(ප්‍රියාණි මංගලිකා )
රස්නායකපුර ප්‍රදේශයට කඩා වැදුණ 10 දෙනකුගෙන් පමණ යුත් වල් අලි රංචුවක් උඩුනව ප්‍රදේශයේ පැසුණු කුඹුරු යාය වනසා තිබේ.
කොරෝනා වසංගත තත්වය මැද ,ආර්ථික ගැටලු වලටද මුහුණ දෙමින් , තම වගාවන් වන සතුන් ගෙන්ද ආරක්ෂා කර ගනිමින්, අනේක විධ දුක් මහන්සියෙන් මෙතෙක් රැකගෙන ,අස්වනු නෙලීමට ආසන්නව තිබියදී ,වල්අලින් මෙලෙස කුඹුරු වගා බිම් වැනසීමෙන් තමන්ට යන එන මං නැති වී ඇති බවද ගොවීහු කියති.
පවතින තත්වයෙන් අඹාල ,අගාරවුඩ ,මොන්නෑකුලම ,ආබොක්කාගම ,දලුපතගම ඇතුලු ගම්මාන රැසකටද මෙම වල්අලි තර්ජන බලපා තිබේ.
මෙම අලි රංචුවේ සිටින දරුණු වල් අලින් වගා බිම් වලට වැදුන පසුව පලවා හැරීමට අපහසු බවද , විවිධ ක්‍රම මගින් අලින් පලවා හැරීමට උත්සාහ කරණ විට පසුපස පන්නා ගෙන එන.බවද , ඒ හේතුවෙන් තම ජීවිතද අනතුරු දායක තත්වයකට ලක්ව ඇති බවද ඔවුහු කියති.
මෙම කුඹුරු යාය ආසන්නයේ ඇති කැලෑව තුල වල් අලින්ට රැඳී සිටීමට හැකි වීම නිසාත් අලි වැට අක්‍රීය වීම නිසාත් ,තත්වය උග්‍ර අතට හැරී ඇති බවද ,මෙම කැලෑ සහිත ඉඩම් හිමිකරුවන් විසින් දිගු කලකින් එලි පෙහෙලි කර නොමැති වීමෙන් එම ඉඩම් මේ වන විට ඝන කැලෑ බවට පත්ව ඇති බවද කියති.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වල් අලි පැසුණු ගොයමක් වනසති