X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රියදුරුට වීර නාමයක් ඉල්ලති

( ප්‍රින්ස් රත්නායක )

බණ්ඩාරවෙල සිට කොස්ගම  දක්වා ධාවනය කරවූ බස් රථය උඩ විහාරගල දී කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවේ අඩි දහසක පල්ලමකට යා නොදී බසය ගලක වැදීමට සලස්වා   ජීවිතය 28ක් බේරා ගත් රියැදුරු  එච්.එම්. කීර්ති බණ්ඩාර  මහතාට වීර නාමයක් ලබා දෙන්නැයි ඔහුගේ ඥාතීහු ඉල්ලති.

මෙම අනතුරින් බණ්ඩාරවෙල ඩිපෝවේ සේවය කළ රියදුරාගේ ජීවිතය අහිමි විය.

තම පවුලේ ත්‍රිවිධ හමුදාවේ සේවය කරන නිලධාරීන් දෙදෙනකු සිටින බව පවසන පවුලේ උදවිය ත්‍රිවිධ හමුදාවල සේවයේ නියුතුව සිටියදී මෙවැනි අවස්ථාවක මෙවැනි ක්‍රියාවක් කළේ නම් වීර විභූෂණ පදක්කම් ලැබෙන නමුත් ඩිපෝවල එවැනි තත්ත්වයක් නොමැති බවත් කියති.

තම සහෝදරයා ජීවිතය පරදුවට තබා ජීවිත ගණනාවක් බේරා ගත් බවත් ඔහු කළ ක්‍රියාව අමරණීය බැවින් එය එය සිහිවීම වෙනුවෙන් වීර නාමයක් ලැබෙනවා නම් සතුටක් බවත් මියගිය බණ්ඩාරගේ සහෝදරවරු සහ බිරිඳ ප්‍රියංගිකා නිල්මිණී පැවසූහ.

 පසුගිය   6 වැනිදා  මාරක අනතුරෙන් මියගිය රියදුරු මහතා වෙනුවෙන් නිවසේ    ධර්ම දේශනයක් ද හත් වැනිදා දහවල් දානමය පුණ්‍යකර්මයක් ද සිදු කෙරිණි.

 



අදහස් (14)

රියදුරුට වීර නාමයක් ඉල්ලති

kap Sunday, 08 October 2017 12:50 PM

මේ වගේ බස්වලට සීට් බෙල්ට් අනිවාර්ය කරන්න ඕනෙ. මෙතුමාගේ වීර ක්‍රියාව කරන ගමන් ජිවිතෙත් බේර ගන්න තිබ්බා සීට් බෙල්ට් පෑලද හිටියානම්. වීර පදක්කම් එක්කම මෙතුමාට මුදල් උපකාරත් කරන්න ඕනෙ.

:       54       337

chandanaMonday, 09 October 2017 04:27 AM

අනේ හිටගෙන යනකොට සීට් බෙල්ට් එක දාගන්නේ බස් එකේ පොල්ලේ එල්ලලද . ඔයා ලංකාවේ කාර් වල යන ආසාවට වත් බස් එකක නොගිය කෙනෙක් වගේ.

:       0       211

SanjeewaMonday, 09 October 2017 04:28 AM

මේ වැදිලා තියෙන වැදිල්ලට මොන සිට් බෙල්ට් ද අනේ.....

:       0       79

nalinTuesday, 10 October 2017 07:19 AM

ලංකාවේ නෙමෙයිද ඉන්නේ? කරුණාකර වීර නාමය දෙන්න. ඒක අත්‍යවශ්‍යයි. අනිත් අයටත් ආදර්ශයක්. අහිංසක ඉල්ලීමක්. දරුවෝ දෙන්න ගැනත් හිතල මොනවා හරි කරනවානම් තමයි හොඳ.

:       0       30

Nuwan Sunday, 08 October 2017 02:52 PM

මැති ඇමතිවරුන් සුපිරි ආරක්‍ෂිත වාහන කෝටි ගණනකට ගන්න රටේ මේ වගේ අතිදුෂ්කර පළාත්වල තාමත් යන්නේ හරියට ගියර් වැටෙන්නේ තිරිංග වදින්නේ නැති පරණ ඉන්දියන් බස් කටු , මෙතුමාට වීර පදක්කමක් දෙන ගමන් සාමාන්‍ය ජනතාවට ආරක්ෂාකාරීව පොදු ප්‍රවාහන සේවයක ගමනක් යන්න තියන අයිතියත් තහවුරුකරන්න , අඩුගානේ අලුත් බස් 100ක් වත් එක්කරන්න

:       0       211

ramani Sunday, 08 October 2017 10:30 PM

මේ ඉල්ලීම සම්පුර්ණ සාධාරණයි. ඒ වගේම මේ අනතුරෙන් ජීවිත අහිමිවූ අනික් දෙදෙනාගේ පවුල් ගැනත් සලකා බලන්න.

