(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
දිවයින පුරා යතුරුපැදි සොරකම් කොට රන්මාල කොල්ලකන ලද සැකකරුවකු සොරකම් කරන ලද යතුරුපැදි එකොළහක් සමග අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.
පොලිසිය පැවසුවේ සැකකරුවෙකු සමග මෙතරම් යතුරු පැදි තොගයක් අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට මානජ්ජාව පාර පදිංචි 28 හැවිරිදි මීයා හෙවත් රැට් නමින් හඳුන්වන සැකකරුවෙකි.
මෙම සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවිම නිසා අධිකරණ නියෝග මත 2013 වසරේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකර ඇත. එම මධ්‍යස්ථානයේ සිටියදි සැකකරු හබරාදුව පිලාන ප්‍ර දේශයේ පුද්ගලයෙකු සමග සමිප සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන ඇති අතර තවත් පිරිසක් ද මිතුරන් බවට පත්කරගෙන සිටි බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
පසුව පුනරුත්ථාපන මධ්යතස්ථානයෙන් නිදහස්ව පැමිණි පසු සැකකරු හෙරොයින් සඳහා මුදල් සොයා ගැනිමට පිලානේ මිතුරා සමග එක්ව යතුරු පැදි සොරකම් කිරිමටත් රන් මාල කොල්ලකැමටත් පටන්ගෙන ඇත.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා දිවයිනේ විවිධ ප්‍ර දේශවලදී රුපියල් පණස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් යතුරු පැදි එකොළහක්ද හම්බන්තොට, තිස්ස,ගාල්ල ප්‍ර දේශවලදී රන් මාල තුනක්ද කොල්ලකා ඇත.
මේ අතර සැකකරුවන් දෙදෙනා ගාල්ල කලේගාන ප්‍ර දේශයේදී යතුරුපැදියක් සොරකම් කිරිමට සුදානම්වු අවස්ථාවේ ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියකුට ලැබුණ තොරතුරක් අනුව පොලිස් නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට යනවිට පිලාන සැකකරු පලාගොස් ඇති අතර මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරිමේදි පුනරුත්ථාපන කඳවුරේදි හඳුනාගත් නිට්ටඹුව,හබරාදුව,හික්කඩුව,කිරිබත්ගොඩ,හම්බන්තොට,යක්කල,ගල්කිස්ස,මිරිහාන,කොල්ලුපිටිය, ආදි ප්‍ර දේශවලදී පුද්ගලයින්ගේ නිවෙසවල සඟවා තිබු යතුරුපැදි එකොළහක් සොයාගෙන ඇත.
පොලිසිය පැවසුවේ මෙය සැකකරුවෙකු විසින් ලංකාවේ මෙතෙක් සොරකම් කරන ලද යතුරුපැදි වැඩිම ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව බවය.
දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස් පති නුවන් වෙදසිංහ,ගාල්ල ජ්යේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ,යන මහත්වරුන්ගේ උපදෙස් පිට ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශණ අංශයෙ ්ස්ථානාධිපති ප්ර,ධාන පොලිස් පරික්ෂක දිනේශ් නිශාන්ත,උප පොලිස් පරික්ෂක එම්.ටි.ප්‍රියන්ත, උප පොලිස් පරික්ෂක පුෂ්ප කිර් ති,සැරයන් විජිත්(35163) කොස්තාපල්වරුන්වන ගීතප්‍රිය(78828) ජීවන්(71351) අරුණ(63009) ජගත්(77147)) ප්රිජයබන්දු(81731)සඳකැළුම්(35769) අසංග(37716) පොලිස් රියදුරු විරසිංහ(13446) යන මහත්වරු සැකකරු සහ යතුරුපැදි අත් අඩංගුවට ගත්හ.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාල කැඩූ සැකකරු යතුරුපැදි 11 ක් එක්ක මාට්ටු
අනුරුද්ධ Friday, 05 August 2022 07:11 AM
සැකයක් නැහැ... රෝහිත අබේගේ යාලුවෙක් වෙන්න ඇති...!