X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


බංගලි අගනුවර පන්සලක්

බංගලිදේශයේ අගනුවර වන ධකා නගරයේ අශුලියාහි පිහිටි බෝධිඤාණ බෞද්ධ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද "සිරි සම්බෝධිඤාණ   

ස්ථූපය" නිරාවරණය කිරීමේ පිංකම ජුනි 3 වන සිකුරාදා සිදුකෙරුණි. බෝධිඤාණ බෞද්ධ විහාරස්ථානයට අඩුවක්ව තිබු චෛත්‍ය ඉදිකෙරුනේ බංගලිදේශයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ගේ දායකත්වයෙනි. 

චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කෙරුනේ පිංකම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා අතිනි. අනතුරුව නව චෛත්‍යයේ ධාතුන් වහන්සේ නිදන් කිරීමත්, අභිනවයෙන් ඉදිකරන ලද රන්වැට විවෘතකිරීමත් පිංකම සඳහා වැඩමකළ මහා සංඝරත්නය උදෙසා සාංගික දානය පුජා කිරීමත් සිදුවිය. 2 වන බ්‍රහස්පතින්දා  සවස නව චෛත්‍යයේ අභියසදී පිරිත් සජ්ජායනයක්ද පැවැත්විණි.

බෝධිඤාණ බෞද්ධ විහාරස්ථානය ධකානුවර ආරම්භකළේ බංග්ලාදේශයේ වැඩවසන බහුශ්‍රැත සංඝයා වහන්සේ නමක් වන අශින් ජිනරක්ඛිත හිමියන් විසිනි.

උන්වහන්සේ මියන්මාරයේදී  සැමියෝ ජයදෝ නාහිමියන් යටතේ  බුදුදහම පිළිබඳවත් භාවනා විධි පිළිබඳවත් ගැඹුරින් අධ්‍යයනය කර ඇත. 

2004 වසරේදී ආපසු උන්වහන්සේගේ මව්බිම වූ බංගලිදේශයට වැඩමකර ධකාහි නාඩ්ඩා නඟරයේ "බෝධිඤාණ    බෞද්ධ භාවනා මධ්‍යස්ථානය" නමින් ඉතා සුළුවෙන්  විහාරස්ථානයක් ආරම්භ කර ඇත. උන්වහන්සේගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් වැඩිකල් නොයා මෙම විහාරස්තානයට බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් එක රොක් වන්නට විය.

මේනිසාම 2007 දී අශුලියා ප්‍රදේශයේ බන්ගාබන්දු පාර ආසන්නයේ සුදුසු ඉඩමක් මිලදීගෙන විහාරස්ථානය එම ස්ථානයට ගෙනගොස් ඇත. 2007 වසරේ සිට 2013 වසර දක්වාම  එහි ඉදිකරගැනීමට හැකිවුයේ තනි තට්ටුවේ කුඩා  බුදුමදුරක් සහ සන්ඝාවාසයත් පමණකි. නමුත් එම කුඩා විහාරස්ථානයේ ධකා නඟරයේ පදිංචිව සිටි බෞද්ධයන්ගේ සියලු ආගමික අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් භාවනා සඳහා පැමිණෙන සියල්ලගේම කටයුතු බාධාවකින් තොරව ඉටුකරදිමටත් පුජ්‍ය ජිනරක්ඛිත හිමියෝ සමත්වූහ. මේකාලයේදී ධකා නුවර මෙන්ම බංගලිදේශයේ අනෙකුත් පළාත්වලත් පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ දායකත්වය සහ සහභාගිත්වය බෝධිඥාන බෞද්ධ විහාරස්ථානයට ලැබෙන්නට විය. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන්ද නිරන්තර දායකත්වයක් ලැබුණි.  හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විහාරස්ථානයට තිබු අඩුවක් සපුරාලමින් අනුරාධපුර ශ්‍රී මහා බෝධින්වහන්සේගේ අංකුරයක් පුජා කරනු ලැබිය.

බෝධීන් වහන්සේ රෝපණය කරනු ලැබුවේ එවකට ශ්‍රී ලංකා තානාපතිව සේවය කල සරත් වේරගොඩ සමඟ බංගලිදේශයේ කර්මාන්ත ඇමති දිලිප් බවුරා විසිනි.

ඒසමඟම හිටපු ජනාධිපති වරයා විසින් පුජාකරනු ලැබූ සමාධි බුදුපිළිම වහන්සේ සහ අටවිසි බුදුපිම වහන්සේලා තැන්පත් කර අලංකාර බෝධිඝරයක්ද ගොඩ නංවනු ලැබිය. අනුරාධපුර සමයේ බෝධිඝරයක සැලැස්මට අනුව නව බෝධිඝරය ඉදිකළේ ශ්‍රී ලාංකික ශිල්පින් විසිනි.

