අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී ලබන ඔක්තෝබරයේ දී පැවැත්වීමට නියමිත ‘වන් යං වර්ල්ඩ් සමිට්‘ යොවුන් නායක වැඩමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාතර රාහුල විදුහලේ ආදි ශිෂ්‍ය රඛිත හේමවර්ධන (22) තෝරා ගනු ලැබීය.
ඔක්තෝබර 15 වැනි දා සිට 19 වැනි දා දක්වා මේ වැඩමුළුවට පැවැත්වීමට නියමිතය.
ලෝකයේ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා ලොව පුරා වෙසෙන දීප්තිමත් තරුණ තරුණියන්ට එක්ව තීරණ ගැනීමට අවස්ථාව සලසා දීම මේ සමුළුවේ අරමුණයි.
ස්වේච්ඡා සේවයට දක්වන කැමැත්ත, අලුත්වන ලෝකය පිළිබඳ දක්වන උනන්දුව, නායකත්ව ලක්ෂණ ආදී මත රඛිත මෙම සමුළුවට තෝරාගෙන ඇත.
ලෝකයේ ළමයින් වෙනුවෙන් කටයුතු කරන ස්වේච්ඡා සංවිධානයක් වන ‘සාමය සදහා දරුවෝ‘ නම් සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ලෙසද රඛිත කටයුතු කරයි.
ඔහු මාතර රාහුල විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය නායකයෙකි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රාහුලේ කොල්ලෙක් ජගත් සමුළුවකට
නිමල් Thursday, 05 June 2014 10:52 AM
මේ තරුණයාට ඇති වෙනත් උසස් අධ්‍යාපන සුදුසුකම්, විශේෂ දක්ෂතා ආදී දේවල් ගැනත් අපි දැනගන්න ආසයි (නි)
සරණ Thursday, 05 June 2014 10:53 AM
උණුසුම් සුභ පැතුම්...!!! මුලු ලෝකයටම වටිනා දෙයක් කරන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)
අශෝක Thursday, 05 June 2014 11:10 AM
ඇයි බය වෙලා වගේ. පපුව කෙලින් තියාගෙන ගිහින් ලංකාවේ වැඩ පෙන්වන්න.(දිල්)
කමිල් Thursday, 05 June 2014 11:32 AM
අපිත් කැමතියි රඛිත ගේ විශේෂ නිපුනතා, අධ්‍යාපන ජයග්‍රහණ ගැන දැන ගන්න. සාමාන්‍යයෙන් ඔවැනි සමුළු වලට තෝරා ගන්නේ එවැනි සුවිශේෂ දක්ෂතා ඇති අයනේ. (ස)
ගමගේ Thursday, 05 June 2014 12:02 PM
ඔබට අපෙන් සුභ පැතුම්! (නි)
මේනක Thursday, 05 June 2014 12:05 PM
මේ මල්ලි දකුණු පළාතේද? (නි)
ජෙහාන් Thursday, 05 June 2014 12:17 PM
ඇත්තටම මේ තරුණයාගේ වෙනත් විශේෂ දක්ෂතා ගැන හැමෝම දැනගන්න එක හොඳයි (නි)
ලලිත් Thursday, 05 June 2014 12:36 PM
ඇත්තටම මම මේ කියන සාමය සහ දරුවෝ කියන සංවිධානය ගැන අහල නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් අපිව දැනුවත් කරන්නකෝ (නදී)
චම්පික Thursday, 05 June 2014 12:39 PM
සාමය සහ දරුවෝ ! ඇත්තටම දකුණු පළාතේ සාමයක් තියනවාද කියලා මම මේ කල්පනා කරන්නේ. (නදී)
පුබුදු ශ්‍යාමික ජයසිංහ Thursday, 05 June 2014 01:15 PM
අයියා රාහුලයට විතරක් නෙමෙයි ලංකාවට විතරක් නෙවෙයි මුලු රටටම අඩම්බරයක්. අයියට තිබුන නායකත්ව ලක්ෂන ඒ කාලේ ඉදලම අපි දැක්කා. මොකද අයියා රාහුල විදුහලේ ප්‍රදාන ශිශ්‍ය නයකයා වෙලත් හිටියනේ. අයියට සුබ පැතුම් (නදී)
නිමන්ත Thursday, 05 June 2014 02:16 PM
ඇත්තටම ලංකාවේ ඉන්නේ මහා කුහක මිනිස්සු. සමහර අය මෙය දකුණු පළාතේ කෙනෙක් හින්දා ලැබිච්ච අවස්ථාවක් විදියට අර්ථ දක්වල තියෙනවා. ඇත්තටම මේකට රජයේ සම්බන්දයක් නෑ. රඛිත කියන්නේ රාහුලේ හිටපු ප්‍රදාන ශිෂ්‍ය නායකයා විතරක් නෙමෙයි එජාප ජාතික යොවුන් පෙරමුකේ මාතර උප සභාපති ඒ වගේම මාධ්‍යවේදියෙක්. වැඩි විස්තර දැන ගන්න ඕනා නම් ගූග්ලේ බලන්න.(නදී)
පාලනී තිගම්බරම් Thursday, 05 June 2014 06:00 PM
සුභ පැතුම් රඛිත! (නි)
දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 14 June 2014 11:22 AM
රාහුලේ කොල්ලෝ එහෙම තමයි ජයවේවා (දී)
නිමල් රාජපක්ෂ Thursday, 28 August 2014 12:59 PM
ලියනගේ ,එය මෙලෙස නිවැරදි කරමු ශ්‍රී ලංකික කොල්ලෝ එහෙම තමයි ,තෑන්ක් ඔබට (අ)