‘අද පක්ෂය තහනම් කළොත් හෙට ආයුධ ගන්නවා.‘ යැයි අද (12) පැවැති දකුණු පළාත් සභා රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසීය.
හත්වැනි දකුණු පළාත් සභාවේ තුන් වන සැසි වාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්ව කතා කරමින් සිටියදී මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
මන්ත්‍රීවරයා කතා කරමින් සිටියදී ග්‍රාම සංවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා ඇතුළු ඒ ජී සී පියසිරි, සමන් කුමාර, චම්ලි විතානාච්චි, විජය වීරසිංහ, සම්පත් අතුකෝරල යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දිගින් දිගටම බාධා කරමින් ඝෝෂා කරන්නට වූහ. එහිදී නලින් හේවගේ මහතා සහ එම පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.
සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිස අසූ අට අසූ නවය කාලයේ සිද්ධීන් සිහිපත් කරමින් බාධා කළ අතර එම අවස්ථාවේ ඉතා උද්වේගකරව කතා කරමින් සිටි නලීන් හේවගේ මහතා ‘ඔව් අද පක්ෂය තහනම් කළොත් හෙට ආයුධ ගන්නවා.‘ යනුවෙන් පැවසීය.
පසුව මූලාසනයේ සිටි නියෝජ්‍ය සභාපතිවරයා ඇමතූ නලීන් හේවගේ මහතා තමාගේ දීර්ඝ කතාවේ එවැනි ප්‍රකාශයක් කියවුණ අකර එය මාධ්‍යවල වැරදි විදියට පළ වීමට ඉඩ තිබෙන නිසා එම ප්‍රකාශයට සාධාරණයක් ඉටු කරන දෙන ලෙස ඉල්ලා සිටියේය.
මේ පිළිබඳව කළ විමසීමක දී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීවේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයා කියා ඇත්තේ 1989දී අයුධ අතට ගැනීමට සිදුවූයේ ජවිපෙ තහනම් කළ නිසා බවයි. එසේ නැතිව ඉදිරියේදී ජවිපෙ ආයුධ අතට ගැනීමක් ගැන එම මන්ත්‍රීවරයා කියා නැතැයි ද හේරත් මහතා කීවේය.
‘‘අපේ පක්ෂය 88/89 ත් තහනම් කළා. අද තහනම් කළොත් හෙට ආයුධ අතට ගන්නවා.‘‘යනුවෙන් නලීන් හේවගේ මහතා පැවසූ බව අපේ මාධ්‍යවේදියා කියයි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ජවිපෙ තහනම් කළොත් අවි අතට ගන්නවා‘
වින්සන්ට් Tuesday, 12 July 2016 11:31 AM
එම අවස්ථාවට අනුව මේ ප්‍රකාශය නිවැරදි වුනත්,පක්ෂයේ ඉදිරි ගමනට එය යම් පාඩුවකි. ජ. වී.පෙරමුණ ගැන අද ජනතාව තබා ඇති විශ්වාසය ආරක්ෂා කර ගැනීම එහි ක්‍රියාකාරීන්ගේ වගකීමය. (බ)
වන්නකු ආරච්චි Wednesday, 13 July 2016 02:53 AM
ජවිපෙ ධනවාදී පාලකයන්ගේ ඔඩොක්කුවේ ඉඳගෙන තමයි බොරුවට පීඩිත ජනතාව රවට්ටන්න ඔය වගේ කතා කියන්නේ. මේ ගොල්ලෝ දැන් කරන්නේ මොකක්ද කියලා අපි දන්නවා (නි)
සුනිල් Tuesday, 12 July 2016 04:57 PM
මේවට මොනවගේ උත්තර දෙන්නද කියලා හිතාගන්න බැහැ (නි)
