(තිලකරත්න දිසානායක, උපාලි රණවීර)
දොම්පෙ ප්‍රදේශයේ පදිංචි තරුණියක් (17) ගණිකා වෘත්තියේ යොදවා සිටි බව කියන ත්‍රිරෝද රථකරුවකු සහ ඊට සහාය දුන් බව කියන තරුණියගේ මව ලෙසින් පෙනී සිටි 55 හැවිරිදි කාන්තාවක් වලාන දුෂණ මර්දන ඒකකය මගින් අත් අඩංගූවට ගනු ලැබ සිටිති.
පොලිස් කණ්ඩායමේ උපාය දුතයකු යොදවා මල්වාන පෙදෙසට අදාළ තරුණිය රැගෙන එන ලෙස දන්වා ඇති අතර මග රැකසිටි පොලිස් නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය නවතා සිදු කළ පරීක්ෂාවේදී එහි සිටි තරුණිය සහ මව ලෙස පෙනී සිට ඇති කාන්තාවගෙන් සහ රියදුරාගෙන් ප්‍රශ්න කොට තිදෙනාම අත් අඩංගූවට ගෙන ඇත.
මෙම තිදෙනාගෙන් තරුණිය සහ 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරා දොම්පේ ප්‍රදේශයේ පදිංචි බවත් මව ලෙස පෙනී සිටි කාන්තාව බියගම පදිංචි බවත් අනාවරණය වී ඇත.
තරුණිය පාසල් යන සමයේ දී 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී මෙලෙස ගණිකා වෘත්තියට යොමු කර ගෙන ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගණිකා ජාවාරමක් මල්වානේදී හසුවෙයි
රාජුන් Thursday, 10 August 2017 01:43 PM
පාසැල් යන දැරිවියක් ගණිකා සේවයේ යොදවලා. මේවගේ වැඩ කරන අයව තමයි එල්ලුම්ගස් යවන්න ඕනි.
ලුම්බිණි Friday, 11 August 2017 03:45 AM
මෙම තරුණිය වරදක් කල බවක් නොපෙනේ. වරද කර ඇත්තේ මව ලෙස පෙනී සිට ඇති කාන්තාව, ත්‍රිරෝද රථකරු සහ මුදල් ගෙවා තරුණිය ලඟට ගිය මිනිසුන්ය. තරුණිය යහ මගට හැරවීම හැමගේම යුතු කමයි.