(රවින්ද්‍ර ලියනගේ)
මාරවිල දෙමටපිටිය හන්දිය අසල පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විදුලි උපකරණ අළෙවි මධ්‍යස්ථානයක අද (18) අලුයම 2.30 ට පමණ හදිසියේ ඇතිවු ගින්නකින් එම අළෙවිසැලේ තිබු සියලුම විදුලි උපකරණ ගින්නෙන් දැවි විනාශ වි ගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි.
ඇතිවු ගින්න පැය පහකට අධික කාළයක් පැවති අතර මිගමුව මහනගර සභාවේ සහ හලාවත නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ උදැසන 8.00 ට පමණ වන තෙක් ගින්න නිවා දැමිට කටයුතු කළ බව පොලිසිය කියයි.
ගොඩනැගිල්ලේ තිබු සියලුම විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ සියල්ල ගින්නට හසුවි දැවි ගොස් තිබේ. ගොඩනැගිල්ල තුළ රුපියල් කෝටියකට අධික වටිනා විදුලි උපකරණ තිබු බව පොලිසිය කියයි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාරවිල විදුලි උපකරණ අලවිසැලක ගින්නක්
shan saudi Thursday, 18 May 2017 08:32 AM
මේ ආකාරයට දිනෙන් දින ගොඩනැගිලි හා කර්මාන්තශාලා කඩ සාප්පු විවිධ ආකාරයට හා විවිධ හේතුන් මත ගිනි ගැනීම් සිදුවේ මේවා ස්වාභාවිකව සිදුවනවාද? එසේ නැත්නම් රජයේ බදු ගෙවීම් මග හැරීමට සිදු කර ඒ අලාභ රක්ෂණ වන්දි ලෙස ලබා ගන්නවද? යන්න ගැටළුවක් වී ඇත කෙසේ වෙතත් අලාභය සිදුවූ පුද්ගලයා තම පාඩුව රක්ෂණ වන්දි මගින් පියවා ගන්න බව පැහැදිලිය ,මේ කාරණා මෙසේ සිදුවන්නේ නම් රක්ෂණ සමාගම් මේ වෙනුවෙන් යම් ක්‍රියා මාර්ගයක් ලබා ගත යුතුය ,ඒ සදහා රක්ෂණ වර්ග ලබා දීමේදී එම රක්ෂණය කරන ස්ථානයේ ගිනි අරක්ෂක පද්ධති හා විදුලි කාන්දු වලකන විද්ධ්යුත් පාලන පරිපථ හා මෙවලම් මෙන්ම බඩු ගබඩා කරන ස්ථාන වල ස්වයංක්‍රීය කෙමිකල් ෆෝරම් ස්ප්‍රේ පද්ධති තිබීම අනිවාර්ය කලයුතුය. එමගින් විදුලි කාන්දුවක් ගින්නක් කරා යනට පෙර විදුලි විසන්දි වන අතර යන හෙයකින් ගින්නක් සුළු වශයෙන් ඇති වුවද ස්වයංක්‍රීය කෙමිකල් ෆෝරම් ස්ප්‍රේ පද්ධති ක්‍රියාත්මක වීමෙන් ගින්න පැතිරීම හා ගින්න වර්ධනය වීම පාලනය වීම මගින් ජීවිත හා දේපල හානිය අවම කර ගත හැකිය විශේෂයෙන්ම ගින්න වඩාත් පැතිර යන්න උපකරණ හා භාණ්ඩ ගිනි ගැනීමෙනි (රෙදි පිලි , ලී හා ප්ලාස්ටික් ද්‍රව්‍ය )