ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර කෙන්වික් බෞද්ධ විහාරස්ථාන භූමියේ දර්ශනීය වෙසක් පහන් කූඩුව අජා බ‍්‍රහ්ම වංසෝ හිමි, ඔස්ටේ‍්‍රලියා පාර්ලිමේන්තී‍්‍ර මන්තී‍්‍ර දොන් රැන්ඩෝල් ඇතුළු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් විවෘත විය. මෙම දර්ශනීය පහන් කූඩුව නිර්මාණය කර තිබුණේ කලාශූරී චන්ද්‍රදාස හේවගේ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම විසිනි. සිදුහත් කුමරු සත් පියුම් මතින් වඬින නිර්මාණය පර්ත් සිංහල පාසල විසින් ඉදිරිපත් කැරිණි.
දෙදිනක් පුරා පන්සල් භූමියේ බත් දන්සලක් ද , අයිස්කී‍්‍රම් දන්සලක් ද පැවැත්විණි. 200කට ආසන්න පිරිසක් පෙහෙවස් සමාදන්ව සිටියහ. සතියක් පුරා ධර්ම දේශනා මාලාවක් ද පැවැත්විණි.
පර්ත් ශ‍්‍ර‍්‍රී ලංකා බෞද්ධ විහාරාධිපති ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන සංඝනායක බේරුවල ශී‍්‍ර සෝභිත හිමිහන්ගේ අනුශාසනා පරිදි මලිඳුව සුගුණසිරි, තලංගල්ලේ රතන , ඇඹුල්අඹේ ඉන්ද්‍රසාර හිමිවරු මේ පිංකමට සහය වූහ.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පර්ත් නුවරත් සදහම් සිසිලෙන් නැහැවෙයි
ප්‍රියන්ත Monday, 26 May 2014 03:46 PM
බුදු දහම ලොව පුර පැතිරේවා (නදී)
ජානක Monday, 26 May 2014 04:09 PM
මේ අවිහිංසා දර්ශනය ඔස්ට්‍රේලියාව තුල පැතිරේවා ! (නදී)
සුරංග Monday, 26 May 2014 06:47 PM
සන්තෝසයි අපේ පන්සල (නදී)
සිරියලතා කෙන්ය Monday, 26 May 2014 07:50 PM
සාදු සාදු සාදු (නදී)
විද්‍යා Monday, 26 May 2014 09:02 PM
පහන දල්වන්නේ අජාන් බ්‍රහ්මවම්සෝ හාමුදුරුවෝ . උන්වහන්සේ තරම් දේශකයෙක් ලෝකේ කොහෙවත් නෑ. ඉංගිරිසි තේරෙනවන නම් එම දේශනා යු ටයුබ් එකේ බලන්න. (අ)
කැනඩා දිසා Tuesday, 27 May 2014 04:26 AM
සාදූ ..සාදූ ..සාදූ ..සියලු මනුෂ්‍ය වර්ගයාට කිසිම බේදයකින් තොරව පුදන වගයි .....මේ බුද්ධ දර්ශනය ....සාදූ සාදූ සාදූ . මෙයට දායක උන සැමටම මේ බව සසරේ සැරි සරනතාක් කල් මේ පින ලැබේවා.....(නදී)
චාත් Tuesday, 27 May 2014 06:09 AM
මේ තියෙන්නේ ලින්ක් එක වෙසක් පහන බලන්න: http://www.youtube.com/watch?v=pqmQUjM5PjQ
බන්දු Tuesday, 27 May 2014 12:10 PM
බේරුවල සෝභිත හාමුදුරුවොත් චන්ද්‍රදාස හේවගේ මහතාත් ඉන්නකම් වෙසක් තොරණත් පින්කමත් හොඳින් සිද්ධ වේවි. මටත් ගිය අවුරුදු දෙකේ පන්සලේ තොරණ හැදීමට උපකාර වන්නත් සිල් ගන්නත් පුළුවන් වුණා. තවද අජාහ් බ්‍රහ්ම වන්සෝ හාමුදුරුවන්ගේ බන ඉතා හොඳයි. එය කාලයට හා අවස්ථාවට ඔබින ලෙස කරන ධර්ම දේශනාවකි. (ස)
කලන Tuesday, 27 May 2014 12:25 PM
ඕස්ට්‍රේලියාව තමයි දැන් ලංකාවේ මිනිසුන්ට ඉතුරු වෙලා තියෙන්නේ, යමු, යමු, නැවක් හොයා ගමු. (ස)
අජන්ත Tuesday, 27 May 2014 02:35 PM
බුදු දහමේ සත්‍යයේ බලයෙන් බුදු සසුන බැබලේවා ! (ස)
සිරි ධම්ම හිමි Tuesday, 27 May 2014 02:36 PM
ගිය වර වගේම සිත් සුවපත් කරන නිර්මාණයක් කළ නාහිමි,චන්ද්‍රදාස, අනුර, සමිතියේ උපාලි, ඇතුළු සැමට තෙරුවන් බලයෙන් මෙවන් දේ කිරීමට හැකිවේවා. (ස)
දිල්හානි Tuesday, 27 May 2014 03:39 PM
වෙසක් සිරිය සෑම වසරකම පර්ත් නුවර අපට දන්වන සෑම දෙනාටම ඉතා පින්! ඒ සියලු දෙනාටම ඉදිරියටත් එවැනි දෑ කිරීමට ශක්තිය හා ධෛර්යය පතමු . (ස)
දුශාන් Friday, 05 December 2014 04:08 PM
රට පුරා පිංකම් (දී)