X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


රෝහිත මංගල ගීතය එළිදක්වයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ ගීතයක් ලියා ගායනය කරයි. එහි තනුව ද ඔහු සතුවේ.

'මං මුලා වෙලා' නමින් මේ ගීතය එළිදක්වා ඇත.

ගීතයේ වීඩියෝව පහතින්...



අදහස් (0)

රෝහිත මංගල ගීතය එළිදක්වයි

පාලිත Monday, 22 February 2016 05:34 PM

පද රචනයත් මෙයාගේ, තනුවත් මෙයාගේ, ගායනයත් මෙයාගේ. බලාගෙන යනකොට නූතන තරුණ ගායකයින් කැලේනේ. (නි)

:       0       0

රොෂාන් Monday, 22 February 2016 09:50 PM

නන්දන පනාගොඩ, පිටිගල මිලානොලා ඒ කාලේ ඉඳලා මේ තීරයට හරවත් අදහස් ලියන අය. ඒ නිසා අපි ඒ අදහස් පිළිගන්න ඕනෑ. ඒ අය වපුරපු දේවල පල අද නෙළනවා. (නි)

:       0       0

බුවනෙක Monday, 22 February 2016 09:48 PM

දුප්පත් මිනිස්සු වෙනුවෙන් මොනවාහරි කරන්න බලන්න. (නි)

:       0       0

නාලිකා Monday, 22 February 2016 09:05 PM

විශිෂ්ටයි. ඔබට හැකියාවන් දියුණු කරගැනීමට වාසනාව ලැබේවා! (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 22 February 2016 08:59 PM

කමල්, ඉස්සර නෙමෙයි තාමත් රඟපානවා (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 22 February 2016 08:51 PM

සමන්-ඇමෙරිකා, ගායනය, තනුව, රසය හා ඔබගේ ඒ පිළිබඳව ඇති දැනුම ඉතාමත් ළදරු ලාබාල නොමේරූ අවස්ථාවේ ඇති බවයි මට නම් පෙනීයන්නේ (නි)

:       0       0

උදය Monday, 22 February 2016 08:16 PM

මේකේ අදහස් දාල තියෙන සමහර අයගේ කුහක ගතිය හොඳට පෙනෙනවා ඔය එක්කෙනෙක් වත් වැරදි කරලා නැතුව ඇති නේද? පොඩි එකෙක්ගේ සින්දුවක් දැකල සතුටු වෙන්න බැරි අය ඉන්න රටක ඉපදුන එක ගෙන දුකකි. (බ)

:       0       0

චමින්ද Monday, 22 February 2016 07:18 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ඈන් Monday, 22 February 2016 06:04 PM

මේක මේ පොඩි කොල්ලො කියන එකම අච්චුවේ විරහ ගීතයක්නේ. ඔය වගේ සිංදු ලංකාවේ ඕන තරම් තියෙන්නේ දවසින් දෙකෙන් අමතක වෙලා යන. (බ)

:       0       0

පාලිත Monday, 22 February 2016 05:51 PM

ඇයි දැන් රොකට් හැදිල්ල අතරමඟ නැවතිලාද? (නි)

:       0       0

රසාදර Monday, 22 February 2016 09:59 PM

ගොඩක් ලස්සන සින්දුවක්. සුබ පැතුම්. (නි)

:       0       0

ශාලිත Monday, 22 February 2016 05:20 PM

යෝෂිත හිරේ සිටිද්දී රෝහිත වීණා වාදනය කරයි. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 22 February 2016 05:13 PM

කමල්, මොකද ඉස්සර කියන්නේ? වයසට ගියත් ඒ මනුස්සයා තාමත් හොඳට රඟපානවානේ. (නි)

:       0       0

සුනිල් Monday, 22 February 2016 04:54 PM

හොද සින්දුව. දෑන් පවුලම ඉන්නෙ මංමුලවෙලා වගෙ තමා. බලය තියෙනකල් රොකට් යවනවා, සැටලයිට් යවන්නේ පොඩි එවුන් සරුංගල් අරිනවා වගේ,රේස් පදිනවා,රගර් ගහනවා, සුදු වෑන් යවනවා. බලය නෑතිවුනාම සින්දු කියනවා. (බ)

