විධායක බලතල අහෝසි කිරීම , මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම,ස්වාධින කොමිෂන් සභා බලාත්මක කිරීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් තමා එදා සිටි මතයේම අදද සිටින බවත් එම කාරණා ඉටු නොවුනහොත් එක්සත් ජනතා සන්ධානයෙන් ඉවත් වී ස්වාධීනව සිටිනවා මිස කිසිම ලෙසකින් එක්සත් ජාතික පක්ෂය හා එක් නොවන බවත් පානදුර නගරාධිපති ගුණතිලක (එ.ජ.නි.ස) මහතා පැවසීය.
සංවිධායක ධුරයක් ලැබ තමන් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය හා සම්න්ධ වන බවට මේ දිනවල පැතිර යන ආරංචි වල කිසිදු සත්‍යතාවයක් හෝ පදනමක් නැතැයිද ඒ මහතා සදහන් කළේය.
පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා ඉදිරි දින කිහිපය තුල එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වන බවටත් හොරණ සංවිධායක ධූරයට පත් වන බවටත් මේ දින වල පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් කල විමසීමේදී එසේ පැවසීය.
ගුණතිලක මහතා මෙසේද කීවේය.
විධායක බලතල අහෝසි කිරීම,මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම,කොමිෂන් සභා බලාත්මක කිරීම සම්න්ධයෙන් අපි ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා.ඒවා කලේ නැත්නම් ආණ්ඩුවෙන් එලියට ඇවිත් ස්වාධීනව කටයුතු කරනවා.එක්සත් ජාතික පක්ෂය සමග එකතු වන්නේ නැහැ.ඊයේ කොළඹ තිබුන සමුලුවටත් අපිට ආරධානා ලැබුණා.ඒත් අපි ඒකට ගොඩ වුණේ නැහැ.
නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරනයටද තරග කල අතර සංචාරක අමාත්‍යධූරය ඇතුළු විවිධ තනතුරු හෙබවූ කළුතර දිශාවේ පරිනත දේශපාලනඥයෙකි.ඒ මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පානදුර නගරාධිපති වු අතර පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයටද තරග කළේය.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සන්ධානෙන් ගියත් එජාපයට යන්නේ නෑ
ලක්මාල් Thursday, 13 November 2014 02:51 AM
හොරණ සංවිධායක කම පුරවන්න මෙච්චර බලන් ඉන්නේ කව්රු හරි එනකන්ද? කරුණාකරලා හොඳ වැඩක් කරන්න පුළුවන් කෙනෙක් හොරණට දැම්මොත් හොරණ හරවන එක අමාරු නැහැ. මොලේ වගේම මිනිස්සු තේරුම් ගන්න ඕනි කෙනෙක්. අර්ජුන එ්කට ගොඩක් ගැලපෙනවා. (නදී)
නාලි Thursday, 29 January 2015 01:51 PM
සිංහලයට මතක තියෙන්නේ දවස් දෙකයි. දැන් රට බෙදුවත් කමක් නැහැ (නදී)
අනුරාධ Wednesday, 07 January 2015 07:57 AM
මේගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයට ඕනේ නැහැ.....(බ)
මෝහම්මෙඩ් Saturday, 06 December 2014 07:36 AM
ප්‍රියන්ත ඔයාගේ කතාව ඇත්ත ප්රභාකරන් පවා කිව්වා අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා කියල මොනවා උනත් කව්රු පැන්නත් අාවත් දිනන්නේ මහින්ද (නදී)
