එංගලන්තයේ බ්‍රිස්ටල් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය විහාරාධිපති පැල්වත්තේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සංවිධානයෙන් ඉතා අලංකාරමත්ව පැවැත්විණි.
කාඩීෆ්, ග්ලොෂ්ටර්,ස්වින්ඩන්,සවුත්හැම්ටන්,බ්‍රිජ්වෝටර් ආදී නගරයන්හි ජීවත්වන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට හා ප්‍රාදේශීය සුදු ජාතික බෞද්ධ ජනතාව වෙනුවෙන් එංගන්තයේ නිරිත දිග පළාතටම ඇති එකම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය යි.
බ්‍රිස්ටල් නගරයේ පදිංචි පරිගණක ඉංජිනේරු අමිල වාසලතන්ත්‍රී මහතා, චාමනී වාසලතන්ත්‍රී මහත්මිය,සෙනුලි වාසලතන්ත්‍රී දියණිය ඇතුළු පවුලේ සාමාජික පිරිසක් මෙහි ප්‍රධාන දායකයෝ වූහ.
පිටිගල ගුණරතන හිමියෝ ලංකාවෙන් වැඩම කර සිටියහ.
එංගලන්තයේ ලන්ඩන්, බර්මින්ග්හැම්, ඔක්ෂ්පර්ඩ්, ලෙස්ටර්, නොටින්ග්හැම්,ලිවර්පූල් ආදි නගරයන්හි බෞද්ධ විහාරස්තාන වලින් ස්වාමීන් වහන්සේලා දහසය නමක් පමණ එයට වැඩම කළහ.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බ්‍රිස්ටල් කඨිනයට දස දෙසින් එති
වීරසිංහ Thursday, 17 November 2016 09:19 AM
අපිත් මේ පිංකමට ගියා. හරිම ලස්සනයි. අපේ ස්වාමීන් වහන්සේ අපට සම්පතක්. (නි)
අමිල Thursday, 17 November 2016 04:01 PM
ධම්මානන්ද ස්වාමින් වහන්සේ නිසා ලැබුන විශේෂ අවස්ථාවක්. බොහොම හොඳින් කෙරුණු පින්කමක්. (නි)
අශාන් අබේසේකර Friday, 18 November 2016 10:39 AM
අපිත් මේ පිංකමට ගියා. හරිම ලස්සනයි.(ම)
යෝනක Friday, 18 November 2016 04:57 PM
සියළු දෙනාට තෙරුවන් සරණයි! (නි)
ස්වර්ණා Friday, 18 November 2016 04:57 PM
අගනා පින්කමක් කර ඇති බව පෙනුනා. ඔබවහන්සේට මෙවැනි පින්කම් කරන්න තව තවත් ශක්තිය තෙරුවන් සරණින් ලැබේවා! (නි)