පිරිසිදු පානීය ජලය හිඟ උතුරු නැගෙනහිර හා උතුරු මැද පළාතේ වෙසෙන ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමේ ව්‍යපෘතියකට අත දීමට ලන්ඩන් නුවර පිරිසක් ඉදිරිපත්ව සිටිති. " සොඳුරැ සිතැත්තෝ" නමින් මිතුරු හමුවක් පිහිටුවා ගෙන ඒ මඟින් මුලාරම්භයක් ලෙස, මේ වනවිට විටත් රුපියල් ලක්ෂ 14 ක් පමණ වැයකොට එවැනි ජලය පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා තනිවම තම අනුග්‍රහය දක්වා තිබූ හිතමිතුරකුගේ නවතම ව්‍යාපෘතියක් සඳහා උදව් කිරීමට මෙම කණ්ඩායම බලාපොරොත්තු වෙයි.
මෙම සත් ක්‍රියාව පිළිබඳව අදහස් දැක්වූ සොඳුරු සිතැත්තෝ කණ්ඩායමේ චන්දන ගුණසේකර මෙසේ කිවේය " කොළඹ ප්‍රධාන නාවික හමුදා කඳවුරේ ඉංජිනේරු අංශයේ ප්‍රධානියා වූ ඉංජිනේරු කපිතාන් දිසානායක මෙම ජල පිරිපහදු යන්ත්‍රයේ නිමැවුම්කරුවා වේ. එය ඔහුගේ නිර්මාණයකි. චීනයෙන් අවශ්‍ය කොටස් ගෙන්වා එය වැඩිදියුණු කොට සම්පූර්ණයෙන්ම නිමවනු ලබන්නේ ලංකාවේය.
ජල පිරිපහදු යන්ත්‍ර දෙවර්ගයක් ඔහු නිමවනු ලබයි. ට්‍රක් රථයකට සවි කළ ජංගම පිරිපහදු යන්ත්‍රයට ගමින් ගමට යා හැකිය. ළිඳකින්, ඇළකින් හෝ වැවකින් එයට ජලය පොම්ප කොට පිරිසිදු පානීය ජලය සැපයීමට ඇති හැකියාව එය සතුය.
අනෙක් යන්ත්‍රය නම් ගමක, තෝරාගත් තැනෙක, විශේෂයෙන්ම ගම හා පාසල මුල්කොට ස්ථීරවම ස්ථාපිත කරන ජල පිරිපහදු යන්ත්රයයි. මෙය තැනීමට පෙර ඒ සඳහා වූ යන්ත්‍රය තැබීමට සුදුසු බිම, මඩුවක් වැනි ආවරණ සහ නල පද්ධතිය වැනි යටිතල පහසුකම් සම්පාදනය හා ඉන්පසුව නඩත්තුව ආදිය ද අප විසින් සැපයීමට බලාපොරොත්තු වන ආධාර මුදලට ඇතුළත් වෙයි. ඒ සියල්ලම නාවික හමුදාවෙන්ම ක්‍රියාත්මක කරනු ලබන අතර මෙය ස්ථාපිත කරන ගමේ රැකියා විරහිත පුද්ගලයින් සතර දෙනෙකුටද මෙම පිරිපහදුවේ සේවය කිරීම සඳහා ස්ථීර රැකියා මාර්ගද සපයා දීමට හැකිවීම මෙයින් සිදුවන අනෙක් මෙහෙයයි."
මෙම වැඩපිළිවෙල සඳහා ආධාර ලබාගැනීමේ අරමුණෙන් දෙසැම්බර් 17 වැනි දා ලන්ඩන් නුවරදී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ආරාධිතයින් සඳහා පමණක් විවෘත මේ සංගීත සන්ධ්‍යාව මුළුමනින්ම පවුලේ වැඩකි.
ගායකයින්, සංගීත ශිල්පින් සහ ශබ්ද පරිපාලයෙන් සහ අනෙකුත් වැඩ කටයුතු වලින් සහභාගි වන සියල්ලම එසේ කරන්නේ ස්වෙච්චාවෙනි. මෙනිසා එදින එකතුවන සියලුම මුදල් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මාන වල ජීවත්වන අයට පිරිසිදු පානීය ජලය සැපයීමේ ව්‍යපෘතිය සඳහා යොදාගැනීමට හැකියාව ලැබී ඇත.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලන්ඩනයේ සිට සුනිල දිය දහරා ගෙනෙන සොඳුරු සිතැත්තෝ
රසික Saturday, 17 December 2016 04:12 PM
තොරතුරු ලබාදෙන්නේ නම් මැනවි. අපිට උපරිම සහයෝගය දියහැක (නි)