හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.
ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.
මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්මි ෂෙරිෆ්, මලිත් ජයතිලක, ශිරාල් ලක්තිලක, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය බී ඒ රත්නපාල, කරුපයියා ගනේෂමූර්ති, ලෙස්ලි දේවේන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි, එම් එස් උතුමා ලෙබ්බේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, එම් එෆ් එම් මුසම්මීල්, ගෙවින්දු කුමාරතුංග සන්ධානයෙන් ජාතික ලැයිස්තුවට ඇතුළු කර ඇති සෙසු පුද්ගලයෝ වෙති.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සන්ධාන ජාතික ලැයිස්තුව
කමල් Monday, 13 July 2015 03:53 PM
හොර සෙට් එක ජාතික ලැයිස්තුවෙන් ගෙනැල්ලා (බ)
තරංග Tuesday, 14 July 2015 04:16 AM
හොදටම කඩේ යන අය මේ මහත්තුරු,,... මල්ලෙන් හෙළුව වහගෙන ...ගෙවිදු රෙද්දක් ඇදගෙනද රංග ල එක්ක එකට ඉන්නේ....(බ)
දිල්රුක් Tuesday, 14 July 2015 02:12 AM
දැන්නම් ඉතින් රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
නිශාන්ත Tuesday, 14 July 2015 12:40 AM
මහින්ද යුගය කියන්නේ කවදත් උගතුන් ගැන විශ්වාස කළ යුගයක් නෙමෙයි. හොඳම උදාහරණය 2010 ජාතික ලැයිස්තුව (නි)
ඉනෝකා Tuesday, 14 July 2015 12:30 AM
මට පෙන්නන්න බැරි අයත් ඉන්නවා ටික දෙනෙක්. අපි දෙන්නම්කෝ අපේ මනාපය ගානට (නි)
යටවත්ත Monday, 13 July 2015 06:33 PM
අපිට නම් ඉතින් දෙවි පිහිටම තමයි! (නි)
රුවන් Monday, 13 July 2015 05:17 PM
ගෙවින්දු කියන්නේ අපි කවුරුත් ආදරය කරන්න ඕනෑ චරිතයක්.ඔහු ඇතුළු සියල්ලන්ම රටේ සුපතල බුද්ධිමත් මිනිසුන් පිරිසක්.ඉතාම හොඳ තේරීමක් (නි)
මාගලී ෆොන්සේකා Monday, 13 July 2015 05:06 PM
නියම කට්ටිය තෝරා තිබෙනවා (නි)
සිංහ Monday, 13 July 2015 04:59 PM
මේ තියෙන්නේ හොඳම ජාතික ලැයිස්තුව කියන නෝනා මහත්වරු ජනතා විමුක්ති පෙරමුණේ ලැයිස්තුව පොඩ්ඩක් බලලා එනවද? (නි)
ධර්මසේන නවරත්න Monday, 13 July 2015 04:17 PM
ඩොක්ටර් බී.ඒ රත්නපාල හොඳ දැනුමක් තියෙන ආයුර්වේද භෞතචිකිත්සක වරයෙක්. ඔහු ලංකාවේ දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දක්ෂයෙක් (බ)
විජේ Monday, 13 July 2015 04:04 PM
හොරු ගොඩක් නෑ වාගේ පෙනෙන්නේ. ඒත් රට කන කට්ටිය ටිකක් වැඩි වගේ නේද (බ)
රනුක Monday, 13 July 2015 12:32 PM
උගතුන් බුද්ධිමතුන් බොහොමයක් ඇතුළත්වීම ගැන සන්තෝෂයි. (නි)
උපේන්ද්‍ර Monday, 13 July 2015 03:53 PM
ඉතා හොඳ තේරීමක්. නමුත් තවත් උගත් අය ඇතුල් කරන්න තිබුන. සීයට 75 සිංහල ලංකා විශ්වවිද්‍යාල උපාධි තියෙන අය දැම්ම නම් හොඳයි (බ)
චන්දිමාල් Monday, 13 July 2015 03:43 PM
මේක දැක්කම් මටනම් හිනා. විශ්ව විද්‍යාලෙදි මරා ගත් ගෙවින්දුයි ශිරාලුයි එකට. අනේ ශිරාල් ජාති වාදියෝ එක්ක එකට ඉන්නේ උඹ රෙදි ඇදගෙනද? (බ)
සමන් Monday, 13 July 2015 03:37 PM
හොඳම ලැයිස්තුවලු. හිනා යනවා (බ)
සුදේශ් Monday, 13 July 2015 03:22 PM
පිටරට ඉන්න සියලුම මහින්ද පාක්ෂිකයන්ට කරන කාරුණික දැනුන්දීම නම් ඇවිත් ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න එතුමාට සහ පක්ෂයට..මේ ඡන්දය වරද්දගත්තොත් සිංහලයාගේ අවසානය ළගදීම..(බ)
රුවන් බී.කොටුවැල්ල Monday, 13 July 2015 03:21 PM
උගතුන් හිටියත් කවුද ඇතුලට එන්නේ .ඇයි ජීවන් . තිස්සට ඡන්දයක් දිනන්න බැරිද (බ)
රෂන් පෙරේරා Monday, 13 July 2015 03:02 PM
හොර තක්කඩි ටික එහෙමම ඉන්නවාලු (අ)
ජයන්ත Monday, 13 July 2015 03:01 PM
අවන්කවම මේ ලැයිස්තුව තමා මම දැකපු හොඳම එක. රටට වැඩක් වේවි. (අ)
හර්ෂිනී Monday, 13 July 2015 02:41 PM
ගෙවින්දු කුමාරතුංග මහතාට අවස්ථාව ලැබීම අගයමි. (ර)
රන්ජිත් - ඩුබායි Monday, 13 July 2015 02:20 PM
සන්ධානයේ ජාතික ලැයිස්තුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විද්වතුන් ගෙන් පිරි එකක්. මෙය දුටුවහම තේරෙනවා අපි ඡන්දෙ දිය යුත්තේ කාටද කියලා. (ර)
රුචිර Monday, 13 July 2015 12:38 PM
තිස්ස අත්තනායක මහතාට අපේක්ෂකත්වය දීමත්, පොළොවේ පයගසා ජීවත්වන විද්වතකු වන ගෙවින්දු කුමාරතුංග මහතාට අවස්ථාවක් දීමත් අගය කරමි! (නි)