(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන 28 ක අනියම් සේවකයන් 846 දෙනෙකු තමන්ගේ රැකියා ස්ථිර කර දෙන ලෙසටත්, රජයේ රැකියා දස ලක්ෂයේ වැඩ සටහන යටතේ සේවකයන් පළාත් පාලන ආයතන සදහා බඳවා ගැනිම අත්හිටුවන ලෙස ඉල්ලා අද (31) අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරතවුහ.
මෙම අනියම් සේවකයන් පසුගිය 38 වැනි දින සිට සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා සේවයෙන් ඉවත්ව අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටිති.
මෙම හේතුවෙන් උතුරු මැද නගර හා ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ රැසක කැලි කසල ඉවත් නොකිරිමේ හේතුවෙන් ගැටළු රැසක් උද්ගතව තිබේ.
අනුරාධපුර අටමස්ථානයේ හා රජයේ ආයතනවල කැළි කසල ඉවත් කිරිමෙන් ඔවුහු බැහැරව සිටිති.
මෙම අනියම් සේවකයන් විසින් අද (31) අනුරාධපුර මහ නගර සභාව ඉදිරිට පිහිටි මෛත්‍රිපාල සේනානායක මාවත අවහිර කරමින් මාර්ගයේ බිම වාඩිවි සිදුකරන ලද උද්ඝෝෂණය හේතුවෙන් ගමනා ගමනයට දැඩි බාධා එල්ලවුණි.
පොලිසිය මැදිහත්වි වාහන අතුරු මාර්ග ඔස්සේ ධාවනය කිරිමට මෙහිදි පියවර ගැණුනි.
අනතුරුව මෙම අනියම් සේවකයන් පිරිස අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිටින් ඩී.එස්.සේනානායක වට රවුම දක්වා විවිධ පොස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කරමින් ඩී.එස්.සේනානායක වටරවුම දක්වා පා ගමනින් ගොස් නැවත අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිටට පැමිණ යළිත් සත්‍යග්‍රහයට එක් වූහ.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උ‘මැද අනියම් සේවකයෝ පාරට බසිති