( එච්. චන්දන )
පුත්තලම මූලික රෝහලේ පවතින නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් නිසා ශල්‍යකර්මවලට බාධා එල්ල වී ඇතැයි ද හදිසි අනතුරු ඒකකයේ රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී ඇතැයි ද වාර්තාවේ.
රෝහලට නිර්වින්දන වෛද්‍යවරුන් 18 දෙනකු අවශ්‍ය වුවත් දැනට සේවය කරන්නේ වෛද්‍යවරුන් 04 දෙනකු පමණක් බවත් එයින් දෙදෙනකුද පුහුණු වන වෛද්‍යවරුන් බවත් කියැවේ.
රෝහලේ හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කරන බව ශල්‍යාගාරයේ දොරටුවේ සදහන් කර තිබේ.
දැනට වාට්ටුවල දෛනික කටයුතු කර ගෙන යාම සඳහා විශේඥ වෛද්‍යවරුන්ට සහය වීමට ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් නොමැති වීමෙන් ප්‍රතිකාර කිරීමේදී ගැටළු රැසක් ඇතිව තිබේයැයි වාර්තා වේ.
වාර්ෂික ස්ථාන මාරුවීම්වලදී නිසි පරිදි වෛද්‍යවරුන් නොලැබීමත් සේවයට පැමිණෙන වෛද්‍යවරුන් අධ්‍යාපන කටයුතුවලට යාමත් නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව පුත්තලම මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී ආර්. නගුලනාදන් මහතා පවසයි.
මේ පිළිබදව බලධාරින් දැනුවත් කර ඇති බවත් වෛද්‍යවරුන් 50කට වැඩි හිඟයක් පවතින බවත් ඒ මහතා කියයි.
අඩුම තරමේ වෛද්‍යවරුන් 30 දෙනකුවත් ලබා ගැනීමට හැකි වුවහොත් තරමක් දුරට හෝ රෝහල පවත්වාගෙන යා හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය හිඟයක්