X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


වයඹ අධ්‍යාපන ඇමැතිට ගුරුවරුන්ගේ විරෝධතා

වයඹ පළාත් අධ්‍යාපන ඇමැතිවරයා හලාවත අධ්‍යාපන කලාපයේ 2017 ගුරුමාරු සම්බන්ධයෙන් කරන මැදිහත්වීම හා අත පෙවීම දැඩි ලෙස හෙළා දකින බව  කලාපයේ ගුරුවරුන් පවසයි.                                                               

වසර 6 ට වඩා එකම පාසලක සිටි ගුරුවරුන්ට මාරුවීම් ලබාදීමට හලාවත අධ්‍යාන කලාපයේ ගුරුමාරු මණ්ඩලයක් විසින් සකසන ලද විධිමත් වැඩ පිළිවෙල ඇමතිවරයාගේ අත පෙවිම් නිසා අවුල් ජාලාවක් වි ඇති බව ගුරුවරුන් පෙන්වා දෙයි.                                                                                                 

අධ්‍යාප බලධාරින් වෘත්තිය සමිති නියෝජිතයන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගෙන් අදහස් යෝජනා මත සකසන ලද ගුරුමාරු වැඩපිළිවෙල නිසා බොහෝ පාසල්වල දීර්ඝ කාලයක් ඉගැන්වීම් හා පරිපාලන කටයුතුවල සිටි ගුරුවරුන්ට එනම් භාණ්ඩාගාරික තනතුරුවල සිටි ගුරුවරුන්ටත් මාරුවීම් ලබා දි තිබුණත් වයඹ පළාත් අධ්‍යාපන ඇමැතිවරයාගේ මැදිහත්වීම නිසා එම බොහෝ මාරුවීම් අවලංගු වි ඇති බව ඔවුහු පෙන්වා දෙති.

කාලයෙන් කාලයට ගුරුමාර ලබාදීමෙන් ඒකාකාරි ඉගැන්විම් රටාවෙන් හා පරිසරයෙන් මිදි අලුත් ස්ථානයක වැඩ කිරිමට ලැබිමෙන් ගුරුවරුන්ට මෙන්ම පාසල්වලටද යහපත් ප%තිළුල ලැබෙන බවත්, කලාපයේ කුඩා පාසල්වලටද , හොඳ දක්ෂ ගුරුවරුන්ගේ සේවය දියුණු පාසැල් හා එක සමානව ලබාදීම මෙම ගුරුමාරු වැඩපිළිවෙලේ අරමුණ වුවත් ඇමැතිවරයාගේ මෙම මැදිහත්වීම නිසා කුඩා අඩු පහසුකම් සහිත පාසල්වලට පැමිණිමට සිටි බොහෝ ගුරුවරුන් ඇමැතිවරයා මාර්ගයෙන් තම මාරුවීම් අවලංගු කරගෙන ඇති බව ඔවුහ පෙන්වා දෙති.

හලාවත කලාපයේ 2017 ගුරුමාරුව නිසා හොඳ ප්‍රතිළුල පෙන්වපු ගුරුවරු විශාල ප්‍රමාණයක් මාරු කරලා තිබුණා. ඒ වගේම පාසැල්වල අධ්‍යාපන නගා සිටුවීමට වැඩ කරපු ගුරුවරුන්වත් මාරු කරලා තිබුණා මට බොහෝ විදුහල්පතිවරුන් දෙමාපියන් ඇවිත් පැමිණිලි කරලා තිබුණා.                                                                                

ඉතින් මමත් ඒ ගැන සොයා බලා එම ගුරුවරුන්ගේ මාරුවීම් අවලංගු කිරිමට උපදෙස් දුන්නා. මොකද කලාපයේ ප්‍රතිළුල පෙන්වන්න ඕනේ. අධ්‍යාපනයේ දියුණුව පෙන්විමේ වගකීම තියෙන්නේ මට ඔය වෘත්තිය සමිති හෝ ගුරුවරුන් කීවාට එහෙම හැමදේම ඒ අයට ඕනේ විදියට කරන්න බෑ. කලාපයේ අධ්‍යාපනය ගැන හිතලයි මේ පියවර  ගත්තේ යනුවෙන් වයඹ පළාත් අධ්‍යාපන ඇමැති සන්ද්‍යා කුමාර රාජපක්ෂ මහතා පැවසීය.

 

 

               

       

 

 

 



අදහස් (0)

වයඹ අධ්‍යාපන ඇමැතිට ගුරුවරුන්ගේ විරෝධතා

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site