ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි පළමු විදෙස් ශාඛාව පසුගිය 27 වැනි දා ලන්ඩන් නුවරදී ආරම්භ කෙරුණි.
මේ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වෙන්නේ " බ්‍රිතාන්‍යයේ පදිංචි රටට හිතැති මව්බිම වෙනුවෙන් ඉදිරියට බලාපොරොත්තු වූ පිරිසකගේ සහභාගීත්වයෙන්" මෙම ශාඛාව ආරම්භ කරන ලද බවයි.
"නව බලාපොරොත්තුවක් තබමින් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සාමකාමී සහජීවනාත්මක මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් සංවර්ධනාත්මක රටක් දැකීම උදෙසා බ්‍රිතාන්‍යයේ පදිංචි දැයට හිතැති එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින් හට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි ලන්ඩන් ශාඛාවේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති " බවද එහි දැක්වෙයි.
ලන්ඩන් ශාඛාවේ අනුශාසක ලෙස චන්දන සෙනෙවිරත්න පත්කෙරුණු අතර ප්‍රධාන සංවිධායක සහ සම්බන්ධීකාරක ලෙස අනුර මදගෙදරත් සභාපති ලෙස නීතීඥ රානි බුලත්වෙලත්, උප සභාපතිවරු ලෙස තුෂාර රණසිංහත්, ලහිරු අතුරලියද්ද සහ ශ්‍රී ලාල් සොයිසාත් පත් කර ඇත.
නව පක්ෂ ශාඛාවේ ලේකම් වන්නේ නීතීඥ ජෙයරාජ් පලිහවඩනයි. උපලේකම්වරු වශයෙන් චානක දිසානායක සමඟ ප්‍රදීප් සිල්වා පත්වුහ. මාධ්‍ය ලේකම් වන්නේ ඉන්ද්‍රජිත් ගමගේය. ඔහුගේ සහයට උප මාධ්‍ය ලේකම් වශයෙන් චතුර අවන්ත පත්කෙරුණි.
භාණ්ඩාගාරික වශයෙන් මිමී ඒකනායක පත්වූ අතර ජේෂ්ඨ කාරක සභිකයින් ලෙස සුජිත් ගමගේ, සුරංගි එදිරිසිංහ, කාන්ති හේමචන්ද්‍ර, අසංක හේමචන්ද්‍ර, ඩබ්ලිව්. හේමචන්ද්‍ර, සාලිය සල්ගාදු, ප්‍රසාද් රූපසිංහ, ඉන්දික ගුණසේකර, යයිසුරු පෙරේරා, මාලනී රණසිංහ සහ උපුල් ලියනගේ තේරී පත්වුහ.
එදින රැස්වූ සියලුම දෙනා එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවට සම්බන්ධව කටයුතු කළ සහ එහි තනතුරු දැරු අයවීම විශේෂත්වයකි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලන්ඩන් නුවරත් මල් පොහොට්ටුවක් පිපෙයි
ජනක Wednesday, 30 November 2016 09:50 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම සම්බන්ධතාවයක් නොතිබුන කිහිපදෙනෙක් ලන්ඩන් නුවරට පැමිණි හිටපු ඇමතිවරයෙක් හා ජනාධිපති සමඟ මිත්‍රත්වයක් ගොඩ නඟාගෙන ඔවුන්ටත් ඔවුන්ගේ පවුලේ අයටත් ලබාගත් තානාපති තනතුරු, රජයේ උසස් තනතුරු ඇතුළු වරදාන වරප්‍රසාද නව රජය පත්වූ පසු නැතිවීම නිසා ඇතිවූ ශෝකය දරාගන්න බැරුව වෙන්න ඇති මේ අලුත් ශාඛාවක් පටන්ගන්න ඇත්තේ. මෙතන ඉන්න සමහරු 2015 ජනවාරි 9 වෙනිදා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මහපාරේ කඳුලු සලමින් සිටි බව දැක්ක අයත් ඉන්නවා කියලයි අපට නම් ආරංචි වුණේ. (බ)