X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1402 ක්

( තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව  1,18,170 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය 29 වෙනි දින සවස නිකුත් කළ වෙබ් අඩවි වාර්තාවෙහි සදහන්ය.

එදින සවස වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1402 දෙනෙකු හමුව ඇති බවත් මින් 193 ක් වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් එහි සදහන්ව ඇත. 

දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර කොට්ඨාසයෙන්  - 150 ක්,  අත්තනගල්ල  - 140 ක්,  ගම්පහ  - 139 ක්,  බියගම  - 131 ක්,  දිවුලපිටිය  - 116 ක්,  ජාඇල  - 102 ක්,  දොම්පෙ  - 100 ක්,  මීගමුව  - 88 ක්, මීරිගම  - 84 ක්,  කැලණිය  - 63 ක්,  සීදූව  -  34 ක්,  කටාන  - 22 ක්,  රාගම සහ වත්තල කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින්  - 20 දෙනෙකු බැගිනි. 

පැය  24 ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 92 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 69 ක්, බියගමින්  - 18 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 5 දෙනෙකු වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.

දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක කාලය තුල ආසාදිතයින් 598 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 518 දෙනෙකි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 35,814 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
 



අදහස් (1)

පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1402 ක්

සනත් බණ්ඩාර Tuesday, 31 August 2021 02:39 PM

තිලකරත්න දිසානායක මහත්තයා පහුගිය සතියෙ ගම්පහ කොරෝනා රෝගීන්ගේ විස්තර දැම්මෙ නැත්තෙ මොකද? අපි ඒක බලාගෙන තමයි එළියට බහින්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site