X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


ජනපති සීදූවේ සංචාරයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සීදූව ප්‍රදේශයේ සංචාරයක නිරතවූයේය. සීදූව දවිසමර විද්‍යාලයේ ඉදිකරන ලද ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සීදූව ශාන්ත මරියා දේවස්ථානයට ගියේය. දෙසැම්බර් මාසයේ දී එම දේවස්ථානය 125 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වෙමින් තිබෙන ආකාරය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එහි පැමිණ සිටි ප්‍රදේශවාසීන් පිරිසක් සමග සුහද කතාබහක ද නිරතවිය.

සීදූව සිරිසුගතාරාම විහාරස්ථානයේ අටවිසි බුද්ධ මන්දිරය සහ බෝධී ප්‍රාකාරය විවෘත කිරීමට සවස් කාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූයේය.

ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහා නායක දවුල්දෙණ ඥාණිස්සර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද ප්‍රදේශවාසී බෞද්ධ බැතිමත්හු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද මේ සංචාරයට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් සිල්වා ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

01(1)

01(2)02(2)

04(1) 07 - Copy 04(2)

09(1)



අදහස් (0)

ජනපති සීදූවේ සංචාරයක

පරාක්‍රම Thursday, 19 November 2015 05:04 PM

ජනාධිපතිතුමා දරුවාව අතගැවා විතරයිනේ, වඩාගෙන ලෝකෙට පෙනෙන්න බොරුවට ඉම්බේ නැතිඑක ලොකු දෙයක්. (ස)

:       0       0

සුසන්ත Thursday, 19 November 2015 05:42 PM

ළමයි අතගාන්න හෙම පටන් අරන් වගේ දැන් සිරිසේනත්..(ස).

:       0       0

නිශාන්ත Thursday, 19 November 2015 07:08 PM

සමහරුන්ට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මෙතුමා දරුවා සුරතල් කළ එක වගෙයි (නි)

:       0       0

ශානක Thursday, 19 November 2015 08:32 PM

දැන් වැඩ කිරීමට කාලයයි (නි)

:       0       0

තිලක් Thursday, 19 November 2015 10:17 PM

ඔබට ජය ජනපතිතුමනි! (නි)

:       0       0

මුනිප්‍රිය Thursday, 19 November 2015 11:51 PM

ඔබතුමාගේ නිහතමානීකම රටේ දියුණුවට ආභරණයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site