විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් විද්‍යාව හා තාක්ෂණවේදය හදාරන සිසුන් සඳහා ජංගම දුරකථන වැඩසටහන් නිර්මාණ කිරීමේ නව ඉ-ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාපෘති ඒකකය යටතේ ක්‍රියාත්මක මෙය සිංහල භාෂාවෙන් සකස් වන ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා ජංගම දුරකථන වැඩසටහන් ව්‍යාපෘතිය වේ.
සිසුන් හට නව තාක්ෂණය යොදා ගෙන විද්‍යාව පහසුවෙන් හා විනෝදයෙන් ඉගෙනීමට ඉඩ සලසා දීම තුළින් විද්‍යා දැනුම ප්‍රචලිත කිරිම මෙහි අරමුණ වෙයි. මෙම ව්‍යාපෘතියේ දෙවැනි ජංගම දුරකතන වැඩසටහන ලෙස සිංහල - ඉංග්‍රීසි විද්‍යා පාරිභාෂික ශබ්ද මාලාව නිර්මාණය කර තිබේ.
මේ සඳහා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති ඒකකය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල විද්‍යා වෙබ් අඩවිය වන “විදු මං පෙත” හි සුවහස් විදු ජාලය නම් අංශයේ ඇති විද්‍යාවේ දී භාවිතා කරන වචන වල සිංහල අර්ථයන් අඩංගු පාරිභාෂික ශබ්ද මාලාවන් සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඇති විද්‍යාව හා සම්බන්ධ පාරිභාෂික ශබ්ද මාලාවන් උපයෝගී කරගෙන ඇත.
මෙම පාරිභාෂික ශබ්ද මාලාව තුළ කෘෂිකර්මය, උද්භිද විද්‍යාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, ගණිතය, භෞතික විද්‍යාව, සංඛ්‍යානය, රසායන විද්‍යාව, පරිසරය, භූ ගෝලය, පුස්තකාල විද්‍යාව, අණුක ජීව විද්‍යාව, භූ විද්‍යාව, පරිගණක විද්‍යාව, හෙද සහ සත්ව විද්‍යාව යන විෂය කේෂ්ත්‍රවලට අදාළ වචන 90,000 කට අධික ප්‍රමාණයක් අඩංගු වේ.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විදු ඇසින් ලොව බලන්න අලුත් වැඩක්