( තිලකරත්න දිසානායක)
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 263 දෙනෙකු හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන් 1,345 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
එම වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14 ආශ්‍රිතව ඊයේ උදෑසන වනවිට ආසාදිතයින් හමුවීම මිනුවන්ගොඩ - 113 ක්, කටාන - 110 ක්, දොම්පෙ - 109 ක්, වත්තල - 103 ක්, මහර - 88 ක්, බියගම - 81 ක්, අත්තනගල්ල සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 80 දෙනෙකු බැගින් , ජාඇල - 76 ක්, සීදූව - 63 ක්, කැලණිය - 61 ක්, මීගමුව - 53 ක්, දිවුලපිටිය - 40 ක් සහ රාගම - 25 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින් 46 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 31 ක්, බියගමින් - 12 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව තිදෙනෙකු වශයෙනි.
අද උදෑසන වනවිට පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ආසාදිතයින් - 342 දෙනෙකු සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට සැක සහිත රෝගීන් 14 දෙනෙකු ඇතුලත් කොට ඇති අතර රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 452 දෙනෙකි.
දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 35, 129 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,345 ක්
බුද්ධියෙන් හිතන්න ! Thursday, 09 September 2021 01:14 PM
කොරෝනා ආරම්භයේ පටන් රටේ බොහෝ තැන්වල ලවුඩ්ස්පීකර් මඟින් අවට ජනතාවට හිරිහැර වෙන විදිහට ආගමික තැටි වාදනය කලා. මේව සේරම හිතළු බව ඔප්පු වෙලා ඉවරයි. සිංහල බෙහෙත් බඩු කඩවල බඩු කිරාපු මිනිස්සු පවා කොරෝනාවලට බෙහෙත් දුන්නා. තැන තැන ආයුර්වේද රෝහල් , හෙල වෙද මැදුරු පටන්ගත්තා. මේ සේරම කලේ වසංගතය මුවාවෙන් මිනිස්සුන්ගේ මුදල් සූරාගන්නයි.. ඒත් තවමත් මෝඩ මිනිස්සු ඒ පස්සෙන් යනවා..