X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


රත්මලේ හිමියෝ ගරු නාම ලබති

යක්කල සමාධි ධර්මායතනය හා ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරය යන උභය විහාරාධිපති ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමියන්ට සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන යන ගෞරව නාමය සහිතව ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය ප්‍රධානය කිරීමේ උත්සවය පසුගියදා තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මල්වතු මහාවිහාර උපෝසථාගාරයේදී පැවැත්විණි.

එහිදී අනුශාසනාව පැවැත්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ " යුරෝපය පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇතිව තිබෙන මෙම කාල වකවානුවේ දක්ෂ අධ්‍යාත්මික ගුරුවරයෙකු වශයෙන් රත්මලේ පුඤ්ඤරතන හිමියන් යුරෝපයේදී සිදුකරන ශාසනික මෙහෙවර සුවිශාල" යැයි පැවසුහ.

පිංකම සඳහා සහභාගිවූ ස්වීඩනයේ ස්ටොක්හොල්ම් බෞද්ධ විහාරාධිපති ස්කැඩිනේවියානු රටවල ප්‍රධාන සංඝ නායක කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමියෝ " අද දින අධිකරණ සංඝ නායක තනතුර ලබන පුඤ්ඤරතන හිමියෝ විවිධ දුෂ්කරතා මත තම පැවිදි දිවිය සාර්ථක කරගත් හිමිනමක් බවත්, ඒ නිසාම උන්වහන්සේගේ ධර්මදුත  සේවයද සාර්ථක වී තෙබෙන බවත්, උන්වහන්සේට කරුණාව හා මෛත්‍රිය මෙන්ම ඕනෑම ප්‍රශ්නයක් දෙස පටු ආකල්ප වලට මැදි නොවී පුළුල්ව මැදිහත්ව බැලීමේ මනසක් ඇති බවත්, යුරෝපයේ ජනප්‍රිය ධර්ම දුතයෙකු ලෙසට උන්වහන්සේ ඉටුකරන කාලින සේවය හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ලැබී තිබෙන බවත්" පැවසුහ.

මල්වතු පාර්ශ්වයේ වැඩබලන ලේකකාධිකාරී පහමුණේ සුමංගල, අලුත්කුරු කෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලේ සෝමරතන, පොලොන්නරුව තමන්කඩුව දෙපලාතේ ද්විතීය සංඝනායක ලිඳකුඹුරේ සොභිට යන නාහිමිවරුන්ද අනුශාසනා කළහ. මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමි ප්‍රධාන කාරක මහා සංඝ සභාවේ නාහිමිවරුන්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය වෑගම පියරතන, වත්මන් උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි, උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක දේදුනුපිටියේ උපනන්ද, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විහාරාධිපති මාරතුගොඩ උපරතන, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විහාරස්ථානයේ හිටපු විහාරාධිපති කිරිඳිගල්ලේ ඥානරතන, ප්‍රංශයේ සමාධි විහාරාධිපති තලංගල්ලේ සුමංගල, ඇමෙරිකාවේ විහාරවාසී හවන්පොල ධම්මසාර, පොලොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක කටුගම්පලගම පියරතන, හාරසිය පත්තුවේ උප සංඝනායක මාරතුගොඩ ධම්මානන්ද, දෙකටන නාමළුව පුරාණ විහාරාධිකාරී වෙන්නවත්තේ රතනජෝති, ජර්මනියේ මියුනික් විහාරාධිපති කන්නිමහර පියසිරි යන හිමිවරු සමඟ ජර්මන් සහ ඩෙන්මාර්ක් ජාතිකන් ඇතුළු විශාල පිරිසක් මෙම පිංකම සඳහා සහභාගිවුහ. 

 



අදහස් (0)

රත්මලේ හිමියෝ ගරු නාම ලබති

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site