ඉතාලියේ නාපොලි සහ මිලානෝ යන නගර වල වසර 20කට අධික කාලයක් සේවය කර නිවාඩුවක් ගත කිරිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දුම්රිය අනතුරට පත්වූ පිය පුතු දෙදෙනකු සිහි කිරිමට ඔවුන්ගේ ඉතාලි මිතුරන් මගී ආවරණයක් ඉදි කර පසුගියදා ජනතා අයිතියට පවරා දුන්නේය
තම කැබ් රියෙන් යමින් සිටි සිටි පිය-පුතු දෙදෙනකු වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව අනාරක්ෂිත දුම්රිය මාර්ගයේහිදී මෙම අනතුර වී තිබුණි.
වෙන්නප්පුවේ පදිංචිව සිටි සුජීව ප්‍රනාන්දු සහ ඔහුගේ පුතු සිතුර සංජීව ප්‍රනාන්දු සිහිකිරීමට සිදු කළ මෙම පුණ්‍ය කර්මයට සුජීවගේ මවත් සොහොයුරන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා ඇතුලු මිතුරන් පිරිසක් සහභාගී වූහ.
ඉදිරියේදී මියගිය පිය-පුතු සිහිකර තවත් වැඩසටහන් සංවිධානය කිරීමටද කටයුතු යොදා ඇත.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිය පුතු සිහිකර එතෙර මිතුරන්ගෙන් මගී ආවරණයක්
ශාන්ත Wednesday, 31 December 2014 10:24 AM
සෙරටම කලින් ඡන්ද පෝස්ටර් අලවලා නේද ? (ර)
ප්‍රසාද් Wednesday, 31 December 2014 12:39 PM
හොද වැඩක්. ඔවුන්ට නිවන් සුව අත්වේවා! (ර)
ඒ. නිමල් Wednesday, 31 December 2014 12:50 PM
හරිම කණගාටු සිද්ධියක්. සමාදානයේ සැතපේවා කියා ප්‍රර්ථනා කරමි. (ර)
දසුන් Wednesday, 31 December 2014 01:28 PM
ආදර සුජීව - සිතුර ඔබ දෙපලට මොක්සුව පතමු .(හේ)
ලලිත් Wednesday, 31 December 2014 01:27 PM
ඔබගේ සහ පුතුගේ වියෝව අපට මහත් දුකකි .. සදා මොක්සුව පතමු.(හේ)
සරත් Wednesday, 31 December 2014 01:34 PM
ඉතා හොද වැඩක් .. අගය කළ යුතු වැඩක් .. තවත් මෙවන් හොඳ දේවල් ඔවුන් වෙනුවෙන් කිරිමට මේ සදහා දායක වෙන්න.(හේ)
මර්වින් Wednesday, 31 December 2014 01:36 PM
ඔබ දෙපල නමින් වෙන්නප්පුවේ බස් හෝල්ට් දෙකක් සදා තිබෙනවා මා දුටුවෙමි. ඔබ දෙපලට මොක් සුව පතමු (නදී)
දිනේෂ් Thursday, 01 January 2015 05:45 AM
පළමුකොටම ඔබ දෙපලට සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන්වෙත කණගාටුව අවංකවම පළ කරන්නෙමි. ඉතාම ආදර්ශවත් වගේම පින්කටයුතු කර්තව්යඥයක්. අපේ රටේ දේශපාලකයොත් ලයිට්කනුවක් ගානේ බැනර් පෝස්ටර් එල්ලනවාට වඩා මේ වගේ මිනිසුන් දහස් ගණනකට සේවය සැලසෙන කාර්යන් කිරීමට තමයි තමන්ගේ සිත යොමුකරන්නට ඕන.(හේ)
අසෝකා Sunday, 08 February 2015 12:48 PM
ඉතාමත් හොඳ දෙයක්! මේ පින්බලෙන් සසර වසනතුරු හොද ආත්මයක් ලැබේවා! අකල් මරණයක් නොවේවා! (නි)