දඹදිව බුද්ධගයා පින්බිමෙහි පිහිටි මහමෙව්නාව බුද්ධගයාන් අසපුවේ දහම් පාසලේ අඩු ආදායම් ලාභී ඉන්දියා දරුවන්ට සුදු ඇඳුම් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කැරිණි.
මහමෙව්නාව දහම් පාසලෙහි බුද්ධගයා පින්බිම අවට ජීවත්වන ඉන්දියා පවුල්වල දරුවන් 2000 කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය ලබති. දරුවෙකුට ලබාදෙන එක ඇඳුම් කට්ටලයක් සඳහා ඉන්දියා රුපියල් 500 ක් ( ලංකා මුදලින් රුපියල් 1000 ක් ) වැයවන අතර මෙම පිංකම සඳහා සහභාගීවීමට කැමති අය වෙත්නම් මහමෙව්නාව බුද්ධගයාන් අසපුවෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව කියති.
[email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ වැඩිවිස්තර ලබාගත හැකිය.
හින්දි භාෂාවෙන් පිරිත් සජ්ජායනා කිරීමට, පන්සිල් සහ වන්දනා ගාථා සියල්ලක්ම කට පාඩමින් කීමට මෙන්ම බුදු බැතිගී ගායනා කිරීමටත් හැකියාවක් ඇති මේ දරුවෝ බෞද්ධ පොත්පත් නිරන්තරයෙන් කියවති.
අසපුවේ සියලු වැඩකටයුතු සඳහා මේ දරුවෝ සියල්ලම ඉමහත් උනන්දුවකින් සිය ශ්‍රමය පුජාකරති. අසපුවේ වැඩකටයුතු සඳහා අනුපමේය සේවයක් සිදුකළ පසුගිය වසරේදී අපවත්වූ කුසලචිත්ත හිමියන්ගේ කරුණාව යහගුණය සහ මඟ පෙන්වීම ද මේ දරුවෝ නිරන්තරයෙන් සිහිපත් කරති.
මහමෙව්නාව භාවනා අසපු නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් බුද්ධගයාන් අසපුව ආරම්භකළ අවධියේදී එහි ඉදිකෙරුණු කුඩා විහාර මන්දිරය අබියස මිදුලේ තිබු අඹ ගස් දෙක දැන් ඵල දරන සුවිසල් වෘක්ෂ බවට වැඩි ඇත. දහම් පාසලේ දරුවෝ මේ රුක් සෙවනේ හිඳ සතුටින් අකුරු කරති.
බුද්ධගයාන් මහමෙව්නාව අසපුව මඟින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස බුදුන් වහන්සේ වෙත ක්ෂීරපායාස පුජා කිරීම්, භාවනා යෝගීව ඉන්න්නා මහා සංඝ රත්නය වෙත දන් පැන් පිළිගැන්වීම්, දහම් පාසලේ දරුවන් හට ආහාර සහ පොත පත පිළිගැන්වීම්, හින්දි භාෂාවෙන් සුත්‍ර දේශනා සජ්ජායනය කිරීම් ආදී පුණ්‍ය ක්‍රියාවන් නිරතුරුව සිදු කෙරෙයි.
ආචාර්ය රොහාන් කරුණාරත්න හා පුෂ්පරාණි මහත්මියගේ දායකත්වයෙන් පිංකම සංවිධානය කර ඇත.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බුද්ධගයාන් මහමෙව්නාවෙන් දරුවන්ට ඇඳුම්