(මොහොමඩ් ආසික්)
මහනුවර මහ නගර සභාව සහ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව සිය බල ප්‍රදේශවල එකතු වන කැලි කසල බැහැර කිරීම සදහා කටුගස්තොට තේක්කවත්ත යොදා ගැනීම නිසා තේක්කවත්ත අවට ප්‍රදේශවල ඩෙංගු රෝගය ඉතා සීග්‍ර ලෙස පැතිර යාමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.
මේ දිනවල මහනුවර සහ අවට ප්‍රදේශවල විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර යමින් පවතින බවත් සෞඛ්‍ය අංශයේ නිලධාරින්ගේ උපදෙස් අනුව තම ගෙවතු පිරිසිදු කර ගත්තද ඒ අසල පිහිටි මෙම විශාල කුණු කන්ද පිරිසිදු කිරිමට හැකියාවක් නොමැති බැවින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම අපහසු වී ඇති බවද ඔවුහූ කීහ.
මේ සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසූවේ තේක්කවත්තේ කසලවලින් ඩෙංගු බෝවීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් ලංකාවේ කසල බැහැර කරනු ලබන ස්ථානවලින් ජනතාවට හානි අඩුම කසල බැහැර කරන ස්ථානය ලෙස පවත්වාගෙන යන්නේ මෙම ස්ථානය බවත්ය.
මෙම ස්ථානයේ කසල බැහැර කර පස් දමා වසා දමන නිසා මදුරුවන් බෝවිමේ හැකියාවක් නැති බවද කොමසාරිස්වරයා කීය.
මෙහි එකතු වන ඝණ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඝණ අපද්‍රව්‍ය වර්ග 25 ක් මිලදී ගෙන අලෙවි කරන බවත් එමගින් ටොන් පහක් පමණ එකතු වන බවත් කී කොමසාරිස්වරයා ජනතාවට සිදුවන පීඩා අවම කරගෙන පවත්වාගෙන යන බවත් කීය.
මෙහි පිරිසිදු ජලය නොමැති බැවින් හා අධික සුළං තත්වයක් ඇති බැවින් ඩෙංගු මදුරුවන් බෝවීමේ හැකියාවක් නොමැති බවත් මෙහි බැහැර කරනු ලබන කසල හේතුවෙන් ඩෙංගු බෝවන බවට කියන කතා කිසිදු සත්‍යතාවයක් නොමැති බවද කොමසාරිස්වරයා කීය.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහනුවර කුණු තේක්කවත්තට
sarathekanaayaka Friday, 04 August 2017 01:26 AM
කොයි ඔය දානවා කියපු නීති. ප්ලාස්ටික් ,විදුරු,දිරන කඩදාසි, ඉක්මනින් දිරන කෑම වෙන්කරන නීති හදන්න පලාත්සභාවට මෙච්චර කල් ගතවෙන්නේ ඇයි.