ගාමිණී විජේගුණවර්ධන Tuesday, 12 July 2016 03:46 PM
89 කාලයේ මාගේ හොඳම මිතුරා බේකරියක් කරලා , ඔහු විසින්ම පාපැදියේ පාන් දමා විකුනන්න ගිය අවස්ථාවේ , ජේ වී පි ත්‍රස්තයෙක් ඔහුට වෙඩි තබා මරලා , කොලයක මෙසේ ලියලා ගිහින් තිබ්බ , ජේ වී පි එක එදා සියලු කඩ වසන්ට අණ කළාලු , එහෙත් මගේ මිතුර පාන් විකුණන නිසා මරා දැම්මා , එදා ජේ වී පි කැලේ නිතිය එසේ , ආපහු ආයුධ ගන්නවා කියන්නේ තව කියක් අහිංසකයන් මරන්නද ? (බ)
මනෝජ් - සාජා Tuesday, 12 July 2016 03:16 PM
88,,89 කාලේ දාපු සෙල්ලම් දැන් දාන්න හිතන්න එපා මහත්තයෝ ..රටේ සම්පත් විනාශ කළාට ජේ.වී.පි ය තහනම් කරලා විතරක් මදි. වුන අලාබයත් අය කරගන්න ඕනි..(බ)
සම්පත් - ඩුබායි Tuesday, 12 July 2016 02:28 PM
මෙහෙම පක්ෂ දෙකට රැවටෙනවට වැඩ හොදයි ආයුධ අරගෙන හරි නියමිත පාලනයක් ඇති කරගන්නවා (බ)
අමල් Tuesday, 12 July 2016 01:19 PM
කලිනුත් ආයුද අතට අරන් කොච්චර විනාශයක් කරාද. (හේ)
දමින්ත Tuesday, 12 July 2016 12:19 PM
දුප්පත් මිනිස්සුන්ට බදු බර පටවල තුප්පහි දේශපාලකයෝ සැප වාහන ගනිද්දී ආයුද අතට ගන්න කාලය හරි කියල හිතෙනවා. (බ)
විපුල Tuesday, 12 July 2016 12:17 PM
කවුද අනේ මේගොල්ලන්ට සහාය දෙන්නේ. තමන්ගේ නායකයා එදා මරුනේ කොහොමද කියල දැන් මේ අයට මතක නැහැ. මේක තහනම් කරන්න ඕනේ නැහැ ජනතාව අවසන් ජන්දෙදි දිය කරලයි තියෙන්නේ. (බ)
උපාලි Tuesday, 12 July 2016 12:09 PM
ජ.ව්.පෙ.සහෝදරවරුනි, හීනෙන්වත් අායෙත් එහෙම හිතන්න එපා.71 සහ 89 ඉපදිලා හිටපු නැති ජ.වී.පෙ නායකයෝ අද ඉන්න බැහැ. ඔක්කොම පරණ අය. ඔයාලට අමතක වුනාට අපිට අතීතය මතක් වෙද්දී ඇඟ හිරිවැටෙනවා. ටයර් සෑය ,පිටිපස්සට කටුකම්බි බස්සපුව. ඔලු කම්බි වැටවල. මේ ඔක්කොටම මූණ දුන්නේ අහිංසක පාක්ෂිකයෝ. අවසාන ප්‍රතිපලය මොකක්ද. (බ)
අමිල Tuesday, 12 July 2016 11:54 AM
නියමයි ,බටහිර රටවල් බලන් ඉන්නේ ලංකවේ තවත් සිරියාවක් හදන්න අවස්ථාවක් එනකන් ,ජේවීපී වගේ කට්ටිය තමයි ඒ අයගේ එකම පැතුම (බ)
මලිත් Tuesday, 12 July 2016 11:52 AM
ඔව්, එහෙම පක්ෂ තහනම් කරන්න පුලුවන්ද (බ)
නලින් යහම්පත් Tuesday, 12 July 2016 11:47 AM
දැනටත් සමහරු ජේ වී පි එකේ ආයුධ සන්නද්ධව ඉන්නේ ඡන්ද කාලෙට ඒ අය එළියට බහින්නේ වෙස් මුහුණු බැඳන් , කොහොම වෙතත් ඡන්දයෙන් පත්වන රජයක් පෙරලීමට ආයුධ ආරන් එන්නේ ත්රස්තවාදීන් , ඒ ක්‍රමය අද ලෝකට කාලෙට ගැලපෙන්නෙත් නෙහැ , ආයුධ අතට ගෙන වුණු හරිය අතීතයේ පෙනුනා නේද ? (බ)
ගුණසිරි Tuesday, 12 July 2016 11:42 AM