:       0       0

රොෂාන් ජයමාන්න මිලානෝ Monday, 22 February 2016 04:45 PM

මහින්ද දැන් හිටියා නම් අයි.ටී.එන්. එකෙයි, රූපවාහිනියෙයි විකාශන ආරම්භයට යන්නේ ජාතික ගීය වෙනුවට මේ ගීතය වෙන්නත් තිබුණා. සියලු රජයේ සේවකයන් මේ ගීතය රිගින් ටෝනය වශයෙන් භාවිත කළයුතු අතර, අවශ්‍ය නම් කාර්යාල වෙලාව තුළ, රජයේ කාර්යාලවල මෙය වාදනය කළ හැකිවනවා ඇත (නි)

:       0       0

ගාමිණි Monday, 22 February 2016 04:41 PM

මේ පින්වත් පුත්‍ර රත්නයගේ ඉතිහාසත් එක්ක බැලුවහම මම නම් ඇසින් දකිමින් කණින් ශ්‍රවණය කරනතෙක් මෙය විශ්වාස නොකරමි. (නි)

:       0       0

හිරාන් Monday, 22 February 2016 04:25 PM

මෙයා ජනවාරි අටවෙනිදට කලින් සින්දු කිව්වා නම් ඉතින් අපේ විශාරද ගායකයන්ට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

ජගත් Monday, 22 February 2016 04:23 PM

පුදුමයි. එකපාරටම කලා හැකියාවන් ඉස්මතුවෙලා (නි)

:       0       0

ගාමිණී Monday, 22 February 2016 03:57 PM

අයියා හිරේ ඉඳිද්දී මල්ලි සින්දු (බ)

:       0       0

කමල් Monday, 22 February 2016 03:35 PM

මෙයාට තාත්තාගේ කලා හැකියාව පිහිටලාා තියෙනවා තාත්තත් ඉස්සර රගපැවා (බ)

:       0       0

රකිත් Tuesday, 23 February 2016 02:56 AM

ඔහුට සියුම් කටහඬක් ඇත. එහි ගැඹුරු ස්වභාවයක් නැත.කෙසේ නමුත් ඔහුට සුබ පතමි. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 23 February 2016 05:29 AM

සුබ පැතුම් රෝහිත අයියේ තවත් ගීත එළිදක්වන්න (ම)

:       0       0

ඩී.උපුල් Tuesday, 23 February 2016 05:24 AM

රොකට් ඇරිය වගේ නැතිව මේකවත් හරියට කරගන්න බේබි. (කෞ)

:       0       0

උපුල් ගලප්පත්ති Tuesday, 23 February 2016 05:22 AM

අනේ මන්දන්නෑ.... මේ දරුව එක වෙලාවකට රොකට් යවනව. තව වෙලාවකට සින්දු කියනව..... කොහොම උනත් හොඳ හඩක් තිබෙනවා. සුබ පැතුම්..!!!(කෞ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 February 2016 03:58 AM

රෝකට් රෝහිත හිතල තියෙන්නේ චන්ද්‍රිකාවක් යවනවා කියන්නෙත් හරියට අහස් කුරක් අහසට යවනවා වගේ සුළු දෙයක් කියලයි. (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 February 2016 03:55 AM

හරි හමන් නීතියක් රීතියක් තිබෙන රටකනම් මෙයාගේ දක්ෂ කම් බලන්න තිබුනේ හිරේ ඇතුලේ ඉදලයි. (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 February 2016 03:55 AM

අවසාන පෝරකේ.... දැක පේන මානයේ............(ම)

:       0       0

තිළිණ Tuesday, 23 February 2016 03:44 AM

අභ්‍යාවකාශයට යන අදහස අතැරලා වගේ. ගායනයෙන්වත් ඉස්සරහට යන්න පුළුවන් නේ සුබ පැතුම් (ම)

:       0       0

හේරත් Tuesday, 23 February 2016 03:42 AM

සුබ පැතුම්.(ම)

