(චාමින්ද දිසානායක)
වැලිගෙපල දිසා රෝහලේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති විම නිසා රෝගීහු දැඩි ලෙස අපහසුතාවට පත්ව තිබේ .
වසර 100ක් පමණ පැරණි මෙම රෝහල 2015 සහ 2016 වසරවලදි ජාතික ඵලදායිතා සම්මාන වලට ද තේරී පත්විණි.
මෙම රෝහලෙන් දිනකට බාහිර රෝගින් 200ක් පමණ ප්‍රතිකාර ලබති. මසකට 300කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබති .
මෙම රෝහල සදහා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියකු ඇතුළු වෛද්‍යවරුන් හත් දෙනකු අනුමත වි තිබුණද මෙහි සිටින්නේ එක් වෛද්‍ය නිලධාරිනියක ,දන්ත වෛද්‍ය නිලධාරිනියක , ලියාපදිංචි වෛද්‍ය නිලධාරිනියක පමණි . සුවිසාල සේවාවක් සපයන මෙම රෝහලට මෙම වෛද්‍ය නිලධාරින් තිදෙනා කිසිසේත් ප්‍රමාණවත් නොවේ.
රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම් ඩස්මන් සුබසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ ‘අපි මේ ගැන ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සමග කතා කරල සහන සේවයක් විදිහට හරි සතියකට වෛද්‍යවරයකු ලබා දෙන්න කියල කිව්වත් ඒක හරියට ක්‍රියාත්මක වුණේ නැහැ.මේ රෝහලේ සේවය කළ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි අනුප්‍රාත්තිකයෙකු නැතුව මුදාහැරිම නිසා වසර දෙකක් පමණ එම පුරප්පාඩුවත් තියෙනවා. අපි මේ ගැන වරින් වර බලධාරින් දැනුවත් කළත් තවමත් සෙතක් වී නැහැ අපි රෝහල් සංවර්ධන කමිටුවෙනුත් තින්දුවක් ගත්තා මේ ගැටළුවට විසදුමක් නොමැති වුණොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා“
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතාව සම්බන්ධ කරගැනිමට උත්සහ කළත් ඔහු මේ දිනවල විදෙස් ගත වි සිටින නිසා සම්බන්ධ කරගැනිමට නොහැකි විය .
සෞඛ්‍ය සේවා කාර්යාලයේ නම හෙළි නොකළ වෙනත් නිලධාරියකු පැවසුවේ මේ ගැන නාමිකව මාධ්‍යයට කිසිවක් පැවැසිමට නොහැකි වුවද අධ්‍යක්ෂකවරයා ලංකාවට පැමිණි විගස මේ ගැටළුව ගැන අවධානය යොමු කර කටයුතු කරන බවයි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැලිගෙපල දිසා රෝහලේ වෛද්‍යවරු හිඟයක්
aravinda Wednesday, 23 August 2017 03:25 PM
අද මෙවැනි ඈත ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන්ගේ හිගයක් ඇත්තේ, අපේ බොහෝ වෛද්‍යවරුන් මෙවැනි ඈත ප්‍රදේශ වල සේවය කිරීමට මැලි වීමයි. බොහෝ විට ඊට හේතු වන්නේ විවාහක වීම, දරුවන්ට පාසල් නොමැති වීම, නිසි නවාතැන් පහසුකම් නැතිවීම වැනි දේයි. මේ හේතු වෛද්‍යවරුන්ගේ පැත්තෙන් බැලූ කල සාධාරන වුවත්, මේ ප්‍රදේශ වල ජීවත් වන ගැමියන්ට තමන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අයිතියක්ද ඇත. මෙවැනි අවස්ථාවක රජය කල යුත්තේ, ඉන්දියාව, නේපාලය වැනි ආසියාතික රටවල වෛද්‍යවරුන් මෙවැනි දුර බැහැර රෝහල් වල සේවය කිරීමට කැමති දැයි සොයා බලා, ඔවුන්ට ඒ අවස්ථා ලබා දීමයි.