(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ ගෝනපොළ පිටවල ප්‍රදේශ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසක නීති විරෝධී මත්පැන් පෙරන බවට ලද තොරතුරක් අනුව වැටලීමේදී නිවසේ වහලේ තනන ලද රහස් කාමරයක් තුළ තිබී මත්පැන් තොගයක් සොයා ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය කියයි.
සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනුණු අතර එම රහස් කාමරය තුළ තිබී නීති විරෝධී මත්පැන් ස්ප්‍රිතු මිලිලීටර් 33750 ක්,බැරල් තුනක බහා තිබූ මිලිලීටර් 53000 ක්,සිලින්ඩරයක් දඟරයක් හා ගෑස් ලිපක් ආදී උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
මොරගහහේන පොලිසියට අනුයුක්ත විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත .
පිටත සිට බලන පුද්ගලයකුට කිසිදු ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි රහස් කාමරය නිවසේ වහලය මත තනා මෙම ජාවාරම වසර එක හමාරක කාලයක සිට සිදු කරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත
අත්අඩංගුවට ගත් සැකකරු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක මෙන්ම වාහන දහයකට අධික ප්‍රමාණයක හිමිකරුවෙකු බව පොලීසිය කියයි. 38 හැවිරිදි සැකකරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිවසේ කසිප්පු ජාවාරම කළ කෝටිපති ව්‍යාපාරිකයා දැලේ