:       0       0

අමාලි Tuesday, 23 February 2016 03:26 AM

ඔබගේ ඉදිරි ගමනට මාගේ සුබ පැතුම්.! (ර)

:       0       0

හර්ෂ Monday, 22 February 2016 03:23 PM

මඩ ගහන්න නියම වෙලාව ...(බ)

:       0       0

දිනේෂ් Tuesday, 23 February 2016 01:30 AM

ඕස්ට්‍රේලියාවේ චන්දන කියන්නේ තිලක් ඩුබායි සහ පිටිගල මිලානෝ සමාගමේ තවත් පුරුකක් වගේ. එක් කෙනෙටවත් ලංකාවට ඇවිල්ලා සින්දුවක් කියන්න බැරිද අනුන්ට බැන බැන ඉන්නකම්. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 23 February 2016 12:59 AM

දැන් ඇහෙන සමහර සින්දු වලට වඩා නම් හොඳයි. තරුණ අය නම් සෑහෙන කැමතිවෙයි. එහෙත් කටහඬ තව පුහුණු කරගන්න පුලුවන් නම් හොඳයි. (නි)

:       0       0

ආරච්චිගේ Tuesday, 23 February 2016 12:50 AM

සමහරුන්ට නම් හිතට අමාරුයි වගේ කියන කතාවලින් පේනවා. හොඳ මහත්මයෙකුගේ දරුවෙක්නේ. පියාණන් වගේ තැබු පය ඉදිරියටම යන්න. අපගේ සතුට සමඟ ඉදිරි ගමනට ආශීර්වාද කරමු . ඔබට පමණක් නොවේ ඔබ පියාණන්ටත් එසේමයි. ජයවේවා! (නි)

:       0       0

ශානක Tuesday, 23 February 2016 12:53 AM

කමල්, එයාගේ තාත්තා රඟපෑවේ නැත්නම් ඔයාට දඟලන්න රටක් ඉතුරුවෙන්නේ නැහැ (නි)

:       0       0

යොහාන් Tuesday, 23 February 2016 12:52 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ශානක Tuesday, 23 February 2016 12:52 AM

ඔය දරු තිදෙනාම දක්ෂයින්. ඔබට සුබ පතනවා (නි)

:       0       0

බමුණු Monday, 22 February 2016 11:10 PM

හර්ෂ මඩනම් මොකෝ මේගොල්ලෝ අනික් ඒවත් හොඳට අනල ගනී ගහන්න ඕනේ වුනාම. (බ)

:       0       0

බමුණු Monday, 22 February 2016 11:15 PM

ගොඩගේ රාජබල නැති වුනාට ඒගොල්ල දුප්පත් නැත එ්ක මතක තියා ගන්න. (බ)

:       0       0

බමුණු Monday, 22 February 2016 11:06 PM

සාගර ඔබ හරියට හරි ඔබ ලියු නිසා මම නොලියමි. සාගර මේවා සිංහලයාගේ ජරා ගති. ඕව වෙනස් කොරන්න සක්කරයටවත් බැරිය. (බ)

:       0       0

කුසුම් දල්පදාදු Monday, 22 February 2016 09:30 AM

රෝහිතට හැකියාවක් තියෙනවා කියල පේනවා. ඊටවඩා පේනවා "මිනිස්සුන්ගේ තියෙන කුහකකම" කෙසේ වෙතත් ඔබට ජය! (ම)

:       0       0

පෙරේරා Monday, 22 February 2016 10:18 AM

දැන්නම් ඇත්ත වමාරන්නම වෙලා වගෙයි...අර රජසැප බලය නැතිව ඉද්දි තේරෙන්නේ මුලා වෙලා වගේමයි. (ම)

