(ඩී.ජී.සුගතපාල)
ඖෂධ ශාලාවල ඇති රුධිරයේ ඔක්සිජන් මට්ටම පරික්ෂා කරනු ලබන ඔක්සි මිටර් බොහොමයක් ප්‍රමිතියෙන් තොර බවට ලැබුන පැමිණිලි අනුව ගාල්ල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක නිලධාරින් විසින් ගාල්ල නගරයේ සහ කරාපිටියේ ඖෂධ ශාලාවල ඇති ඔක්සි මිටර් අද පරික්ෂා කරනු ලැබිය.
ඖෂධ ශාලාවල ඇති ඔක්සි මිටර් නිවෙස්වලට ගෙන ගොස් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය බැලිමේදි පෙන්වන ප්‍රමාණයත් රෝහලට ගියවිට රෝහලෙන් ඔක්සිජන් ප්‍රමාණය බැලිමේදි එකිනෙකට වෙනස් ප්‍රමාණයන් පෙන්විම නිසා තමන් මහත් අපහසුවට පත්වන බවට ජනතාව විසින් කරණ ලද පැමිණිලි අනුව මෙම ඔක්සි මිටර් පරික්ෂාව සිදු කර ඇත.
මේවා බොහොමයක් සෙල්ලම් බඩු ගෙන්වන මුවාවෙන් පිටරටින් ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර ඒවා බවත් පරික්ෂා කරන ලද ඔක්සි මිටර්වල වාර්තා කොළඹට යවා වාර්තා එනතෙක් ඒවා මුද්‍ර තබා ඖෂධ ශාලා හිමියන් බාරයේම තැබිමට පියවර ගත් බවත් ගාල්ල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක එස්.එස්.හපුආරච්චි මහතා පැවසිය.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප්‍රමිතියෙන් බාල ඔක්සිමීටර් තොගයකට මුද්‍රා තබයි
Perera Sunday, 29 August 2021 02:15 AM
කවුද මේවා ගෙන්නලා තියෙන්නේ.?
සිරි Sunday, 29 August 2021 01:59 PM
මේ දිනවල සෙල්ලම් බඩු ගෙන්වන්න ඉඩ දෙනවද? ආනයන රෙගුලාසි දැඩි කරලා තියෙන වෙලාවක කොහොමද මෙහෙම දේවල් වෙන්නෙ?