පසුකලෙක විහාරස්ථානයට අවශ්‍ය සංඝාවාසයක්, මෙහෙණින් වහන්සේලා සඳහා භාවනා කුටි සහ සංඝා වාස, ධර්මශාලා, දාන ශාලා සහ ඉංග්‍රීසි සහ වංග භාෂාවන්ගෙන් ලියවුන ත්‍රිපිටක ග්‍රන්ථ ඇතුළු අනෙකුත් බෞද්ධ පොත් විශාල සංඛ්‍යාවක් සහිත පුස්තකාලයක් ඇතුළු සියලු අංගයන්ගෙන් සමන්විත විහාර පරිශ්‍රයක් ඉදිකිරීමට ජිනරක්ඛිත හිමියෝ සමත්වූහ. 

මුස්ලිම් ආගමික රටක්වූ බංගලාදේශයේ සුසාන භූමි බෞද්ධ ආගමානුකුල ආදාහන පැවැත්වීමේදී පැවති අපහසුතාවයට පිලියමක් ලෙස දැනට එම විහාර භුමියෙහි බෞද්ධයන් සඳහා වෙන්වු ආදාහනාගාරයක් පවා ඉදිකිරීමට උන්වහන්සේ සමත්වී ඇත. 

අනතුරුව විහාරස්ථානයට අවශ්‍යව තිබුනේ චෛත්‍යකි. මෙම අඩුව සපුරාලීමේ අභිප්‍රාය ඇතුව ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන් විසින් නව චෛත්‍යයක් ගොඩනැඟීම පිළිබඳව එවකට බංගලිදේශයේ වැඩ බලන ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස සේවය කල ඒ.ජි.අබේසේකරගේ ආරාධනයෙන් ධකා නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේදී 2015 ජුනි 12 වනදින සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී තීරණය වූයේ මෙම ස්ථුපය ශ්‍රී ලාංකික චෛත්‍යයක හැඩයට නිර්මාණය කිරීම සුදුසු බවය. අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත් පසුව 2015 සැප්තැම්බර් මස 11 වනදා මුල්ගල් තැබීමේ සමාරම්භක පුණ්යෝත්සවය පැවැත්වුනි. මෙම පිංකම නිමිති කරගෙන සැප්තැම්බර් 9 සිට 14 දක්වා පුජ්‍ය කොටිකාවත්තේ ධම්මකුසල හිමියන්ගේ මුලිකත්වයෙන් අටවිසි බුද්ධ වන්දනා, ඤාණ වන්දනා, පරිත්ථාන දේශනා සහ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා පැවැත්විණි.

2016 පෙබරවාරි 19 වනදින නව චෛත්යයේ පද්මාසනයේ රත්නමාලි යන්ත්‍රය සහ ශ්‍රීපාද ලාංජනය තැන්පත් කිරීමේ පිංකම පැවැත්විණි.

බංග්ලාදේශයේ ඉදිකෙරුණ එකම බෞද්ධ චෛත්‍යය මෙයයි. මෙම අනුපමේය සත්ක්‍රියාව පිළිබඳව බංග්ලාදේශයේ බෞද්ධ සංගමය සහ ශ්‍රී සම්බෝධි ඤාණ චෛත්‍ය හාරකාර කමිටුව පවසන්නේ මෙවන් අදහසකි. 

"දෙවියන් බඹුන් වන්දනාමාන සිදුකරන තිලෝගුරු තථාගතයානන් වහන්සේ පිරිනිවීමෙන් පසු අවශේෂවූ සර්වඥ ධාතුන් වහන්සේලා නිධාන්ගතකොට යමෙකු චෛත්‍ය දාගැබ් ඉදි කරයිද, සුපහන් සිතින් එම දාගැබ් වන්දනා කරයිද, ඔවුන් මොහොතින් මොහොත පින් කුසල් ලබන්නෝය. මරණින්මතු අමා මහ නිවන් සම්පත් ලබන්නොමය යනුවෙන් සද්ධර්මාලංකාරයේ දැක්වෙයි. මෙවන් උත්තම උපදෙසක් අනුව යමින් බංග්ලාදේශයේ පළමු  වරට අභිනවයෙන් ඉදිකරන ලද ඓතිහාසික සිරි සම්බෝධි ඤාණ චෛත්‍ය රාජයාණන්ගේ ආනුභාවයෙන් අප සැමදෙනාටම ලෞකික ලෝකෝත්තර සතුට ලක් කර ගැනීමටත් අවසන අමා මහා නිවනෙහි සැනසීම ලැබීමටත් මෙම පුන්යාධාරය හේතුවාසනා වේවා" 

1 3 4 6 7 8 9 11 12 16 17 18 19 21

 



අදහස් (0)

බංගලි අගනුවර පන්සලක්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site