:       0       0

සේනක Monday, 22 February 2016 10:14 AM

මේ රෝහිතගේ කුළුඳුල් ප්‍රයත්නය. මෙයාගේ පැටිකිරිය අපිට වැඩක් නැහැ. තරුණයෙක් හැටියට ඔහුගේ උත්සාහයට අපි ඒ වෙනුවෙන් සුභ පැතුම් පළකිරීම අපේ යුතු කමක් නේද? මෙහි ධනාත්මක නොවන අදහස් පළකරන්න ඇත්තෙන්ම ඒ අයට නිදහස ක් තිබෙනවා නමුත් අද පොහොය දවසේ ඒ අයට මම මෙහෙම කියනවා." කසල සිත් අසල කසල මිස නැත කුසල" කියලා. (ර)

:       0       0

රොමේෂ් Monday, 22 February 2016 10:06 AM

මේවගේ සින්දු, මුහුදේ නාන පින්තුර වගේ එ්වා වලින් පෙනෙන්නේ මානසිකව වැටුන බව හංගන්න දරන බොළඳ උත්සහයක් විතරයි. (හේ)

:       0       0

මාහේෂ් Monday, 22 February 2016 09:59 AM

අපේ උණූසුම් සුබ පැතුම්.(හේ)

:       0       0

සංකල්ප Monday, 22 February 2016 10:02 AM

හදවතින් කතා කරන අයද සිටි.(අ)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 22 February 2016 09:53 AM

'මං-මුලා වෙලා'. (අ)

:       0       0

උදය Monday, 22 February 2016 09:48 AM

මිලානෝ, ඔබගේ අදහස් හරිම මලානිකයි. මේ කතාවට ඔහුගේ පියාගේ දේශපාලනය ගාව ගත යුතු නැත. (ර)

:       0       0

රනිල් Monday, 22 February 2016 09:33 AM

මිලානෝ කියන්නේ නම් කුහකයෙක්. (ර)

:       0       0

සංජීව Monday, 22 February 2016 09:33 AM

මං මුලා වෙලා රොකට් එකක් නිසා... (ම)

:       0       0

රොහාන් Monday, 22 February 2016 10:29 AM

ඔබගේ ලස්සන ගීතයට අපේ සුබපැතුම්.! (ර)

:       0       0

දිසානායක Monday, 22 February 2016 09:28 AM

දැන් සල්ලි කොහෙන්ද කියල හොයයි (අ)

:       0       0

දයාජ Monday, 22 February 2016 09:24 AM

රෝහිත, ගීතය හොඳයි. එය අද ඇති රිද්මයට සහ තාරුණ්‍යයට ගැලපෙනවා. සංගීතය හදාරමින් ඉදිරියට යන්න. ඔබට මගේ සුබ පැතුම්..! (ර)

:       0       0

දුමින්ද Monday, 22 February 2016 09:22 AM

ලංකාවේ හොද මිනිස්සු අතර කොච්චර ඊර්ෂියා සහ කුහක මිනිස්සු ඉන්නවද කියල පෙන්නේ මේ කොමෙන්ට්ස් වලින්. (ර)

:       0       0

මිලානෝ Monday, 22 February 2016 09:10 AM

ඔබ දැන් එක රැයකින් ගායකයෙක් වී ඇති බවක් පෙනේ. රාජපක්ෂ දරුවන්ගෙන් ස්ව හැකියාවකින් යමක් කර ඇත්තේ ඔබ පමණි. නමුත් ලාංකික හදවතට කතා කල හැක්කේ ඔබේ ඔය ශෛලයෙන් නොව ස්වභාවික සංගීතයෙන් පමණි. එබැවින් මෙම උත්සාහයද නිෂ්ඵල දෙයක් නොකරගෙන ගායන හැකියාවක් ඇති ඔබ ස්වභාවික සංගීතය දෙසට යොමුවී ලාංකික හදවතට කතා කරන්න. (අ)

:       0       0

අමල් Monday, 22 February 2016 09:02 AM

ඔබට මාගේ සුබ පැතුම්.! (ර)

:       0       0

පාලිත Monday, 22 February 2016 08:58 AM

අති විශිෂ්ටයි. (ර)

:       0       0

සමන් Monday, 22 February 2016 08:58 AM

ඕක විතරයි අඩුවකට තිබුනේ.(හේ)

