සිදුහත් කුමරුන් මවු කුස පිළිසිඳ ගැනීම, ගිහි ගෙයින් නික්ම යාම, බුද්ධත්වයෙන් පසු බුදුන් වහන්සේ ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් හට ධම්ම චක්ක පවත්තන සුත්‍රය දේශනා කිරීම, ප්‍රථම ධම්ම සංඝායනාව සහ භික්ෂුන් වහන්සේ පෙරවස් පිහිටුවීම යනාදී වැදගත් ශාසනික සිදුවීම් සනිටුහන් කෙරෙන ඇසළ පුන් පොහොය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන සියල්ලකම විශේෂ පින්කම් පවත්වනු ලැබිය.
දවස පුරාවටම පැවැත්වුණ මෙම පින්කම් සඳහා වැඩිහිටි මෙන්ම ළමා සැදැහැවතුන් විශාල වශයෙන් සහභාගීවී සිටිනු දක්නට ලැබුණි.
මෙයට අමතරව වස් අරාධනා පින්කම් ද එදින සවස් භාගයේදී පවත්වනු ලැබිය.
ලන්ඩන් බෞද්ධ විහාරයේ එදින පනහකට වැඩි පිරිසක් අෂ්ඨාංග උපොසත ශීලය සමාදන් වුහ. දවස පුරාවටම බුද්ධ වන්දනා, භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පවත්වනු ලැබිය.
විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන් සංවිධානය කෙරුණ පින්කම් සඳහා විහාරවාසී සියලුම භික්ෂුන් වහන්සේලා සහාය වූ අතර ශ්‍රී ලාංකික මෙන්ම බ්‍රිතාන්‍ය ජාතික විද්වතුන් සහභාගි වූ බුද දහමේ ගැඹුරු තැන් පිලිබඳව බුද්ධිමත්ව කතා බහ කෙරුණු ධර්ම සාකච්ඡාවන්ද පැවැත් විණි.
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධා තිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානයේ දී දහම් පාසලේ ළමුන් සඳහා විශේෂයෙන් සංවිධානය කෙරුණ සිල් වැඩසටහනක් සහ වැඩිහිටියන් සඳහා පොහෝදින වැඩසටහනක් පැවැත්වුණි.
ළමා සිල් වැඩසටහන අවසානයේදී පසුගිය වසරේ කොළඹ තරුණ බෞද්ධ සම්මේලනය මඟින් පවත්වන ලද දහම් පාසල් විභාගයන් සඳහා සහභාගිවූ සිසු සිසුවියන් හට සහතික පත් සහ ත්‍යාග පිරිනැමීමද සිදු කෙරුණි.
මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න සහ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් චන්ද්‍රා මොනාරවල සහභාගී වුහ.
මෙවර සද්ධාතිස්ස විහාරස්ථානයේ වස් වැසීම සඳහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමි, ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමි, මාතලේ විජයවංශ හිමි, බොහින්ගමුවේ රතනජෝති හිමි, වස්කඩුවේ සුබෝධි හිමි, විල්බාගෙදර ඥානිස්සර හිමි, අමිතසාර හිමි සහ නේපාලේ සුමන හිමි ආරාධනා ලැබුහ.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලන්ඩන් නුවර වස් පිංකම්
නාලක Monday, 14 July 2014 07:34 AM
හොඳට තියෙන රටවලට විෂබීජ බෝකරන්න එපා. (නදී)
හසන්ත Monday, 14 July 2014 07:36 AM
බුදු සරණ වේවා! (නි)
සමන්ත Friday, 05 December 2014 03:49 PM
සාධු......සාධු (දී)