(රවීන්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසන රෝගී ඒකකය අසල රෝහලේ කසළ දහනය කිරීමෙන් එහි ප්‍රතිකාර ලබන රෝගීන් හා රෝහල් කාර්යමණ්ඩලය දැඩි ලෙස පිඩාවට පත්ව ඇතැයි රෝගීහු මෙන්ම කාර්ය මණ්ඩලය ද චෝදනා කරති..
ශ්වසන රෝග ඒකකයට මීටර් 50ක් පමණ දුරින් රෝහල් කසළ කළමනාකරණ ඒකකය පිහිටා ඇති අතර එහි කසළ දහනය කිරීම දින තුනකට වරක් සිදු කරනු ලබයි.
ඉවතලන ප්ලාස්ටික් බෝතල් හා ඉටි කොළ දහනයේදී ප්‍රදේශය පුරා විශාල දුර්ගන්දයක් හා දුමක් පැතිර යයි.
දහනය වන කුඩා කොටස් දුමත් සමග ශ්වසන රෝගී ඒකකය තුළට පැමිණීමෙන් ශ්වසන රෝගීන් සුව වනවා වෙනුවට ඔවුන්ගේ රෝගී තත්ත්වය තවත් වැඩි වන බවට ඔවූහූ චෝදනා කරති.
“ශ්වසන රෝගී ඒකකයක් ආසන්නයේ කසළ දහනය කිරීම අනුමත කරන්නේ නෑ.නමුත් මෙය වසර ගණනාවකට පෙර ඉදිකරලා තියෙන්නේ.මේ ගැටළුව පිළිබදව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කරලා තියෙනවා.මේ ගැටළුවට විසදුමක් ලෙස වෙනත් ස්ථානයක නවීන තාක්ෂණයෙන් යුතු කසල ධාවකයක් පිහිටුවීමට රුපියල් මිලියන 6.5ක මුදලක් වෙන් කරලා තියෙනවා.එය ඉදිකළ විට මෙම ගැටළුවට විසදුම් ලැබෙයි. “ යැයි මාතලේ දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක අනුර වික්‍රම මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රෝහලේ ශ්වසන ඒකකය අසල කසළ දහනයෙන් රෝගීන්ට පීඩා