ප්‍රියන්ත පෙරේරා Sunday, 23 November 2014 01:35 AM
ඔය කව්රු ගියත් හින්ද රාජපක්ෂ දිනනවා. එකට ඉදලා බල තණ්හාවට ඔය යන්නේ. එතුමට වෙන්නෙත් සරත් ෆොන්සේකා මැතිතුමාට උන දේමයි. අන්තිමට ඔක්කොම අත ඇරලා පැනල යනවා. දැන් මිනිස්සුන්ට බස් වල බෝම්බ පුපුරපුවා මතක නැහැ (නදී)
රංසිමාල් Wednesday, 19 November 2014 11:18 PM
ඔහොම ගියාම අනිත් අය එයාව පොදු අපේක්ෂකයා විදියට පිළිගනී කියලා හිතුවද දන්නෙ නැහැ නේද? (නි)
දෙව්මිත් Thursday, 13 November 2014 08:24 AM
අනේ අපිට ඕවා කියන්න එපා (නි)
ගාමිණි Thursday, 13 November 2014 06:29 AM
පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ආවත් එක්සත් ජාතික පක්ෂයට වැඩක් වෙනවාද?(හේ)
සත්‍යපාල Thursday, 13 November 2014 05:49 AM
මෙහෙවු රටේ මෙතුමා ගැන අපි කොහොම විශ්වාස කරන්නද? (නි)
කුරුවිට Thursday, 13 November 2014 03:54 AM
ඔහොම දයාසිරිත් කීවනේ මතකද (නදී)
ගමගේ Wednesday, 12 November 2014 03:15 PM
එජාපයත් එතුමා ආවත් බාර ගන්නෙත් නෑ. (නදී)
යාපා Thursday, 13 November 2014 02:16 AM
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ලුම්බිණි Thursday, 13 November 2014 01:35 AM
'විධායක බලතල අහෝසි කිරීම කලේ නැත්නම් ආණ්ඩුවෙන් එලියට ඇවිත් ස්වාධීනව කටයුතු කරනවා. එහෙම නම් කොළඹ තිබුන සමුලුවට යන්න තිබුන නේ. හිනා යන කතා. (නදී)
ලලිත් Thursday, 13 November 2014 12:34 AM
හැමදාම වෙන්නේ ඉන්න කට්ටියම එහාටයි මෙහාටයි පනින එකනේ. මීටවඩා හොඳ නැද්ද ජනතාව කැමති නියෝජිතයින් අරගෙන ජනතා කැමැත්ත දිනාගන්නවා නම්? (නි)
චානක Wednesday, 12 November 2014 10:48 PM
රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ ආර්ථික බරක් නොමැතිව ජීවත්වෙන්න. නමුත් සිද්ධවී තිබෙන්නේ එම ප්‍රශ්න වලට වඩා අපේක්ෂකයා කවුද, තුන්වන වර පුළුවන්ද කියන ප්‍රශ්න රටේ ගොඩගසාගෙන මුදලත් කාලයත් කාබාසිනියා වෙමින් ජනතාවට දුකම උරුමවීමයි... (නි)
චානක Wednesday, 12 November 2014 10:35 PM
ඔය කවුරුත් එකම දේශපාලන සංස්කෘතියක කට්ටිය තමයි. විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
පුණ්‍යසෝම Wednesday, 12 November 2014 04:49 PM
ඒ වුණාට මුලින් යන්නේ නැහැ කියලා කියූ අය ඕනෑතරම් ගිය රටක් මේක......... (නි)
රූපවතී Wednesday, 12 November 2014 04:38 PM
අතු ටිකක් හයියෙන් හොලවපුවාම පලදාව බිමට වැටෙනවා වගේ ? ඔහොම ප්‍රචාරේ ඇරියාම එයාම දන්නවා ටිකක් ප්‍රසිද්දවෙන්න පුළුවන් කියලා, අනේ අපිට මොකද ? (නදී)
ලියනගේ Wednesday, 12 November 2014 04:03 PM
මට නම් මේ කිසි කෙනෙක් කියන කතා විශ්වාස නැහැ (නි)
නොයෙල් Wednesday, 12 November 2014 03:28 PM
සන්ධානේටත් එපා. නිකම්ම ඉන්න එක හොඳයි. (නදී)