X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


පිරවුම්හලකින් හැටන් ඔයට ඉන්ධන මුසු වෙයි

(රංජිත් රාජපක්‍ෂ)
 
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රොසැල්ල කුයිල්වත්ත ප‍්‍රදේශයේ පිහිටා ඇති  පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකින් තමන් පරිහරනය කරන පානිය ජලයට ඉන්ධන මුසුවන බව පවසමින් වතුකම්කරුවෝ පිරිසක් අද (03) එම ඉන්ධන පිරවුම් හල වැටලූහ.

එම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන ස්වල්පයක් බිමට පතිත වන බවත් එම ඉන්ධන පවතින වර්ෂාවත් සමගම ඒ අසලින් ගලා යන මහවැලි ගඟේ ප‍්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ගලා බසින බවත් එම ඉන්ධන පිරවුම්හලේ සේවකයෝ පවසති.

එම ඉන්ධන පිරවුම්හල අසලින් ගලා බසින ඇළ මාර්ගයකට ජලනල යොදා ගනිමින් එම වතුයායේ වතුකම්කරුවන් පානිය ජලය ලබා ගන්නා අතර එම ඉන්ධන පිරවුම්හලේ සහ ඊට යාබදව තිබෙන සංචාරයක හෝටලයක මළ අපද්‍රව්‍යද එම ඇළ මාර්ගයට ජල නල ඔස්සේ මුදාහැර ඇතැයි කියැවේ.

මේ පිළිබදව වටවල පොලිසියට පැමිණිලි කරන ලෙස විරෝධතාකරුවන් හමුවට පැමිණි වටවල පොලිසියේ  නිලධාරීන් පැවසූ අතර ඒ අනුව වතුකම්කරුවන් පිරිසක් වටවල පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුගෙන්  කළ විමසීමකදී පැවසුවේ මෙම ඉන්ධන කාන්දුවට විසඳුමක් ලබා දෙන ලෙස තම ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුට දැනුම් දිමක් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදි වතුකම්කරුවන්ට පිරිසිදු පානිය ජලය ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කරන බවද කළමනාකාරවරයා පැවසීය.



අදහස් (1)

පිරවුම්හලකින් හැටන් ඔයට ඉන්ධන මුසු වෙයි

de silva Sunday, 03 September 2017 09:24 PM

මේක ඇත්තනම් වහාම ඉන්ධන හල හිමිකරුගේ බලපත්‍ර තහනම් කර අවරුදු කිහිපයක් හිර දඩුවම් නියම කරන්න , ඉන්ධන හල් හිමියෝ බොහෝ දෙනෙකු බලන්නේ දවස අන්තිමට ලැබෙන ලාභය ගැන පමණි , පාරිභෝගිකයන්ට ලබාදෙන සේවය ගැන තුට්ටුවකටවත් නොසලකති , සේවකයෝ කරන්නේ මොකක්ද කියල නිකමටවත් සොයා නොබලති . බොහෝ වේලාවට ඉන්ධන හල්වල පොම්ප කිහිපයක් තිබුනත් ඉන්ධන ලබාදෙන එක එක පොම්පයකින් පමණක් කරන අතර ඉතුරු සේවකයන් මුල්ලකට වෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙති , පාරිභෝගිකයෝ අනවශ්‍ය ලෙස විනාඩි 10-15 පෝලිමේ සිටිති , බොහෝ වෙලාවට සේවකයෝ කම්මැලි කම සහ නොසැලකිල්ල නිසා විශාල ලෙස ඉන්ධන භූ ජලයට මිශ්‍රාවේ

:       0       1

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site