහත්මිය පවසන්නේ එම කොට්ඨාශ 11හි සියලුම නිවෙස්වලට ගොස් බරවා පෙති ලබාදීමේ විශේෂ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා (03 සහ 04) දිනදෙකෙහි ක්‍රියාත්මක කළ බවයි.  වැඩ සටහන සාර්තක වූ බවත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් සියයට සීයක්ම බරවා රෝගීන් තුරන් කිරීම ඔවුන්ගේ අරමුණ බවත් ඇය පවසන්නීය.

“මේ සඳහා මහජන සහයෝගය වැඩි වශයෙන් අවශ්‍යයි. බරවා පරපෝෂිතයන් සිරුරට ඇතුලු වූ පසු රෝග ලක්ෂණ පෙන්වීමට දිගුකාලයක් ගතවනවා. එම කාලය ඇතුලත ආසාදිතයාගේ සිරුරට දෂ්ඨ කරන මදුරුවන්ගෙන් රෝගය පැතිරීම සිදුවිය හැකි බැවින් මෙම රෝගයේ අවදානම් බව වැඩියි. මදුරුවන් දෂ්ඨ කිරීම හැකිතරම් වලක්වා ගැනීමත් පරිසරය පිරිසිදුව තබා ගැනීමත් ඉතාම වැදගත්“ යැයි දේවිකා මෙන්ඩිස් මහත්මිය පවසන්නීය.

 



අදහස් (0)

තුරන් කළ බරවා ගාල්ලෙන් මතුවේ

කාන්ති Thursday, 08 September 2016 09:37 AM

මීට කලකට පෙර ගාල්ලේ කුණු කාණු පවිත්‍ර කිරීමට සේවකයන් යොදා තිබුනා. නමුත් දැන් කාලයක සිට පිරිසිදු කරන්න එන්නේ පාරට පෙනෙන කාණු පමණි. බරවා රෝගය මතුවෙන එක අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

කාන්ති Thursday, 08 September 2016 09:33 AM

ඇති දැන්වත් ගාල්ලේ පාලකයන්ට ඇස් ඇරුණොත් (නි)

:       0       0

කාන්ති Friday, 09 September 2016 05:30 AM

අනේ අනේ ... කාටවත් ගාල්ල ගැන වේදනාවක් නැතිව වගේ ඉන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site