බොල තරුණයිනි ආරක්ෂා වෙයල්ලා, අපි දන්නවා බොරු විප්ලවවාදින්ගේ තරම. (බ)
රොහාන් Tuesday, 12 July 2016 11:45 AM
අපි ඔබට සහාය දෙනවා. (බ)
හේවා Tuesday, 12 July 2016 09:26 AM
මගේ සම්පුර්ණ සහයෝගය දනින් වැටී මිය යනවාට වඩා දෙපයින් සිට මිය යාමයි (ම)
කුමාර් (ගල්ෆ්) Tuesday, 12 July 2016 11:21 AM
හලෝ තාම උඩුගම්පල මැරිලා නෑ, මතකනේ ඉතිහාසේ නිකන් රටකන්න හදන්න එපා "ජවීපෙ" මහත්වරු. ආයේ ලයට් කණු ගානේ මිනිස්සු ගැටගහ ගහ ඉන්න කාලයක් තවත් ඕනා නෑ නලින් හේවගේ මහත්තයෝ. (අ)
කුමාර Tuesday, 12 July 2016 11:22 AM
හලෝ ආයේ තණකොළ කන්න ලෙහෙස්තිවෙන්න එපා, ඒ දවස්වල තාප්පවල කොළ කොටි ලියා තිබුනා "දනින් වැටී මිය යනවාට වඩා දෙපයින් හිටගෙන මුත්‍රා කිරීම උතුම්ය කියා" (අ)
සෑම් Tuesday, 12 July 2016 10:46 AM
හේවා, ජවිපෙ අදහන අය කැමති විධියකට, දනින් වැටී හෝ දෙපයින් බැරිනම් තනි කකුලෙන් මියගියත් ප්‍රශ්නයක් නැහැ .නමුත් ජවිපෙ අදහස් අනුමත නොකරන අනිකුත් මිනිසුන්ට තියන ජීවත් වීමේ අයිතිය, නැති කරන්න ඔව්නට නැවතත් ඉඩ නොදිය යුතුයි . (අ)
අබරන් Tuesday, 12 July 2016 10:36 AM
මගේ හිතේ ආපහු ගරාජ් බාස් කෙනෙක් වෙන්න හිතේ ඇති .(අ)
තිසර Tuesday, 12 July 2016 10:37 AM
වහල් බව මකා දමා නිවහල් මිනිසුන්ට මිනිසත්කමට සිටිය හැකි සැබෑම ශ්‍රී ලංකාවක් සදහා ඔබ ඇතුළු පිරිස ගෙනයන සටනට අපේ ආශීර්වාදය (අ)
රොහාන් Tuesday, 12 July 2016 10:36 AM
මොනව වුනත් මේ ප්‍රකාශය නම් බරපතල වැඩි නේද, ලොකු ගමනක් ඔයාලට යන්න තියනව මෙහෙම ප්‍රකාශ එ්ගමනට බාධාවක්. (බ)
නිහාල් Tuesday, 12 July 2016 10:33 AM
ඔව් අපි ඔබ සමග, මේ හොරු එළවියහැකි එකම ක්‍රමය මෙයයි (බ)
මධුර Tuesday, 12 July 2016 10:16 AM
ඔව්... ඉතින් ඒකෙ ලොකු දෙයක් නෑ.. අද වෙද්දි ලංකාවෙ ඉන්න මුස්ලිම් අන්තවාදීන් ආයුධ අරන් ඉන්නෙ... හෙට අනිද්දම ඒක දැකගන්න පුලුවන් වෙයි දෙමල බෙදුම්වාදීන් ආයුධ අරන් ඉන්නෙ... උන් අරන් ඉන්නෙ මේ වගෙ කියල නෙමෙයි.. වෙනස තියෙන්නෙ ජ වි පෙ ආයුධ ගන්න යන්නෙ කියල... එච්චරයි. (බ)
ජිවන්ත Tuesday, 12 July 2016 10:05 AM
මගේ සම්පුර්ණ සහයෝගය (හේ)
අර්නෝල්ඩ් Tuesday, 12 July 2016 09:40 AM
පක්ෂ දෙක දෙගොල්ලන්ට ඇඟිලි දික්කර දික්කර ඉන්නවා විතරයි. කරන හොරකන් වලට දඬුවන් නෑ. (හේ)
රොෂාන් Tuesday, 12 July 2016 09:34 AM
අම්මෝ බය හිතෙනවා.(හේ)
මදුරංග Tuesday, 12 July 2016 09:37 AM
මේ අය කියවනවා විතරයි.(හේ)
එච්. ඒ. කුමාර Tuesday, 12 July 2016 09:32 AM
අපි සැවොම සහයෝගය ලබාදිය යුතුය. ධනවාදී පාලකයින් අතු ගා දමා නිදහස් රටක් ගොඩනගන්නට (හේ)