(අමදෝරු අමරජිව )
නැගෙනහිර පාළාත් පාසල් සදහා ඉංග්‍රිසි ගුරුවරුන් බදවා ගැනිමට උසස් අධ්‍යාපන ඩිප්ලෝමාධාරින් වෙනුවෙන් පැවැත්වු තරග විභාග අවලංගු කළ නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඒ සඳහා යළි විභාගයක් පවත්වන්නැයි පලාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවට නියෝග කළේය.
ප්‍රශ්ණ පත්‍ර පිටවිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල පරික්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් ආණ්ඩුකාරවරිය මෙම නියෝගය නිකුත් කෙරිණි.
විභාග අයදුම්කරුවන් වෙනුවෙන් ඉංග්‍රිසි මාධ්‍යයෙන් පමණක් විභාගය පවත්වා ඉන් තෝරා ගන්නා අපේක්ෂකයන්ට ලබන ඔක්තෝම්බර් 15 ට පෙර පත්විම් ලබාදි අවසන් කරන ලෙසට ආණ්ඩුකාරවරිය නිකුත් කල නියෝගයේ දැක්වේ.
ප්‍රශ්ණ පත්‍ර සකස් කිරිමේදි එක් එක් විෂයට ප්‍රශ්න පත්‍ර කිහිපයක් සකස් කර එම ප්‍රශ්න අතරින් අවශ්‍ය ප්‍රමාණය තොරාගෙන පලාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව නම් කරන විද්වත් මණ්ඩයකින් අවසන් ප්‍රශ්න පත්‍රය සකස්කල යුතුවේ.
ප්‍රශ්න පත්‍ර සැකසීමේදි හා පිළිතුරු පත්‍ර ඇගයිමේදි පලාත් රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරින් හෝ කාර්ය මණ්ඩල සහභාගි කර නොගෙන මෙම විභාගය පවත්වා ලිඛිත පරික්ෂණයේ ප්‍රතිඵල සැප්තැම්බර් 10 දිනට ලබාදිය යුතු අතර ප්‍රායෝගික පරික්ෂණ වල ප්‍රතිඵල ඔක්තෝම්බර් මාසයේ ලබාදිය යුතුබව කල නියෝගයේ වැඩිදුරටත් දැක්වේ.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නැගෙනහිර ඉංග්‍රීසි ගුරු විභාගය අවලංගු කරයි