:       0       0

ඇල්ෆ්‍රඩ් සිල්වා Monday, 22 February 2016 08:36 AM

අති විශිස්ටයි රෝහිත ඔබට ජය. තව නිර්මාණ ගෙනෙන්න. අපේ සුභ පැතුම් ! (ර)

:       0       0

ලංකාශ්‍රී Monday, 22 February 2016 08:28 AM

කලට ඔබින සින්දුව. (ර)

:       0       0

චතුරි Monday, 22 February 2016 12:34 PM

ඔය සින්දුව වැලිකඩ හිරගෙදර සැමට අහන්න සලස්වන්න ,අද වගේ දවසක පියා ජනාධිපති. වෙලා හිටියනම් රුපවාහිනියේ ,ගුවන්විදුලියේ සියලුම දේ නතරකර ඔබගේ සින්දුව රජකරන්න. තිබුන හැම දේම වෙන්නේ හොඳටයි පව් (බ)

:       0       0

මාලියද්ද Monday, 22 February 2016 03:03 PM

ඔයාට පුළුවන්නේ එඩ්වර්ඩ් ජයකොඩිගෙනුයි රෝහණ වීරසිංහගෙනුයි සංගීතය ඉගෙන ගන්න. ඒ අය මේ සින්දුවට උදව් කළේ නැද්ද? (බ)

:       0       0

අජිත් Monday, 22 February 2016 02:39 PM

ඉතාම අගෙයි. මේක තවත් කොපියක් නෙමෙයි නේද අර සසිකගේ කොපි (බංගලාදේශ්) සින්දුව වගේ. (බ)

:       0       0

ලාල් Monday, 22 February 2016 02:06 PM

ඉස්සර නම් මෙයා කාර් රේස් ගිහිල්ල දින්නා වගේ සුපර්ස්ටාර් තරඟ සියල්ලමයි, සරසවි සම්මානයි ඔක්කොම ගනියි. (බ)

:       0       0

ශ්‍රීමාලි Monday, 22 February 2016 02:10 PM

නන්දන පනාගොඩ ඔයාගේ කතාව නම් සම්පූර්ණ ඇත්ත .මෙයා ඒ දවස්වල සින්දු කියන්න ගත්තනම් අපි රුපවාහිනියක් බලලා හරි රේඩියෝවක් අහල හමාරයි.අනික මෙයා ලංකාවේ හොඳම ගායකයාත් වෙයි. හැබැයි දැන් කලේ සින්දු දිහා බැලුවම මේකෙත් වරදක් නෑ. (බ)

:       0       0

රොකී Monday, 22 February 2016 01:52 PM

පවුලේ අනිත් අයගේ කෙරුවාවල් ගැන හිතනකොට නම් මේකත් මුන්නැහෙගේම වැඩක්ද කියන එක විස්වාස කරන්න අමාරුයි. කාපු මකුනත් නොකාපු මකුනත් අතරේ වෙනස හොයන්න අමාරුයිනේ. තරහ වෙන්න එපා කිවුවට! (බ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 22 February 2016 01:30 PM

මෙයා ඒ දවස්වල සින්දු කියන්න ගත්තනම් ඉතින් අනෙක් ගායකයන්ට නිවාඩු යන්න තමයි වෙන්න තිබුනේ අර ඒ දවස්වල රගර් ක්‍රීඩාවට වුනා වගේ. (බ)

:       0       0

ගොඩගේ Monday, 22 February 2016 01:18 PM

රජබල නැතිකළ සුළු මිනිසුන් මෙන්, ඔබලා දැන්නම් දුප්පත් අයමෙන්, කෝපය නොවී දෙවියනි ඔවුනට, දෙනු මැන නැවතත් රජ,බල. අප හට දැක්මට විස්කම් පෙරසේ...(බ)

:       0       0

සුමාල් පෙරේරා Monday, 22 February 2016 01:09 PM

හරිම ලස්සනයි. අපේ සුබ පැතුම්. දේශපාලන කන්නාඩියෙන් නොබලමි. රෝහිතගේ හැකියාව අගයමි (බ)