:       0       59

Sumana Monday, 09 October 2017 03:22 AM

ඔය ඔක්කොම ජීවිත බේරෙනවා නියම ලෙස නඩත්තු කල බස් රථ සේවයේ යෙදෙව්වා නම්. තිරිංග නියම පරිදි වැඩ කරනවද කියලා කලින් පරීක්ෂා කරන්න ක්‍රම වේදයක් තියෙන්න ඕන.

:       0       178

abaran Monday, 09 October 2017 09:58 AM

ඩිපෝ ඇතුළේ ඉන්නේ උස සිකුරිටි කාරයෝයි කොට කම්කරුවෝ නිසා තමයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ...

:       7       71

riyadura Tuesday, 10 October 2017 04:35 AM

ස්තූති කරාට බොහොම පින් කෙහෙල් මල මගේ ජීවිතේ බේරගන්න මට නිකම්ම කන්දට කැපුන අනෙක් අයත් මගේ ජීවිතේ නිසා ගැල වුණා.... ස්තූති කරන්න ඕන මගේ ජීවිතයට සහ එය ආරක්ෂාවට ඉබේම ක්‍රියාත්මක වූ මොළයට....

:       84       0

janatha anura Tuesday, 10 October 2017 04:38 AM

හත් දවසේ දැනේ දෙන්න ඕන ඕක නඩත්තු කොරන අලස ඉංජිනේරුවට ලංකාවේ නම් බාස් උන්නැහේට ඉංජිනේරුව කරන්නේ ඕට් කොළ අස්සන් කරන එක සහ ළමෝ පාසලට බිරිඳ වැඩට ගෙන යාම පමණි.....

:       0       21

injineruvo Tuesday, 10 October 2017 04:39 AM

බස්‌ රථ වලට තිරිංග අවශ්‍ය නැහැ

:       24       0

vipula Tuesday, 10 October 2017 10:35 AM

වීර නාමය දෙන ගමන් මෙම පවුලේ දරුවන්ට ඉගෙනීම ඉවර වෙනකම් උදවු කරන්න ක්‍රමවේදයක් රජයෙන් ලබා දිය යුතුයි

:       0       2

විජිත් Tuesday, 10 October 2017 10:38 AM

රජයෙන් වීර නාමයක් ඉල්ලලා...මේ ඇත්තම වීරයාට අවමන් කරන්න එපා. ආණ්ඩුවෙන් දෙන " වීර " නාමයට වඩා ලොකු අමරනියම වීර නාමයක් දැනටමත් එතුමාට ලැබිලා තියෙනවා. ඒ හද ගැස්ම හඳුනන දුප්පත් අහිංසක අවංක මිනිස්සුන්ගේ හදවත්වල " ඇත්තම වීරයෙක් " ලෙස මෙතුමාගේ නම අමතක නොවනලෙස " කෙටී " රැඳී තිබීමයි. තම ජිවිතයට වඩා අනුන්ගේ ජීවිතය අගය කල විරයාණෙනි ඔබට නිවන්සුව.

:       0       6

jayath Thursday, 12 October 2017 07:50 AM

කප් නුත් අර යතුරු පුවරුව ඉස්සරහට ගිහින් මොනවා හරි කොටන කෙනෙක්. ෂීට් බෙල්ට් එකකින් දෙන්නේ වෙන විදියේ ආරක්ෂාවක් ඒකෙන් කරන්නේ ගැටුමකදී සුෂුම්නාවට වෙන හානිය වලකන එක air bag එකකුත් සමගම සමහරවිට ඔයා කියන බෙල්ට් එකත් තිබුනානම් පොඩි ගැලවීමක් තියෙන්න තිබුන ( අපේ බස්වල ඔය දෙකම නැහැ නෙව ) අර කාලයකට ඉහතදී ලිබරල් පක්ෂයේ නායකතුමා ගේ අනතුර එහෙම එකක් ඒක නවීන වාහනයක් ෂීට් බෙල්ට් air bag ඔක්කොම වැඩකරලා තිබුන නමුත් එතුමාගේ ජීවිතය නැති වුණා නමුත් මේ වැදිලා තියන විදියට බෙල්ට් එකක් නෙමෙයි 100 ක් තිබුනත් වැඩක් නැහැ. අපට මෙතන ඉඳන් දෙයක් වුණාට පස්සේ කියන්න ලේසියි නමුත් කරන්න අමාරුයි මෙතුමාට කරන්න තිබුන එක දෙයක් තමයි ඔක්කොම සෙනග ටික වම පැත්තට යවල බස් එකේ පැත්තක් කණ්ඩියේ වද්දන්න එහෙම වුණා නම් සමහරවිට මෙතරම් දෙයක් නොවෙන්න තිබුන නමුත් ඔයවගේ වෙලාවට හිතට එන්නේ කලයුතු හොඳම දෙය නොවෙන්න පුළුවන් ඒකයි අවාසනාව මොනදේ වුණත් මෙතුමා ඇත්තටම වීරයෙක් !

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site