(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය පාලකුඩාව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී රසායනික පොහොර බෙදා හැරීමේ දී සිදුව ඇතැ යි කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පාලකුඩාව ගොවි එකතුව සංවිධානය මගින් හලාවත ගොවි ජන සේවා සහකාර කොමසාරිස් වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම ගොවි සංවිධානයේ එම්.ක්‍රිස්ටි පෙරේරා මහතා පවසයි.
ගොවි ජන සේවා මධ්‍යස්ථානයට ලැබුණු සීමිත පොහොර මිටි සංඛ්‍යාවෙන් කොටසක්, කාර්‍ය මණ්ඩලය හා කමිටු සාමාජිකයින් අතර බෙදා ගැනීම හා මින් ඇතැමුන් විසින් පොහොර මිටි වැඩි මිළට අලෙවි කිරීම ද එවැණි අක්‍රමිකතා ලෙස ඔවුහූ ගොවි ජන සේවා කොමසාරිස්වරයා වෙත පැමිණිලි කර ඇත.
ලූණු,මිරිස් උඩ පහත දෙරටේ එළවලු වගාවේ නිරත ගොවීහූ රසායනික පොහොර අර්බුධයකට මැදිව සිටින මේ මොහොතේ විධිමත් ක්‍රියා පටිපාටියකින් බැහැරව පොහොර බෙදා හැරීම නිසා ප්‍රදේශවාසී සියලු ගොවීහූ අපහසුතාවයකට මුහුණ පා ඇතැ යි ඒ මහතා වැඩි දුරටත් පවසයි.
ඒ නිසා මේ පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුහූ සහකාර ගොවි ජන සේවා කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
අප මේ පිළිබදව හලාවත ගොවි ජන සේවා දිස්ත්‍රික් කාර්‍යාලයේ සහකාර කොමසාරිස් ජී.කේ.එස්.පුෂ්ප කුමාර මහතාගෙන් විමසූ වෙමු. ඒ මහතා පැවසුවේ රටේ පොහොර අර්බුදයක් තිබෙන නිසා එවැණි පැමිණිලි විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති බවය.
ඒ නිසා මෙම ගොවීන්ගේ පැමිණිල්ල පිළිබදව නිශ්චිතවම යමක් ප්‍රකාශ කළ නොහැකි බවත් පැමිණිලි සියල්ල පිළිබදව සොයා බලන බවත් ඒ මහතා පැවසුවේ ය.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කල්පිටි ගෙවීන්ගෙන් කොමසාරිස්ට ලිපියක්