:       0       0

සමන්-ඇමෙරිකා Monday, 22 February 2016 01:04 PM

මෙහි ගායනය තනුව හා එහි රසය දේශපාලන පක්ෂග්‍රාහිවී බලන අයට පෙනෙන්නේ නැහැ. ඔවුන්ට පෙනෙන්නේ ගායකයාගේ පියා ගේ දේශපාලනය විවේචනය කිරීම පමණයි. (බ)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 22 February 2016 08:27 AM

ඇත්ත. කල් ගිහින් හරි තේරිලා වගේ. (ර)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 22 February 2016 12:26 PM

මෙය අති විශිෂ්ටයි කියන කෙනෙක් කරුණාකරලා කියනවද මෙම ගීතය අති විශිෂ්ටයි කියන්නේ මොකද කියලා. මටනම් හිතුනේ කතාවක් කියනවා වගේ මියුසික් එක්ක (බ)

:       0       0

චාමර Monday, 22 February 2016 12:18 PM

මිලානෝ එලි දක්වල තියෙන්නේ ඔහුගේ හදවතේ තියන පැසවීම සහ සින්දුව අහල ගායකයා ගැන ඔහුට හිතුන දේවලුයි. ඇත්තටම එයින් අපිට රෝහිත හෝ ඔහුගේ ගායනය කෙසේවෙතත් මිලානෝ කවුද කියල පෙනෙනවා. (බ)

:       0       0

සාගර Monday, 22 February 2016 12:21 PM

ඔබගේ හෝ පියාගේ දේවල් හෝ ඔහුගේ අධ්‍යාපනික දේවල් මේවට ගාව ගත යුතු නැත. එසේ ගාව ගන්න අය නියම කුහකයන්ය.ඔවුන් අධ්‍යයාපනය ලැබුවන් විය නොහැක.ඔබේ නිර්මාණය ගොඩක් හොඳයි. ඔබට සුබ පැතුම් (බ)

:       0       0

රන්ජන් Monday, 22 February 2016 11:57 AM

මේ වගේ ගීත දහස් ගණනක් අපේ ගීත අතරේ තිබෙනවා ඒ අතරින් තවත් ගීයක් මේ ගීතයත්. (බ)

:       0       0

කල්‍යානි ජයවික්‍රම Monday, 22 February 2016 11:47 AM

ගල් ශිඛර මැදින් උල්පතක් (බ)

:       0       0

පුෂ්පකුමාර Monday, 22 February 2016 11:31 AM

අර චීන රොකට් එකට සල්ලි ගෙවලා ශ්‍රී ලංකා නම ගැහුවට වැඩිය මේ වැඩේ හොඳයි.සමහරු නම් ගීතය අසා රසඥතාවයෙන් මුසපත් වෙලා වගෙයි. අනික අපේ රටේ ගායකයෙක් වීම අනාගතයේදී දේශපාලනයටත් හොඳ සුදුසුකමක් වේවි. (අ)

:       0       0

චාමර සිල්වා Monday, 22 February 2016 11:01 AM

දුමින්ද කියන්නේ ඇත්ත මේ වගේ දේවල් ලියන්න ගොඩක් අයගේ හොද එකමුතු පවුල් පසුබිමක් නැති අය එකයි මෙච්චර කුහක , අපෙ සුබ පතුම් ඔබ උතුම් පියෙකුගේ දරුවෙක් ඔබට වරදින්නේ නැහැ. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 22 February 2016 11:02 AM

ඔබගේ සින්දුව ලස්සනයි.ඉදිරියට යන්න.ඔබ වාසනාවන්තයෙකි.ජය.(අ)

:       0       0

රිචි බාලසුරිය Monday, 22 February 2016 10:43 AM

දේශපාලන මත අතහැර කියනවනම් , රෝහිත රාජපක්ෂගේ ගීතය අති විශිස්ටය , පවුලේ දේශපාලන ක්‍රමයෙන් බෙහැරව ගී කලාව පැත්තෙන් යනවනම් හොඳ බැබේලෙන අනාගතයක් තිබෙන බව පෙනෙනවා මගේ සුබපැතුම් ඔබට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site